Fitness Health

උදේට මෙහෙම නැගිටින්න… දවස හොඳින් ගෙවන්න

01. ඔබගේ ශරීරයට කොපමණ නින්ද අවශ්‍යද කියලා තේරුම් ගන්න

ඔබ දවසේ සිදු කරන කාර්යන් අනුව ඔබට නින්ද කොපමණ අවශ්‍යද කියලා ඔබම තීරණය කරන්න. ඔබ රත්‍රියට බොහෝ වෙලාවක් අවදියෙන් වැඩ කටයුතු කලා නම්, එසේත් නැත්නම් ඔබ අධික ලෙස දවසේ වැඩ නිසා මහන්සියෙන් නම් ඉන්නේ ටිකක් විතර වැඩිපුර නිදා ගන්න. මේ නිසා ඔබ ඔබට නින්ද කොපමණ කාලයකට අවශ්‍යද යන්න තීරණය කරන්න.

02. ටිකක් කලින් ලැහැත්ති වෙන්න

ඒ කියන්නේ ටිකක් කලින් නින්දට සුදානම් වෙන්න කියලා. ඔබ නිදාගන්න වෙලාවටම ඇදට යන්න එපා. ටිකක් විතර කලින් ඇදට යන්න. හොදින් ඇඟ සෝදාගෙන නිදාගන්න සුදානම් වෙන්න. ඇඳට ගිහින් ඔබට පුළුවන් ඔබ කැමතිම සින්දුවක් අහන්න එහෙමත් නැත්නම් ඔබ කැමති පොතක් කියවන්න. ඇත්තටම මේ වෙලාවේ ඔබ කරන්න ඕනි ඔබගේ මනස හොඳින් සැහැල්ලු කර ගන්න එක තමයි.

03. ඉර එලියට එන්න දෙන්න

ඔබ නිදාගන්න පෙර ඔබගේ නිදන ඇද ළගට උදැසන ඉර එලිය වැටීමට සලස්වන්න.ඔබට පුලුවන්ක ර්ටන් එක මදක් විවෘර්තව තබන්න. මේ විදිහට උදෑසන ඉර එළිය ක්‍රමයෙන් ඔබට වැටෙන විට ඔබ කිසිම කම්මැලිකමකින් තොරවම අවදි වේවි. දවසම ෆ්රෙශ්ව ඉන්න මෙය හේතුවක්.

04. වැඩ කරන්න බලාගෙන ඇහැරෙන්න එපා

ගොඩක් දෙනෙක් ඇහැරෙන්නෙ, ඉක්මනට නැකිටලා ඔෆිස් යන්න එහෙමත් නැත්නම් උයන්න බලාගෙන. නමුත් ඔබ ටිකක් කලින් ඇහැරෙන්න. ඇහැරුන ගමන් වැඩ කරන්න එපා. ඔබට පුළුවන් ටිකක් භාවනා කරන්න. උදැසනම ලබන මෙම ආධ්‍යාත්මික සුවය ඔබගේ දවසම සාර්ථකව වෙන්න ඉතාමත් වැදගත් වේවි.

05. එලාම් එක තියන්න

ඔබ අවදිවීමට සැලසුම් කල වෙලාවට අනුව එලාම් එක තියන්න පුරුදු වෙන්න. ඔබට මෙය විනාඩි 15ක් විතර කලින් තියන්න පුළුවන් නම් හොදයි. මේ අමතර විනාඩි පහළව වෙන් කර ගන්නේ තව ටිකක් වෙලා නිදා ගන්න නම් නෙවේ. ඔබ අවදි වෙලා ටිකක් විතර නිදහසේ කාලය ගත කරන්න.

06. ඔබ කැමතිම දේ කරන්න

ඔබ අවදි වෙලා ඇදේ ගත කරන කාලය තුල ඔබට පුළුවන් ඔබ වඩාත් ප්‍රිය කරන දෙයක නිරත වෙන්න. ඔබ කැමති ගීතයක් අසන්න. එහෙමත් නැත්නම් ඔබ පෙර දිනයෙහි අසාවෙන් කියවපු පොත නවත්වපු තැන ඉදන් කියවන්න පටන් ගන්න. මේ තුළින් සාර්ථකව ඔබගේ දිනය අරඹන්න ඔබට හැකියාව ලැබෙනවා.

07. හොඳින් හුස්ස්ම ගන්න

උදෑසන අවදි වී හොඳින් හුස්ම ගැනීමට පුරුදු වෙන්න. ඔබ මෙය මිනිත්තු 10ක් පමණ කල යුතුයි. ඔබ ගැඹුරු හුස්මක් ගෙන එය මද වෙලාවක් තබා පිට කරන්න. මෙය තුලින් ඔබගේ මනසට වගේම කයටත් මනා නිරෝගී භාවයක් ලැබෙනු ඇත.

08. ඇවිදින්න යන්න

උදැසන අවදි වූ පසු ඔබ කරන්න ඕන දෙයක් තමයි පාන්දරම ඇවිදින්න යන එක. මෙය ඔබගේ දවසේ වැඩ කටයුතු මනා සමබර තාවයකින් කිරීම සඳහා ඔබට ඉතාම වැදගත්.