News

ආසිරි AOI පිළිකා සත්කාර මධ්‍යස්ථානයේ උසස් ප‍්‍රතිකාර ක‍්‍රම ජිවිතයට බලාපොරොත්තු ගෙනදී ඔබ සතුටින් ජිවත් කරවයි

පිළිකා රෝගය ලෝකයේ සිදුවන මරණ වලට හේතුවන ප‍්‍රධානතම හේතුන් 10 අතර ඉහළින්ම පවතින හේතුවක් වන අතර විද්‍යාව සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් වඩාත් පර්යේෂණ කරන ලද විෂයයක් වේ. එම`ගින් අද වන විට පිළිකා සුවපත් කිරීමට හැකියාව ඇති බවට සුභවාදී ප‍්‍රතිඵල ලඟා කර ගෙන ඇත.

ඒ අනුව ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිකා රෝගීන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප‍්‍රතිකාර හා සත්කාර ලබා දීම උදෙසා ආරම්භ කරන ලද්දේ, ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා ප‍්‍රතිකාර සේවා පිලිබඳ ජාත්‍යන්තර ආයතනය (CTSI) හි ප‍්‍රමුඛතම ජාත්‍යන්තර මධ්‍යස්ථානය වන ඇමරිකානු ඔන්කොලොජි ඉන්ස්ටිටියුට් (AOI) සමඟ සහයෝගීත්වයෙනි. එමගින් පිළිකා රෝගීන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රතිකාර නවීන තාක්ෂණය භාවිත කරමින් උසස්ම තත්වයෙන් ලබා දීමට ආසිරි AOI) පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය කැප වී සිටි.

ශ‍්‍රී ලංකාවේ උසස්ම, පුළුල් හා දියුණු පිළිකා ප‍්‍රතිකාර ඒකකය, ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර ඔවුන් රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවන් සහ උපකාරක සේවා, උසස් මට්ටමේ ප‍්‍රතිකාර ක‍්‍රමවේද, සහ සානුකම්පිත සේවාවක් ලබා දීමේ අවශ්‍යතාවය අවබෝධ කරගෙන සිටී.

පිළිකා රෝගය ජීවිතය වෙනස් කරන රෝගී තත්වයක් වුවද, ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝගීන්ට ජීවිතය පිළිබඳව නව බලාපොරොත්තු ගෙන ඒම සඳහා විද්‍යාවේ සහ නව තාක්ෂණයේ මහිමය යොදා ගනිමින් ප්‍රතිකාර සිදු කරනු ලබයි. රෝගීන්ට ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ශ‍්‍රී ලංකාවේ උසස්ම හා අති නවීනතම රේඛීය ත්වරණ තාක්ෂණය (state-of-the-art linear accelerator technology) භාවිත කර සිදුකරන විකිරණ ප‍්‍රතිකාර මගින් ඉතා නිරවද්‍ය ලෙස අනෙකුත් නිරෝගී පටක විනාශ නොවන පරිදි පිළිකා කාරක සෛල විනාශ කරමින් ප්‍රතිඵල ලබා දිය හැකි බව පර්යේෂණ වලින් සනාථ කර ඇත.

ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානයේ ඇති විකිරණ ප්‍රතිකාර සඳහා භාවිත කරන නවීනතම තාක්ෂණය රැගත් TrueBeam STx යන්ත‍්‍රය මගින් මෙරට පිළිකා සත්කාරක සේවාව අද්විතීය තත්වයට උසස් කරලීමට සමත්ව තිබේ. TrueBeam STx අනෙකුත් යන්ත‍්‍රවලට වඩා දෙගුණයක් වේගයෙන් ප‍්‍රතිකාර ලබා දිය හැකි අතර එහි අසමසම නිරවද්‍යතාවයත්ල කාර්යක්ෂමභාවයත්, රෝගියාට ඇති විය හැකි අතුරු බලපෑම් අවම වීමත් නිසා ගුණාත්මක උසස් සත්කාරයක් එමගින් රෝගීන්ට ලබා ගැනීමේ අවකාශ හිමිවේ.

ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානයේ ඇති විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා පෙට්රැුසීටී ස්කෑන් (PET/CT Scan) සහ සීටී සිමියුලේෂන් ස්කෑන් (CT Simulation Scan) යන ක්‍රම දෙකම එකවර භාවිත කිරීමේ පහසුකම ඇතග මෙලෙස ලබා ගන්නා CT ප්‍රතිබිම්බන දිවයිනේ පවතින කිසිදු විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක් සතු නොවන තරම් තියුණු හා පැහැදිලි බවකින් යුක්ත වීම තවත් විශේෂත්වයකි. ඒසේම මධ්‍යස්ථානයේ MRI පද්ධතිය සහ Gamma Camera පද්ධතිය මගින් මෙම සේවාවන් තවත් උසස් මට්ටමට ගෙන එනු ලබයිග මෙලෙස රෝගියාට ප්‍රතිකාර සිදු කිරීමට ප්‍රථම ත්‍රීමාණ ලෙස විකිරණ චිකිත්සාවේ නිරවද්‍යතාවය පරික්ෂා කිරීමේ සේවාව ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානය ලබා දෙන තවත් සුවිශේෂී සේවාවකි.

ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී රෝගීන්ට ප‍්‍රතිකාර ලබා දීමට පෙර රෝගීන්ගේ රෝගී තත්වයන් පිළිබඳව නිවැරදි හා පරිපූර්ණ රෝග විනිශ්චය සහ පරීක්ෂාවන් සිදු කරනු ලබයි. එහිදී හයිද්‍රාබාද් AOI හි මධ්‍යගත ප‍්‍රතිකාර සැලසුම් ඒකකය විසින් ආසිරි AOI පිළිකා ප්‍රතිකාර වෛද්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡුා කර අදාළ ප‍්‍රතිකාර මාත‍්‍රාවන් තිරණය කිරීමටද පහසුකම් සලසා ඇත.

ආසිරි AOI හි පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ෂාම ගුණතිලක මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසිය.”ප‍්‍රතිකාර සැලැස්ම අනුමත වූ විගසම අපි රෝගියාට ප‍්‍රතිකාර කරන්නේ නැහැ. ප‍්‍රථමයෙන්ම අත්හදා බැලීමක් සිදු කරනු ලබනවා. එහිදී ප‍්‍රතිකාර මාත‍්‍රාව බෙදා හැරීම සහ සැලසුම් ගැලපීම සිදුකරනු ලබන අතර එය සියයට 90කට වඩා ගැලපිය යුතු වනවා. මෙම කාර්යය තත්වසහතික පරික්ෂා කිරීමක් මගින් භෞතික විද්‍යාඥයින් සහ විකිරණ චිකිත්සක විශේෂඥයින් විසින් සිදු කරනු ලබයි.

‌මෙවැනි ක්‍රමවත් ක‍්‍රියාවලියක් අනුගමනය කරන රටේ එකම මධ්‍යස්ථානය ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානය පමණක් යැයි පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ෂාම ගුණතිලක මහතා, වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”ප‍්‍රතිකාර කිරීමට පෙර අපගේ දක්ෂ හෙද කාර්ය මණ්ඩලය රෝගියාගේ වැදගත් ලක්ෂණ , හෘද ස්පන්දනය, රුධිර පීඩනය, ශරීර බර, විඩාබර ගතිය යනාදිය පිළිබඳව සැලකිලිමත් වෙමින් දෛනිකව අධික්ෂණය කරනු ලබනවා . එහිදී සැලකිය යුතු වෙනස්කම් තිබේ නම් ප‍්‍රතිකාර ලැබීමට ප්‍රථම විශේෂඥ වෛද්‍යවරයාව දැනුවත් කරනවාග මෙලෙස රෝගීන්ගේ සෞඛ්‍යට මුල් තැන දෙමින් වඩාත් සුවදායි උසස් සේවාවක් ලබාදෙන ලංකාවේ එකම පිළිකා ප්‍රතිකාර සපයන්නා ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානයයිග

ආසිරි AOI හි රෝගීන්ට වඩාත් නිවැරදි කාර්යක්ෂම ප‍්‍රතිකාර ලබා දීමේදී නවීන තාක්ෂණයෙන් අනූන රොබෝ සයනයක් භාවිත කරයි. මාන හයක් ආවරණය වන පරිදි ප‍්‍රතිකාර ලබා දීමේ හැකියාව ඇති අතර, රෝගියාගේ ශරීරයේ ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය ස්ථානයට නිවැරදිව හා සෘජුව ප‍්‍රතිකාර කිරීමට හැකි අකාරයෙන් මෙම සයනය මත සිටින රෝගියා හැසිර වීමේ හැකියාව ඇත. එමගින් රෝගියාගේ ශරීරයේ නිරෝගී පටක වලට හානි සිදු නොවන ආකාරයෙන් ප‍්‍රශස්ත ප‍්‍රතිකාර ලබා දීමේ උසස් හැකියාව මෙම යන්ත්‍රය සතුය.

විකිරණ ප්‍රතිකාරයට රෝගියා යොමු වීමට ප්‍රථම රෝගියාගේ අනුමැතිය හා දැනුවත්භාවය ඉතා වැදගත් සාධක වන අතර එම දැනුවත් කිරීම් සහ ඔහුගේ හෝ ඇයගේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම ප‍්‍රතිකාර සඳහා රෝගීන් මානසිකව සූදානම් කිරීම මධ්‍යස්ථානයේ උපදේශකවරුන් විසින් සිදු කරනු ලබයි. විකිරණ ප්‍රතිකාර සිදුවන කාලපරිඡේදය තුළදී ද රෝගියා මෙන්ම ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින් සමග ද ආසිරි ්ධෂකාර්ය මණ්ඩලය ඉතා සුහදශීලීව කටයුතු කරයි.

මෙහිදී ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානය, සංකීර්ණ පිළිකා සදහා ජාත්‍යන්තර පිළිකා මණ්ඩලයක් සමඟ සාකච්ඡ කිරීමේ හැකියාව ද සතු වේ. මෙහිදී විදේශීය පිළිකා ප්‍රතිකාර විශේෂඥයින් සමග සාකච්ඡාකර නිගමන වලට එළඹිමේ අවස්ථාව සලසා ඇතග උසස් ගුණාත්මක ප‍්‍රතිකාර සේවාවක් ලබා දීම සඳහා අද්විතීය සැලසුම් ක‍්‍රියාත්මක කරන ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානය විකිරණ ප‍්‍රතිකාර, ශල්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර, සායනික ප‍්‍රතිකාර, රසායනික චිකිත්සාවන් සහ රෝග නිවාරණ සත්කාරක සේවා සපයනු ලැබේ.

පිළිකාව නම් වූ ප්‍රතිවාදියාට එරෙහිව සටන් කරන සෑම පුද්ගලයෙක්ම ශක්තිමත් බව ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානය අවබෝධ කර ගෙන සිටී. එම නිසා සෑම පිළිකා රෝගියෙකුගේම ජිවිතයට බලාපොරොත්තු එක් කරමින් ඔවුන්ගේ ජීවිතය රැුක දීම උදෙසා පළපුරුදු සහ දක්ෂ පිළිකා විශේෂඥයින් ඇතුළු දක්ෂ හෙද කාර්ය මණ්ඩලය, භෞතික විද්‍යාඥයින්ල විකිරණ චිකිත්සකයින් සහ අනෙකුත් සාමාජිකයින්ගේ ද සහාය ඇතිව ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවක මඩුල්ල පිළිකා රෝගීන්ට ඉතා ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීමට කැපවී සිටී.