Relax

ඔබ මානසික ආතතියෙන් පීඩා විඳිනවා දැයි දැනගන්න

හිතේ සතුටක් නෑ, කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ, පුංචි දේටත් පාලනය කරන්න බැරි තරම් කේන්ති යනවා මෙන්න මේ හැගීම් අඩු වැඩි වශයෙන් අපි කාගෙත් ජීවිතවල තිබෙනවා. එහෙත් නිරන්තරයෙන් මෙම හැගීම තුළින් ඔබව පාලනයට නතු වෙනවා නම් ඔබ මානසික ආතතිතයෙන් පීඩා වි`දිනවා විය හැකිය.

මානසික ආතතිය (Stress) කියන්නෙ මොකද්ද?

ජීවිතයේ දී අප සිතන පතන කරන කියන දෑ අපේ අපේක්ෂාව අනුව ම මුදුන්පමුණුවාගැනීමට නොහැකි වූ විට සිත තුළ ඇතිවන අසමතුලිතාව, අවිනිශ්චිත නොපහන් සිතුවිලි මතුවීම මානසික ආතතිය ලෙස කෙටියෙන් හැදින්විය හැකිය. නිවසේ දී,පාසලේ, කාර්යාලයේ, කී‍්‍රඩා පිටියේ දී මේ කොතනක වුණත් ඔබ මානසික පීඩනයට ලක් විය හැකිය. මවගේ කුසේ කළලයක්ව වැඩෙන දිනයේ පටන් මියෙන තුරු ම මානසික ආතතිය අපේ ජීවිතේ ම කොටසක් ය. එනිසා ජිවිතයෙන් සහමුලින් ම උපුටා දැමිය නොහැකි මානසික ආතතිය නිසි පරිදි කළමනාකරණය කරගත යුතුය.

මානසික ආතතියේ හො`දක් මෙන් ම නරකක් ද ඇත. මානසික ආතතිය මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී මෙන් ම අසුබවාදී වෙන අවස්ථා ඇත. ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා අඩු වුවත් වැඩි වුවත් ගැටලූවකි. එය තීරණය වන්නේ අපි සිතන පතන පරිදි ය.

ධනාත්මක මානසික ආතතිය හා සෘණාත්මක මානසික ආතතිය

ජීවිතේ ඉලක්ක කරා ගෙන යන්නට සුබවාදී/ධනාත්මක මානසික ආතතිය අපට මහෝපකාරී වේ. සෘණාත්මක මානසික ආතතිය තුළින් අප ජීවිතයෙන් පලා යන්නන් බවට පත් කරයි.

ආකාශ්, විසල් හා ෂෙහාන් උසස් පෙළ සදහා සූදානම් වන මිතුරන් තිදෙනෙකි. ආකාශ්ට විභාගය පිළිබද කිසිදු හැගීමක් නැත.

”මම විභාගෙ සමත් වෙන එකක් නැහැ, මම මෝඩයි, කිසිදෙයක් මතක හිටින්නෙ නැහැ.” යන පීඩනයෙන් ම තමන් පිළිබදව අවතක්සේරුවට සිතමින් පාඩම් නොකර ම කාලය ගත කළේය.

විසල්ට විභාගයෙන් සමත්වීමට දැඩි අවශ්‍යතාවක් තිබිණි. පාඩම් නොකළහොත් තමන් අසමත් වේ ය යන පීඩනය නිසා ඔහු නිවසේ හා පාසලේ බාහිර කටයුතු, කී‍්‍රඩා කටයුතු, ඔහුගේ විනෝදාංශවලත් නියැලෙමින් පාඩම් කටයුතු සදහා ද කාලය වෙන් කර ගනිමින් විභාගයට සූදානම් විය.

ෂෙහාන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ දිවයිනේ ප‍්‍රථමයාවීමේ සිහිනයකි. එනිසා ම ඔහු දවසේ වැඩි කාලයක් පාඩම් කටයුතුවල නිරත විය. බාහිර වැඩකට විනෝදාංශකට ඔහුට කාලය නොමැති විය.

ආකාශ් විභාගය අසමත් විය, විසල් තමනගේ ඉලක්කය සපුරාගනිමින් සරසවි වරම් ලබාගත්තේ ය. ෂෙහාන්ට අවසාන කාලයේ දැඩි මානසික අවිවේකී බව නිසා ඔහු සිතූ තරමට ම ප‍්‍රතිඵල ළගා කර ගත නොහැකි විය. මේ පුංචි කතාවෙන් ඔබට අවබෝධ කරන්නට උත්සාහ කළේ මානසික ආතතියේ මැද මාවතේ ධනාත්මකව ගමන් කළහොත් අපට අපේ ඉලක්ක කරා ගමන් කළ හැකි බවයි.

අපේ සිත ඉල්ලන සෑම කාරණයක් ම ඉෂ්ට සිද්ධ කිරීමට නොහැකි වූ විට අප සිත නොසන්සුන්තාවට පත්වීමත් සමග ම අප මානසික ආතතියට ලක් වේ. මෙම තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ ඔවුන්ගේ දරාගැනීමේ ශක්තිය මත ය.

අමල් සහ විමල් දෙදෙනා ම එක ම කාර්යාලයේ රැකියාව කළ අතර දෙදෙනාට ම කොළඹ සිට මාතර කාර්යාලයට ස්ථාන මාරුවීම් ලැබුණේ උසස්වීමක් සහ වැටුප් වර්ධකයකුත් සමග ය. අමල් මේ කාරණය නිසා බෙහෙවින් කළබලයට පත් විය. නිවසෙන් ඈත්වීමට සිදුවීම පිළිබදව සිතනවාත් සමග ම ඔහුගේ සතුට වාෂ්ප වී ගියේය. විමල් ඉදිරියේ දී පියවරක් ගැනීමේ අරමුණ ඇතිව උසස්වීමක් සහ වැටුප් වර්ධකය සමග හිමි වූ ස්ථාන මාරූවීම සතුටින් භාර ගත්තේය.

ඒ අනුව ජීවිතයේ සිදුවීම් තුළින් අපේ සිතට කරන විවිධ බලපෑම් අප භාරගන්නා සිතුවිල්ලත් සමග වෙනසට ලක් වේ. මානසික ආතතිය කළමනාකරණය කරගැනීමට සුබවාදීව ජීවිතය දිහා බැලීමට පුරුදුවීම තුළින් හැකියාව ලැබේ.

ඔබ සිටින්නේ ආතතියෙන්ද?

වර්තමානය වන විට අපේ සිත නොසන්සුන් වන විට අප මානසික ආතතියෙන් පෙළෙන බව අපට ම අවබෝධ කරගැනීමේ හැකියාවක් අප සතු ය. මානසික ආතතියට ලක් වූ විට

x ආහාර අරුචිය
x සුවදායක නින්දක් නොලැබීම
x අන් අය නොරුස්නා බවක් ඇතිවීම
x අන් අය හා සුළු දේටත් ගැටුම් ඇති කරගැනීම
x ඉතා ඉක්මනින් කෝපයට පත්වීම
x තමන් කරන කාර්යය පිළිබද අවධානයෙන් සිටීමට
නොහැකිවීම
x නිතර නිතර ඇතිවන ඔළුව කැක්කුම
x ඇග ගතට තෙහෙට්ටු බවක්හා වේදනාවක් ඇතිවීම
වැනි ලක්ෂණ දැකිය හැකිය.

බොහෝ විට මානසික අතතියට ලක් වන පොදු කාරණා කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
x විභාග අසමත් වීම
x පවුල් ආරවුල් නිසා නිවසේ සමගිය නැතිවීම
x පේ‍්‍රම සබදතා බිදවැටීම
x අනියම් සබදතා
x රැුකියා ස්ථායේ ඉලක්ක සපුරාගත නොහැකිවීම
x බලාපොරොත්තු බිදවැටීම

මෙම කාරණා හේතුවෙන් දිගු කාලයක් පීඩාවට ලක්වීම තුළින් එය මානසික රෝග තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. එපමණක් නොව අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව, මොළයේ ලේ ගැලීම් ඇතිවීම, ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය අඩාල කිරීම වැනි රෝග තුළින් ඔබව කායිකව පවා රෝගීකරවීමට දිගුකාලීන මානසික ආතතිය බලපාන බව මතක තබාගන්න.
මානසික ආතතිය සම්පූර්ණයෙන් ම නැති කළ නොහැකි බව මේ වන විටත් ඔබ දන්නවා. එසේ නම් ඔබ කළ යුත්තේ මානසික ආතතිය කළමනාකරණ කරගැනීම ය. ඒ සදහා ඔබට මුදල් වැය නොවේ. පුංචි දේකින් ලොකු වෙනසක් කරන්න ඔබ හැකිය.

01 – කාලය කළමනාකරණය කරගන්න.
පෙර දිනයේ ම පසු දිනය සැලසුම් කරන්න. පසු දිනයේ කළ යුතු කාර්යයන් පොතක පැහැදිලිව සටහන් කරගන්න. ඒ සදහා දළ වශයෙන්වත් කාලය වෙන් කරන්න. කාර්යාලයට 8 යායුතු නම් ඒ සදහා නිවසින් කලින් පිටවන්නට සුදානම්වන්න. පසු දිනට අවශ්‍ය ඇදුම් සහ අනෙකුත් දෑ පෙර දින ම සූදානම් කරන්න. බඩු නිවසේ බාහිරාදිය ඉක්මනින් ගැනීමට පහසු වන පරිදි තබන්න. ඒවා ගත් ස්ථානයෙන් ම තැබීමට පුරුදු වන්න.

02 – එකිනෙකා අතර මනා සන්නිවේදනයක් ගොඩනගාගන්න.
අපි සෑමදෙනෙකුට ම දුක සතුට යන හැගීම් ඇති වේ. මේ දුක සතුට බෙදාහදාගන්නට පුරුදු වන්න. පවුලක් නම් දවසේ සියලූදෙනා ම එකට එක්ව හි`දින්නට කාලයක් වෙන් කර ගන්න. එවිට පවුලේ සාමාජිකයන් අතර ආදරය සුහදතාව හා විශ්වාසය ගොඩනැගීම තුළින් සතුට සමග මානසික සුවයක් ද නිරායාසයෙන් හිමි වනු ඇත. රැකියා ස්ථානයේ, අධ්‍යාපනය ලබන ස්ථානයේ මේ කොයිම තැනක වුවත් ඔබ අන් අය හා සුහදව මිත‍්‍රශිලීව කටයුතු කිරීම තුළින් ඔබට මානසික ආතතිය අවම කර ගැනිමට හැකි වනු ඇත. විශේෂයෙන් ම රැකියා ස්ථානය පි‍්‍රයජනක තැනක් බවට පත්කරගැනීමට නම් අන් අය හා සුහදව සිටීම ඉතා වැදගත් ය.

03 – ජීවිතය රසවි`දින්නට කාලයක් වෙන් කරන්න.
ජීවිතයට වින්දනයක් අවශ්‍ය වේ. ගීතවලට සවන්දීම, විනෝදාංශයකට යොමුවීම, චිත‍්‍රපටියක් නැරඹීම, නර්තනයේ යෙදීම, චිත‍්‍ර ඇදීමට, විවිධ අත්කම් නිර්මාණ කිරීම මිතුරන් සමග හෝ පවුලේ අය සමග විනෝද චාරිකා යාම වැනි දෑ තුළින් ඔබට වින්දනයක් සමග ම මනසට සුවයක් ද ළගා කරනු ඇත.

04 – තාක්ෂණික උපකරණ නිසි ලෙස පරිහරණය කරන්න.
ඔබේ අත රැදී තිබෙන ස්මාර්ට් ෆෝනය ඔබේ සබදතාවයන්ට තර්ජනයක් බව මතක තබාගන්න. බොහෝ විට අපි නිවසේ රැදෙන්නේ ස්මාර්ට් ෆෝනය සමග මිස නිවසේ අය සමග නොවේ. පවුලේ සබදතා ගොඩනගාගැනීමට ඇති කාලය තාක්ෂණික උපකරණවලට වැය නොකරන්න. එනිසා මෙවැනි උපකරණ පරිහරණයේ දී අවබෝධයෙන් කටයුතු කරන්න.

05 – සමබර පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබාගන්න.

06 – ව්‍යායාම සදහා කාලය වෙන් කරගන්න.

07 – දැඩි වෙහෙසකාරී දිනයක් වුව ද හො`දින් ස්නානය කිරීමෙන් අනතුරුව ඔබට ප‍්‍රබෝධයක් ඇති කරවනු ඇත. එය ඔබේ මානසික ආතතියෙන් ඔබව මුදාලන්නට උපකාරී වේ.

08 – දවසේ වෙහෙස වූ මනසට සුවදායක නින්ද අත්‍යවශ්‍ය ය. අඛණ්ඩව පැය හයක් අටක් අතර නින්දක්වත් ලබාගැනීම තුළින් ඔබේ මානසික හා කායික සුවයටත් ආතතිය කළමනාකරණය කරගැනීමටත් හැකිවනු ඇත.

විශේෂයෙන් ඔබට මතක් කළ යුත්තත්ක් ඇත. මානසික ආතතියට ලක් වූ විට ඔබ ළං කරගන්නා මධ්‍යසාර තුළින් කිසිසේත් ඔබට මානසික සහනයක් හිමි නොවන බව තරයේ සිහි තබාගන්න. ඒ තුළින් සිදු වන්නේ තව දුරටත් ඔබ මනස ව්‍යාකූල වී තව දුරටත් මානසික ආතතියට පත්වීම පමණක් ය. එනිසා මානසික ආතතියෙන් මිදෙන්නට යැයි සිතා මධ්‍යසාර භාවිත නොකරන්න.

මනෝ වෛද්‍ය විශේෂඥ
වෛද්‍ය කේ. එච්. ධනුජ මහේෂ්
(මූලික රෝහල තංගල්ල*

සටහන – දිශාන්ති වෙදගේ