Health Guide

කොල්ලෝ වැඩිවිය පත්වෙන්නේ මෙහෙමයි

ප්‍රජනන සෞඛ්‍ය කියන්නේ අද ලෝකයේ බොහෝ දෙනෙක් කතා කරන්න අකමැති සහ ඇසීමට අකමැති කාරනාවක් .නමුත් ඔයා දැන ගන්නම ඕනි කරනා කිහිපයක් තියනවා .ඔයාට ඉන්නේ පුතෙක් නම් මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා.ඒ වගේම ඔයා පුතාට මේ දේවල් ගැන දැනුවත් කරන්නත් වඟ බලා ගන්න ඕනි.

♦ අනෙක් පද්ධතීන් වගේම ප්‍රජනන පද්ධතිය ගැන දැන ගන්න ඕනි.

♦ ජිවිතයේ ගුණාත්මක භාවය රඳවා ගන්නා මේ පද්ධතිය තුලින් හැඟීම්, ආශාවන්, ශරිරික අවශ්‍යතාවයන් සහ ආවේගයන් පාලනය කරනවා.

♦ ඔවුන්ගේ ප්‍රජනේන්ද්‍රිය වර්ධනය වීම පටන් ගන්නේ වැඩි වියට පත් වූ විටයි.

♦ පුතෙකුගේ වෘෂන කෝෂ මිලි මීටර් 18 සිට 20 දක්වා වර්ධන වෙනවා.

♦ එයින් සිඳු වන්නේ පුරුෂ බිජ සහ හෝර්මෝන නිපදවීමයි.

♦ වයස 13 වන විට පුතෙකුගේ සරු බව තිබෙන නමුත් සම්පුර්ණ වශයෙන් මේරු බිජ පවතින්නේ අවුරුදු 14 – 16 දක්වා කාලයේදීය.

♦ මේ කාලයේ ඔයාගේ පුතාගේ ශරීරයේ රෝම ඇති වීම සිඳු වෙනවා.

♦ මුහුණේ රෝම වැඩිම සිඳු වන්නේ අවුරුදු 17-18 කාලයන් තුලදීය.

♦ රැවුල සම්පුර්ණයෙන් වැවීමට අවුරුදු 10 පමණ ගත වෙනවා.

♦ ස්වරාලය වර්ධනය සියලු දෙනාගේම සිඳු උනත් ඔයාගේ පුතාගේ එය හොඳින්ම වර්ධනය වී කටහඬ ගැඹුරු බවක් ගන්නවා.

♦ පුතෙකු වැඩිවියට පත් වූ විට උරහිස් පළල් වීම,මාංශ පේශි දෙගුණයකින් වර්ධනය වීම ,අස්ථි බර වැඩි වීම සිඳු වෙනවා.

 

raisingchildren ඇසුරෙනි