Beauty

තරුණබව රැකගන්නේ මෙහෙමයි

ඔබ වයසට යාමට කැමතිද? අප කවුරුත් වයසට යාමට කැමති නැත. වයසට යාම වැළැක්විය නොහැකිය. නමුදු පාලනය කළ හැකිය.

සමෙහි නම්‍යතාවයට, ශක්තියට හා තරුණ බව ආරක්ෂා කිරීමට උපකාරී වන්නේ කොලජන් නමැති ප්‍රෝටීන් විශේෂයයි.

වයස්ගත වනවිට කොලජන්වල ක්‍රියාකාරිත්වය හීනවීම නිසා සම තුනීවී, වියළී, රැලි වැටීම ආරම්භ වේ. සම රැලි වැටීමත් සමග අපට අවබෝධ වනුයේ අප වයසට ගොස් ඇති බව ය.

වයස්ගතවීමට බලපාන හේතු

  • ජානමය හේතු

තරුණ වයසේ දී ම සමෙහි රැලි ඇතිවන්නේ නම් එයට ජනාමය හේතු බලපානු ලබයි. උදා: Progeria රෝගය.
මෙම රෝගය වැලඳුණු රෝගීන්ගේ පෙනුම වයසට වඩා වැඩිය. මෙම රෝගය ඉතා දුර්ලභ ය.

  • වාත, පිත, ආතතිය

දීර්ඝකාලීනව අධි මානසික ආතතියකට ලක්වීම නිසා සම රැලි වැටී වයසක පෙනුමක් ඇතිවේ.

  • හිරුඑළිය

හිරුඑළියේ පවතින විෂ සහිත අල්ට්‍රා වයලට් A හා B කිරණ අපිචර්මයේ සෛල ස්ථර පහට හා චර්මයේ සෛල ස්ථර දෙකකට හානි කිරීම නිසා සමෙහි රැලි හටගනු ලබයි.

  • අධික තරබාරුව

අධික තරබාරු බව නිසා සම එල්ලා වැටී වයසට වඩා වැඩි පෙනුමක් දිස්වේ.

  • දුම් පානය හා මත්පැන් පානය

දුම් පානය හා මත්පැන් පානය නිසා එහි අන්තර්ගත මිනිස් සිරුරාට අහිතකර විෂ රසායනික ද්‍රව්‍ය, සමෙහි රැලි ඇතිවීමට බලපානු ලබයි.

සමෙහි රැලි වැටීම වළක්වාගැනීමට

දිනපතා ජලය ලීටර් 2 1/2 පානය කිරීමෙන් සමෙහි වියළිබව දුරුකර රැලි වැටීම අවම කරගත හැකිය.

විටමින් C තරුණ බව ආරක්ෂා කිරීමට උපකාරී වන නිසා විටමින් C අන්තර්ගත දෙඩම්, දෙහි යුෂ පානය කිරීම ද තරුණ බව රැකගැනීමට උපකාරී වේ.

  • හිරු එළියෙන් ආරක්ෂාවීම

හිරු එළියෙන් ආරක්ෂාවීම සඳහා අව්වේ යන විට දී කුඩයක්, තොප්පියක් පාවිච්චි කිරීම කළ යුතුය.

තව ද නිතර හිරු එළියට නිරාවරණය වන්නේ නම් හිරු ආවරණ ක්‍රීම් ආලේප කළ යුතුය. මෙහිදී SPF අගය 30-35 අතර පවතින හිරු ආවරණ ක්‍රීම් ආලේප කළ යුතුය. හිරු එළියෙන් ආරක්ෂාවීම සඳහා ළා පැහැති ඇඳුම් භාවිතය ද සුදුසු ය.

විටමින් A

විටමින් A සමෙහි තරුණ බව ආරක්ෂා කිරීමට උපකාරී වන නිසා විටමින් A අන්තර්ගත ආහාර-පාන ගත යුතුය.

විටමින් A සපිරි ආහාර

තද කොළ පැහැති හා කහ පැහැති එළවළු, පළා වර්ග, සෝයා, පීකුදු, කකුළුවෝ, බිත්තර, මෝර තෙල්, කිරි, මාගරින්, මත්ස්‍ය අක්මා තෙල් (කොඞ්ලිවර් තෙල්).

විටමින් E

විටමින් E තරුණ බව ආරක්ෂා කිරීමට උපාකරී වන නිසා විටමින් E අන්තර්ගත ආහාර ගත යුතුය.

විටමින් E අන්තර්ගත ආහාර

ඉරිඟු, තිරිඟු, ධාන්‍ය වර්ග, කජු, එළවළු තෙල්, පීකුදු, බටර්, කිරි, බිත්තර, මස්, සෝයා, කොළ පැහැති එළවළු.

දුම් පානය හා මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීම

දුම් පානය යහා මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමෙන් පළමුව ඔබේ සෞඛ්‍යයත්, දෙවනුව ඔබේ තරුණ බවත් ආරක්ෂා වේ.

ව්‍යායාම

මුහුණට ව්‍යායාම කළ යුතුය. ඒ සඳහා.
ආ, ඉ, ඌ, ඒ, ඕ

අකුරු ශබ්ද වන ආකාරයට මුඛයට විවෘත කොට තත්ත්පර 15ක් පමණ කාලයක් සිටිය යුතුය. මෙලෙස එක් අකුරක් ශබ්ද වන ආකාරය වාර 5ක් කළ යුතුය.

Q සහ A අකුරු ශබ්ද වන ආකාරයට මුඛය විවෘත කළ යුතුය. ඉහත ආකාරයට ම එක් අකුරක් ශබ්ද වන ආකාරයට මුඛය විවෘත කොට තත්ත්පර 15ක් සිටිය යුතුය. මෙලෙස වාර 5ක් කළ යුතුය.

මානසින ආතතියෙන් තොරව සිටීම

දැඩි මානසික ආතතියකින් පසුවන්නේ නම් හුස්ම ගැනීම හා පහත දැමීමේ ව්‍යායාමට කළ යුතුය.

විටමින් C සපිරි ආහාර ගැනීම

විටමින් C තරුණ බවට උපකාරී වන නිසා, විටමින් ක්‍ අන්තර්ගත ආහාරපාන ගත හැකිය.

විටමින් C සපිරි ආහාර

කොළ වර්ග, ගෝවා, පෙයාර්ස්, බණ්ඩක්කා, බෝංචි, තක්කාලි, දොඩම්, අඹ, පැපොල්, අන්නාසි, මස්, මාළු, බිත්තර, කිරි, අලුත් එළවළු හා පලතුරු.

ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය
(ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක)