Health Guide

ගර්භණී අවධිය තුළ ඇතිවන නිරක්තිය වළකාගෙන සුන්දර මව් පදවියට පා තබමු

ගර්භණී සමය කියන්නේ ඔබටත් පවුලටත් සතුට පිරුණු ආශිර්වාදයක්. ඒ ලැබුණු අමිල සම්පත ඔබ රැකගැනීමට නිරතුරුව උත්සාහ ගත යුතුයි. ඒ තුළින් නිරෝගී සුන්දර දරු උපතක් ඔබට හිමිවේ. ඒ නිසාම ගර්භණී කාලය තුළ වැලඳෙන ගර්භණී නිරක්තිය පිළිබඳ අවධානය ඉතා වැදගත්. ඒ පිළිබඳ විමසුමට අප සමඟ එක්වුණේ,

ගර්භණී නිරක්තිය

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ගර්භණී මවගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය 11g/ dlට අඩු නම් ඇය ගර්භණී නිරක්තිය ඇති මවක් ලෙස සලකනවා. ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වය 25% දක්වා තිබෙනවා. ගර්භණී සමයේ මව්වරුන්ට බහුලව ම තිබෙන ගැටලුව තමයි නිරක්තිය. අනෙකුත් රෝග වන අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ ගර්භණී කාලයේ ඇතිවන අනෙක් රෝග මීට පිටුපසින් තියෙන්නේ.

ගර්භණී කාලය තුළ කොහොමත් රුධිරයේ පරිමාව වැඩි වෙනවා. එසේ වීමට හේතුව දරු ප්‍රසූතියේ දී රක්තපාතයක් වෙයි කියලා ශරීරය සූදානම් වන නිසා. රුධිරයේ රතු සෛල හා ප්ලාස්මාව යන කොටස් දෙක ම වැඩි වෙනවා. මේ නිසා හිමොග්ලොබින් (Hb) අඩුවෙන ස්වභාවයක් ගර්භණී කාලයේ දී තියෙනවා. නමුත් රතු සෛල 18% සිට 25% දක්වායි වැඩි වෙන්නේ. මේ ප්‍රමාණය වැඩිවෙන්නේ මවගේ සෞඛ්‍ය තත්ත්වය මතයි. ඒ කියන්නේ මවගේ පෝෂණය, යකඩ ඌනතාව හා විටමින් ඌනතාව වගේ තත්ත්වවල දී මෙම ප්‍රමාණය වැඩිවීම කෙරෙහි බලපානවා.

මේ අනුව මෙරට ගර්භණී මව්වරුනගෙන් 25%කට Hb 25% Hb 11g/ dකට වඩා අඩුයි. ඒ කියන්නේ මෙරට ගර්භණී මව්වරුන්ගෙන් 25%කට නිරක්තිය තියෙනවා.

ලංකාවේ වැඩියෙන් ම තියෙන්නේ යකඩ ඌනතාව නිසා ඇතිවන නිරක්තියයි.

නිරක්තියට හේතු,
■ පෝෂණ ඌනතා,
■ තැලසීමීයා වැනි ප්‍රවේණිගත රෝග
■ අර්ශස්, පණු ප්‍රතිකාර නිසි ලෙස නොගැනීම
■ දීර්ඝ කාලීන පවතින රෝග තත්ත්වයන් (වකුගඩු රෝග) වැනි දෑ නිරක්තියට බලපානවා.

ලංකාවේ බහුලව තියෙන්නේ යකඩ ඌනතාව නිසා ඇතිවන නිරක්තිය. යකඩ ඌනතාව හඳුනාගෙන ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්.
අප දැනගත යුතු තවත් විශේෂත්වයක් තමයි නිරක්තිය ඇති නොවී යකඩ ඌනතාව ඇතිවිය හැකි බව. අපේ සිරුරේ සෛලවල ක්‍රියාතාරීත්වයට යකඩ අවශ්‍ය වෙනවා. ඒ වගේම යකඩ අඩංගු එන්සයිම අපේ සිරුර පුරා ම තියෙතවා.

රෝග ලක්ෂණ

යකඩ ඌනතාව ඇතිවිට,
■ උදාසීන බව
■ කෑම අරුචිය
මේවා ගර්භණීතාව නිසා ඇතිවන අපහසුතාවලට ද සමානයි.

මවට බලපාන අයුරු

මවට පසු ප්‍රසව රක්තපාතය ඇතිවීමට නිරක්තිය බලපානවා. එය සිදුවන්නේ මේ ආකාරයටයි. රුධිරයේ ඔක්සිජන් අඩුවන විට ගර්භාෂය හැකිලීම අඩුවන නිසා පසු ප්‍රසව රක්තපාතය, ඒ කියන්නේ දරු ප්‍රසූතියෙන් පසු රක්තපාතයක් ඇතිවිය හැකිය. නිරක්තියෙන් එන්සයිමවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ නිසායි පසු ප්‍රසව රක්තපාතය ඇති වෙනනේ.

නිරක්තිය ඇතිවීමට හේතු රුධිරය අඩුවන විට වැදෑමහේ පරිමාව වැඩි වෙනවා. දරුවා සා මව සම්බන්ධ කරනු ලබන වැදෑමහ සම්බන්ධ පෙකණි වැල මගින් දරුවිට අවශ්‍ය යකඩ ප්‍රමාණය මවගෙන් ලබාගත හැකියි.

නිරක්තිය දරුවාට බලපාන අයුරු

දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනයට යකඩ අවශ්‍ය වෙනවා. ඒ නිසා යකඩ ඌනතාව හේතුවෙන් ස්නායු පද්ධතියේ දුර්වලතා ඇතිවීමට බලපෑම් කරනවා. ඒ වගේම කළලයට පෙර දරුවා බිහිවීමටත් [Pretern Labour] බලපානවා. බර අඩු උපත් වගේම කුඩා කළ දරුව මරණයට පත්වීමේ අවදානමක් තියෙනවා.

රක්තහීනතාව හඳුනාගන්නේ කෙසේද?

ලේ අඩුකම හඳුනාගැනීම සෑම මවක් ම පරීක්ෂණයකට ලක්කරනවා. Full Blood Count [FBC] ලෙස මෙම පරීක්ෂණය හඳුන්වනවා. මේ පරීක්ෂණය ගර්භණී වූ වහාම මව ගර්භණී සායනයේ දී පළමු අවස්ථාවේදීමත්/ ගර්භණීතාව සති 28දීත් හඳුනාගත හැකි වෙනවා.

මෙහිදී හිමොග්ලොබින් අඩුබව දැනගතහොත් මේ මව්වරු කණ්ඩායම විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරනවා.

නිරක්තිය ඇති මවගේ පිඟානට සුදුසු ආහාර රටාව

සත්ත්ව ආහාර
■ පීකුදු
■ මස්
■ මාළු
■ කරවල
■ බිත්තර

නිර්මාංශික ආහාර
■ පළා වර්ග – ගොටුකොළ, නිවිති, කංකු, තම්පළා, කතුරු මුරුංගා කොළ, මුරුංගා කොළ හා මුකුණුවැන්න
■ මුං ඇට, කඩල, කව්පි, පරිප්පු හා උළුඳු ආශ්‍රීත සැකසූ ආහාර
■ බෝංචි සහ සෝයා

ගර්භණී සායනයෙන් ලැබෙන යකඩ පෙත්තේ ගුණ ලබාගන්න නම් එය භාවිත කරන නිසි රටාව

සායනයෙන් ලබාදෙන යකඩ පෙති ලබාගැනීම අත්‍යවශයයි. එය ලබාගත යුතු වන්නේ හිස්බඩයි. මේ සමගස විටමින් C ලබාගැනීම ඉතාම වැදගත් ය. එය යකඩ අවශෝෂණයට උදව් වෙනවා.

යකඩ අවශෝෂණයට බාධා

යකඩ අවශෝෂණය ඇතිකරන සංඝටක සහිත අහාර ලෙස අධික කෙඳි, කැෆේන් සහිත ආහාර හා කැල්සියම් දැක්විය හැකිය.
ප්‍රධාන ආහාර වේලාවකට පැයකට පෙර හා ආහාර ගත් පසු පැයක් යාමට පෙර තේ, කෝපි හා කැෆේන් පානය සුදුසු නැත.
ඒ වගේම යකඩ සහිත ආහාර සමග කිරි ආහාර ගැනීමට ද යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි.

විශේෂඥ වෛද්‍ය බිම්සර හේමාල් පෙරේරා
(MBBS [Peradeniya],
MD [OBg and Gyn],
Mr VOG [UK])
(තඹුත්තේගම මූලික රෝහල)

සටහන – මහේෂානි මීගහපොල