Food Health Guide

අතිශය ගුණ අහු ගැන ඔබ දන්නවාද ?

අහු ශාකයේ “Morinda citrifolia” පත්‍ර මගින් අපට සලසා ගත හැකි සෞඛ්‍යය වාසි පිළිබඳව විමසා බලමු . අහු කියන්නේ ලංකාවේ දී සුලබව සොයා ගත හැකි ශාකයක්. ගම් වල දී ඔබ මේ ශාකය අනන්තවත් දැක ඇති. මෙය නෝනි යන නමින් ද හඳුන්වනවා. හවායි දුපත් වල මෙම බහුලව හමු වෙනවා .

කීමෝතෙරපිය පිළිබඳ ඔබ අසා ඇති. මෙය පිළිකාව මර්ධනය කිරීම සඳහා ලබාදෙන රසායනික චිකිත්සාවකි. පිළිකාව සඳහා වන ජනප්‍රියම ප්‍රතිකාරය මෙයයි. මෙම කීමෝතෙරපි මගින් ලැබෙන සුවයට වඩා එහා ගිය සුවයක් අහු පත්‍ර මගින් සලසා ගත හැකි බව දැන් අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. විශේෂයෙන් ම පෙනහළු පිළිකා වර්ග සඳහා අහු පත්‍ර ප්‍රභල ඔසුවක් .

පෙනහළු පිළිකා සෛල මර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ලබන “Erlotinib” නමැති ඖෂධ දිනකට මිලි ග්‍රෑම් 150 බැගින් මාසයක් භාවිතා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 7,700 පමණ වැය වන බව ගණන් බලා තිබෙනවා.. මෙම ඖෂධය භාවිතා කරනු ලබන මාත්‍රාව අනුව මෙම මුදල වෙනස් වන්නටත් පුළුවන්. බොහෝ විට පෙනහළු පිළිකාවක් ඇති අයෙකුට මෙම ඖෂධ සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි වීම නිසා අවාසනාවන්ත ලෙස මියයෑමට සිදු වනවා.

මෙම ඖෂධ මගින් ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ මෙම ඖෂධයටත් වඩා හොඳින් අහු පත්‍ර යුෂ භාවිතා කිරීම මගින් සලසා ගන්නට පුළුවන්.

කීමෝතෙරපිය භාවිතා කිරීම මගින් මාරාන්තික අතුරු ආභාද පවා ඇති වීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් අහු පත්‍ර භාවිතය මුදලුත් ඉතිරිවී සෞඛ්‍යය තත්වයත් ආරක්‍ෂා වන ප්‍රතිකාර ක්‍රමයක් වනවා.

මීට අමතරව අහු ගෙඩි අතිශය ගුණදායි පළතුරක් ලෙස ද හඳුන්වනවා.. සිරුරේ ඇති වන වේදනාවන් ට ෂණය සැලසීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ආතරයිටිස් වේදනාවන්ට සුවය, තුවාල සුව කිරීමේ හැකියාව, මස් පිඬු වේදනාවන්ට සහනය, පිළිකාවට, අක්මා රෝග වලට සහ දියවැඩියාවට සහනය ඒ අතර වනවා.
කෙසේ වෙතත් අහු භාවිත කිරීම දේශීය හෝ බටහිර වෛද්‍ය උපදෙස් අනුව සිදු කිරීම සුදුසුයි

 

healthysolo.com and other webs