Health Guide

අධි රුධිර පීඩනය ගැන ඔබ දන්නවාද?

අධි රුධිර පීඩනය යනු යමෙකුගේ රුධිරයේ පීඩනය සාමාන්‍ය අයෙකුගේ රුධිර පීඩනයට වඩා වැඩිවීමයි. එනම් ඵසකකසපැඑැර ඵැරජමරහවලින් ගතහොත් 140යි 90ට වඩා වැඩි වූ විට එම පුද්ගලයාට අධි රුධිර පීඩනය තිබේ යැයි හැඳින්විය හැකිය.
මෙම රෝගී තත්ත්වයේදී බොහෝ පුද්ගලයන්ට රෝග ලක්ෂණ ඇති නොවේ. නමුත් අධි රුධිර පීඩනය පවතින ඇතැම් අයට ක්ලාන්ත තත්ත්වයක් හෝ වමනය යාමක් ඇතිවිය හැකිය. එමෙන්ම සමහර පුද්ගලයන්ට පපුවේ කැක්කුමක් ඇතිවීමටත්, අධික ලෙස මුත්‍රා පිටවීමටත් හැකියාව ඇත.
නමුත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බොහෝ පුද්ගලයන්ට රෝග ලක්ෂණ මතු නොවන බැවින් දීර්ඝ කාලයක් තමන්ට එම රෝගී තත්ත්වය පවතින බව නොදැන සිටීමේ අවස්ථාව වැඩිය. එලෙස දීර්ඝ කාලයක් යම් පුද්ගලයෙකුට අධි රුධිර පීඩනය පැවතීමෙන් යම් යම්
අධි රුධිර පීඩනය ගැන ඔබ දන්නවාද?
සංකූලතා ඇතිවිය හැකිය. විශේෂයෙන්ම හෘදයාබාධ ඇතිවීම, වකුගඩුවල අකර්මණ්‍යතාවන් ඇතිවීම දැක්විය හැකිය. එමෙන්ම ආගාධය ඇතිවීම ඇස් පෙනීම අඩුවීම ද සිදුවිය හැකිය.
එම නිසා තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වී, තමන්ට අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් පවතින්නේ ද යන්න වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවාගැනීමෙන් ඉහත සඳහන් කළ යම් යම් සංකූලතාවලට ගොදුරු නොවී මෙවැනි රෝගී තත්ත්වයන් මුල් අවස්ථාවේදීම පාලනය කරගැනීම සුදුසු ය.

වැඩි විස්තර නිරෝගා සඟරාවෙන්… සැප්තැම්බර් කලාපය දැන් වෙළෙඳපොලේ

හෘදරෝග විශේෂඥ වෛද්‍ය – රොෂාන් පරණමාන