Beauty

රූපලාවණ්‍ය ගැටලු රැසකට විසඳුම මුළුතැන්ගෙය

කුස්සිය එහෙමත් නැත්නම් මුළුතැන්ගෙය යනු නිවෙසක ”මුල් තැන” ලැබිය යුතු තැන ය. මෙම මුළුතැන්ගෙයින් සෑදෙන ආහාරපාන නිසා ඔබගේ ජීවිතය හා නිරෝගීභාවය ආරක්ෂා වන බව ඔබ දන්නවා. නමුත් ඔබ නොදන්නා දේ නම් කුස්සිය තුළ තියෙන කුළුබඩුවලින් ඔබේ රූපලාවණ්‍ය ගැටලු රැසකට විසදුම් ලැබෙන බව ය.

කුළුබඩු අතරින් කුරුඳුවලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඈත අතීතයේ සිට අද දක්වා ම ලොව හොඳ ම කුරුඳුවලට ප‍්‍රසිද්ධව ඇත්තේ ලංකාවයි.

වසර 5000කට පෙර සිට ම කුරුඳු රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කර ඇත. ක්ලියෝපැට්රා ද තම රූපලාවණ්‍ය සත්කාරයන් සඳහා කුරුඳු භාවිත කළ බවට ඉතිහාසයේ ලිඛිත සාක්ෂි පවතී.
නිරෝගිමත් දිදුලන හිස්හොරිවලින් තොර කෙස් කළඹක් සඳහා

01. කුරුඳු කුඩු තේ හැඳි 1/4
වර්ජින් කොකනට් ඔයිල් මේස හැඳි 02
ඔලිව් තෙල් මේස හැඳි 01
මිශ‍්‍ර කර හිස් කබලේ හොඳින් ආලේප කර විනාඩි 20කට පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

02. කුරුඳු කුඩු තේ හැඳි 02
තල තෙල් මේස හැඳි 02
බිත්තර සුදු මද 01
මිශ‍්‍ර කර හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි 20කට පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

03. කුරුඳු කුඩු තේ හැඳි 1/4
මී පැණි මේස හැඳි 02
මිශ‍්‍ර කර හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි 20කට පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

04. කුරුඳු කුඩු තේ හැඳි 1/4
තල තෙල් මේස හැඳි 02
ඉදුණු කෝලිකුට්ටු ගෙඩි 01
මිශ‍්‍ර කර හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි 20කට පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

05. කුරුඳු කුඩු මේස හැඳි 1/4
එ`ඩරු තෙල් මේස හැඳි 01
මී පැණි තේ හැඳි 01
මිශ‍්‍ර කර හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි 40කට පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

06. කුරුඳු කුඩු තේ හැඳි 1/4
මී පැණි තේ හැඳි 01
දෙහි යුෂ මේස හැඳි 01
මිශ‍්‍ර කර හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි 20කට පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

ඉහත සඳහන් කළ සත්කාරයන් තුළින් අකලට හිසකෙස් යාම නවතී. හිස්හොරිවලින් තොර දිදුලන කෙස් කළඹක් වර්ධනය වේ. තව ද හිස් කබලෙහි පවතින විෂ හරණයවීම ද මෙහි විශේෂත්වයකි. මෙම සියලු ප‍්‍රතිකාර සතියකට වතාවක් කළ හැකිය.

රුව නසන අධික තරබාරු බවට

තරබාරු බව මට්ටු කිරීමට කුරුඳුවලට විශේෂ හැකියාවක් පවතින බව ඔබ දන්නවාද? ඔබත් තරබාරුද?

01. කුරුඳු කුඩු තේ හැඳි 1/4
දෙහි යුෂ මේස හැඳි 01
මිශ‍්‍ර කර උදෑසන හිස් බඩ පානය කිරීම.

02. කුරුඳු කුඩු තේ හැඳි 1/4
තද උණු වතුර අඩු කෝප්ප
01 (60ml)
උණු වතුරට කුරුඳු කුඩු දමා විනාඩි 10ක් තැම්බෙන්න තබා උදෑසන හා සවස තේ මෙන් පානය කිරීම.

03. කුරුඳු කුඩු තේ හැඳි 1/4
තද උණු වතුර අඩු කෝප්ප
01 (60ml)
දෙහි යුෂ මේස හැඳි 02
මී පැණි තේ හැඳි 1/2
මිශ‍්‍ර කර උදෑසන ආහාරයට පෙර හෝ රාත‍්‍රී නින්දට පෙර පානය කිරීම.

04. කුරුඳු කුඩු තේ හැඳි 1/4
දෙහි යුෂ මේස හැඳි 01
මී පැණි තේ හැඳි 1/2
බ්ලෙන්ඩ් කරගත් පිපිඤ්ඤා යුෂ කොප්ප 01 (60ml)
සියල්ල පිපිඤ්ඤා යුෂට මිශ‍්‍ර කර දිනකට එක් වතාවක් පානය කිරීම.

කුරුළෑ සහිත සමට/ලප කැළැල් සහිත සමට කුරුඳු සත්කාර

01. කුරුඳු කුඩු තේ හැඳි 1/4
මී පැණි තේ හැඳි 01
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න. සතියකට වතාවක්.

02. කුරුඳු කුඩු තේ හැඳි 1/4
කෝමාරිකා යුෂ මේස හැඳි 01
ආමන්ඩ් තෙල් බිංදු 08
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

03. කුරුඳු කුඩු තේ හැඳි 1/4
මී පැණි තේ හැඳි 1/2
යෝගට් මේස හැඳි 01
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

වියළි සම හෙවත් මැරුණු සම ඉවත් කිරීමට කුරුඳුවලින් ස්ක‍්‍රබ්

01. කුරුඳු කුඩු තේ හැඳි 1/4
ලුණු කුඩු තේ හැඳි 02
ආමන්ඩ් ඔයිල් තේ හැඳි 01
මී පැණි තේ හැඳි 1/2
සියල්ල හොඳින් මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර ඇඟිලි තුඩුවලින් කවාකාරව මෘදුව පිරිමදින්න.

02. කුරුඳු කුඩු තේ හැඳි 1/4
යෝගට් තේ හැඳි 02
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 5ක පමණ කාලයක් ඇඟිලි තුඩුවලින් කවාකාරව මෘදුව පිරිමදින්න.

මුහුණේ කාන්තිමක් බවට

01. කුරුඳු කුඩු තේ හැඳි 1/4
පැපොල් මදය මේස හැඳි 02
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

02. කුරුඳු කුඩු තේ හැඳි 1/4
කෙසෙල් ගෙඩි 01
යෝගට් මේස හැඳි 01
දෙහි බිංදු 08
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කරන්න.

මුහුණේ රැලි වැටීම් අවම කිරීමට

01. කුරුඳු කුඩු තේ හැඳි 1/4
එළකිරි මේස හැඳි 02
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

02. කුරුඳු කුඩු තේ හැඳි 1/4
වර්ජින් කොකනට් ඔයිල් මේස හැඳි 01
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

03. කුරුඳු කුඩු තේ හැඳි 1/4
කහ කුඩු තේ හැඳි 01
කෝමාරිකා යුෂ මේස හැඳි 01
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

මුඛයෙහි දුගඳට මවුත් වොෂ් එකක් ගෙදරදීම හදමු

උණු වතුර අඩු කෝප්ප 01 (60ml)
කුරුඳු කුඩු තේ හැඳි 01
මිශ‍්‍ර කර කට සේදීමෙන් මුඛයෙහි දුගඳ නැති වේ.

ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය
(ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග‍්‍රන්ථ රචක)