Food Health Health Guide

ඔබේ ශරීරයේ මේ ලක්ෂණ තියෙනවාද ? එහෙනම් ඔබට ප්‍රෝටීන් අඩුයි

මිනිස් සිරුරේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය ඇමයිනෝ අම්ලා 20 න් 11ක් ම නිෂ්පාදනය කර ගත යුතු වන්නේ මිනිස් සිරුර තුලමයි. ඉතිරි 09 ම ලබා ගත යුත්තේ බාහිරින් ආහාර ලෙසයි. ඔබේ සිරුරට අවශ්‍ය නිසි ප්‍රෝටීන් ප්‍රමාණය ඔබ ලබා නොගන්නේ නම් සෞඛ්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්. ඔබේ සිරුරේ ප්‍රෝටීන් අඩු නම් මෙන්න මේ ලක්ෂණ දැක ගන්න පුළුවන් වේවි. ඔබටත් මෙවැනි ලක්ෂණ ඇත්නම් සමහරවිට ප්‍රෝටීන් හිඟ නිසා වෙන්න පුළුවන්. එවිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය වෙනවා.

නිතර දැනෙන කුසගින්න

සමහරවිට ඔබට නිතර කුසගිනි දැනෙන්නේ ප්‍රෝටීන් හිඟතාවක් නිසා වෙන්න පුළුවන්. එවිට ඔබ කරන්නේ නිතර නිතර කෑම ගන්න එක. ඒ නිසා ඔබේ ශරීරය මහත් වී වෙනත් ගැටළු ඇති වෙන්නත් පුළුවන්.

නිතර ඇති වෙන මස්පිඬු වේදනාව

ඔබේ සිරුරේ නිතර අධික මස්පිඬු වේදනාවක් දැනෙනවා නම් එය ප්‍රෝටීන් අඩු කමේ ලක්ෂණයක් විය හැකියි. එසේ වන්නේ ප්‍රෝටීන් හිඟ නිසා මස්පිඬු අධික ලෙස වෙහෙසට පත් වීම හේතුවෙන්.

තුවාල සුව වීමට කල් ගත වීම

සිරුරේ නව සෛල ඇතිවීමට හා සම නැවත නිර්මාණය වීමට ප්‍රෝටීන් වැදගත් සාධකයක් . ඉතින් සිරුරේ ප්‍රෝටීන් හිඟ වුණාම තුවාල සුව වෙන්න කල්ගත වෙනවා.

හිසකෙස්, සහ නියපොතු කැඩී යාම හා සම කොරල ස්වභාවයක් ගැනීම

ඔබේ සිරුරේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩු බව දැකිය හැකි ලක්ෂණ තමයි නිතර හිස කෙස් කැඩී යාම, නියපොතු කැඩෙන සුළු වීම වගේම ඔබේ සමේ කොරල ගතිය වැඩි වීම.

සිරුරේ දියරමය ස්වභාවය වැඩි වීම

එය දැනෙන්නේ ඔබේ පාදයේ වළලුකර ප්‍රදේශයටයි. වළලුකර, පාදය නිතර වේදනා ගෙනදෙනවා නම් එයට හේතුව ප්‍රෝටීන් ඌනතාව වෙන්න පුළුවන්.

නිතර නිතර අසනීප වීම

ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය සාධකයක්. ප්‍රෝටීන් හිඟ වූ සැනින් ඔබේ ප්‍රතිශක්තියට එය බලපානවා. එවිට වෛරස් , බැක්ටීරියා ආසාධන නිතර ඇති වෙන්න පුළුවන්.

මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම

නිතර ඔබේමානසික ඒකාග්‍රතාව බිඳ වැටෙනවා නම්, මානසික අසහනය ඇති වෙනවා නම් එය ප්‍රෝටීන් ඌනතාවයේ ලක්ෂණයක් විය හැකියි.

ඔබේ මේ සියලු ගැටළු වලට විසඳුම් ලෙස නිසි සමබර පෝෂණයක් ලබා ගත යුතු වෙනවා. ඔබේ සිරුරේ බරෙන් රාත්තලකට ග්‍රෑම් 0.36 ක ප්‍රමාණයක් දිනකට ප්‍රෝටීන් ලබා ගත යුතු වනවා. ඔබ රාත්තල් 150 ක් පමණ බර නම් දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 55 ක් පමණ අවශ්‍ය වෙනවා.
බිත්තර, මස්, පලතුරු, එළවලු,ඕට්ස්,සෝයා සහ කිරි වර්ග තුල ප්‍රෝටීන් අන්තර්ගතයි. ඒ වගේම අතිරේක ආහාර ද ලබා ගන්න පුළුවන්. අතිරේක අහාර න වෛද්‍ය උපදෙස් අනුව ලබා ගැනීම සුදුසුයි.