Beauty

සැවැන්දරාවලින් ලස්සන වෙමු

අතීතයේ කාන්තාවන් ආලේපන කටයුතු සඳහා සැවැන්දරා භාවිත කර තියෙනවා. සැවැන්දරා සංස්කෘත භාෂාවෙන් උශි්‍ය යනුවෙන් හඳුන්වනු ලබනවා. සමෙහි පැහැපත් බව ඇති කරනු ලබන ද්‍රව්‍ය වර්ණ කාරක ද්‍රව්‍ය 10ක් ඇත. සැවැන්දරා ද්‍රව්‍ය 10ක අන්තර්ගත එක් ඖෂධ පැළෑටියකි.

සැවැන්දරා තුළ සුවඳවත් බව හා සිසිල් කාරක ගුණය පවතී.

සමෙහි පැහැපත් බවට
● සැවැන්දරා කුඩු මේස හැඳි 2
● වතුර නොයෙදූ පොල් කිරි මේස හැඳි 1
● මී පැණි බිංදු 8
එකට මිශ්‍ර කර පිරිසිදු කළ මුහුණ මත ආලේප කරන්න.

සමට පෝෂකයන් ලබා දීම සඳහා
● සැවැන්දරා මුල් කුඩු මේස හැඳි 2
● ෆේෂ් මිල්ක් හෝ එළකිරි මේස හැඳි 1
● මී පැණි බිංදු 8
එකට මිශ්‍ර කර ආලේප කරන්න.

පින්වන්ටේෂන් සඳහා
● සැවැන්දරා මුල් කුඩු මේස හැඳි 02
● දොඩම් යුෂ මේස හැඳි 01
● මී පැණි බිංදු 08
එකට මිශ්‍ර කර පිරිසිදු කරන ලද මුහුණ මත ආලේප කරන්න.

සමෙහි තෙල් ස්වාභාවය නැති කිරීමට
● සැවැන්දරා මුල් කුඩු මේස හැඳි 02
● කෝමාරිකා යුෂ මේස හැඳි 01
● මී පැණි බිංදු 08
එකට මිශ්‍ර කර ආලේප කරන්න.

කුරුළෑ සහිත සමට
● සැවැන්දරා මුල් මේස හැඳි 01
● දෙහි යුෂ මේස හැඳි 1/2
● ජලය මේස හැඳි 01
● මී පැණි බිංදු 08
එකට මිශ කර ආලේප කරන්න.

දහඩිය බිබිලි සඳහා
දහඩිය දුගඳ පෞරුෂත්වයට පුළුල් ලෙස බලපානු ලබයි.
● සැන්දරා මුල් කුඩු මේස හැඳි 02
● ජලය මේස හැඳි 01
එකට මිශ්‍ර කර නෑමට පැයකට පෙර මුළු ශරීරයේ ම ආලේප කරන්න.

හිස්සොරි සඳහා
● සැවැන්දරා මුල් කුඩු මේස හැඳි 2
ජලය සමග මිශ්‍ර කර නෑමට පැය 1/2 ට පෙර හිස් කබලේ ආලේප කරන්න.

හිස කෙස් පෝෂණය සඳහා
● සැවැන්දරා මුල් කුඩු මේස හැඳි 2
● වර්ජින් කොකනට් ඔයිල් මේස හැඳි 2
එකට මිශ්‍ර කර හිස් කබලේ ආලේප කර පැයකට පසු පිරිසිදු කර සෝදා හරින්න.

ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය
(ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද – රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක)