Health Guide

ගර්භණී සමයේ දියවැඩියාව 1

සාමාන්‍යයෙන් ගර්භණී මව්වරුන් දසදෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළේ. ගර්භණීභාවය යනු දියවැඩියාව වැලදීමේ අවදානම් තත්ත්වයකි. දියවැඩියාව ගර්භණී මවකට ආකාර දෙකකින් පැවතිය හැකිය.

1. දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවක් ගර්භණීවීම.

2. ගර්භණී තත්ත්වය නිසා ඇතිවන ගර්භණී තත්ත්වය.

මෙම කිනම් ආකාරයකින් දියවැඩියාව සෑදුණ ද ගර්භණී සමයේ දී ඔබේ දරුවාට එය වැලඳීමට හැකියාවක් නැත.

දියවැඩියාවෙන් පෙළෙන ගර්භණී කාන්තාවන් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැද රුධිරයේ සීනී මට්ටම ප්‍රශස්ථ අගයක පවත්වාගැනීමෙන් නිරෝගිමත් දරුවෙකු බිහිකළ හැකිය.

ගර්භණී කාලයේ දියවැඩියා රෝගය ඇතිවීමට වැඩි අවදානමක් තිබෙන කණ්ඩායම් වනුයේ,

■ වයස අවුරුදු 35ට වැඩිවීම
■ බර 65kgට වැඩිවීම
■ පවුලේ ලේ ඥාතියෙකු දියවැඩියා රෝගයෙන් පෙළීම
■ පෙර ගර්භණී අවස්ථාවේ දියවැඩියා තත්ත්වයෙන් පෙළීම
■ බර 00 3.5kgට වැඩි දරුවන් බිහිවීම
■ අධි රුධිර පීඩනය

1. දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවක් ගර්භණීවීම

දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවක් ගර්භණීවීමට බලාපොරොත්තුවන්නේ නම් එය තමාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ගර්භණීවීමට පෙර සැලසුම් කරගත යුතුය.

Insulis සහ metformis යන ඖෂධ ගර්භණී සමයේ භාවිත කළ හැකි අතර අනෙක් ඖෂධ වර්ග නතර කළ යුතුය. තව ද රුධිරයේ සීනී මට්ටම (fbAlc < 6]) වඩා අඩුවෙන් පැවතීම දරුවාට මුල් සති 12 දී ආබාධ ඇතිවීම අවම කරයි.

ෆෝලික් අම්ලය නිසි පරිදි ලබාගත යුතුය.

2. ගර්භණී තත්ත්වය නිසා ඇතිවන දියවැඩියාව

ගර්භණී කාලයේ පළමු මාස 6 තුළ මොවුන්ගේ රුධිරයේ සීනි මට්ටම සාමානය අගයක පවත්වාගනී. නමුත් සති 24-28 පමණ වන විට රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා දියවැඩියා තත්ත්වයට පත් වේ.

මේ නිසා රුධිරයේ සීනී පරීක්ෂාව – Oral glucose tolerance test – OGTT සැම මවකට ම මෙම කාලය තුළ හඳුන්වාදෙනු ලබයි.

මෙම කුමන දියවැඩියාවෙන් පෙළුණ ද රුධිරයේ සීනී කෑමට පෙර 45mg/dl කෑමට පැය 2ට පසු 140mg/dl<<< වඩා අඩු අගයන්ගේ පවත්වාගැනීම ඉතා වැදගත් ය.

ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව දරුවා ලැබිමෙන් නැතිව යයි. නමුත් ඉදිරි ගැබ් ගැනීමේ දී නැවතත් මතුවිය හැකිය. අඩු වයසින් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් පවතී.
ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව පාලනය සහ ආහාර පිළිබඳ ඉදිරියේ දී බලාපොරොත්තුවන්න.

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS, MD, MRCP, FRCP, FCCP, FACE, FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ,
දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය,
දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන –
වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS, MD)
Senior Registrar
දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය
දකුණු කොළඹ ශික්ෂණ රෝහල