Health Guide News

කොවිඩ් -19 රෝගයෙන් වැඩි වශයෙන් ප්‍රවේසම් විය යුත්තේ කවුද ? – ජ්‍යෙෂ්ඨ විශේෂඥ කායික වෛද්‍ය M.K.රඝුනාදන් මහතා

ඉදිරි කාලය තුල අපට අකමැත්තෙන් හෝ කොවිඩ් සමග ජීවත් වීමට සිදුවන බව රහසක් නොවේ. ඒ නිසා හැකි අයුරින් අපේ ආරක්ෂාව අප විසින් සලසා යුතුයි. අපි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් අපට කොවිඩ් වලින් ආරක්ෂා වී ජීවත් විය හැකියි.

කොවිඩ් ආසාදනය වීමෙන් සංකුලතා වැඩි විය හැකි පිරිස් වඩාත් ප්‍රවේසම් සහගත විය යුතු වනවා. ඒ ගැන ජ්‍යෙෂ්ඨ විශේෂඥ කායික වෛද්‍ය M.K. රඝුනාදන් මහතා විසින් ලබා දුන් පණිවුඩයක් පහත දැක්වෙනවා.

පහත දැක්වෙන කාණ්ඩ වලට අයත් ජනතාව හෝ පවුල් කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහා වැඩි සැලකිල්ලක් දක්වන්න. වැඩි වශයෙන් ප්‍රවේසම් වන්න.

(ඔවුන් මෙම රෝගයේ සංකූලතා ඇතිවීම සඳහා වැඩි අවදානමක් ඇති අයයි.)
– වයස්ගත අය
– දියවැඩියාව, ඇදුම සහ වෙනත් ශ්වසන රෝග ඇති පුද්ගලයින්
– ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ භාවිතා කරන රෝගීන්
– පිළිකා රෝග වලින් පෙලෙන්නන්
– කුඩා ළමුන්
– ගර්භනී මව්වරුන්

 

ජ්‍යෙෂ්ඨ විශේෂඥ කායික වෛද්‍ය M.K.රඝුනාදන් මහතා