Health Guide

ගර්භණී සමයේ දියවැඩියාව -2

ගර්භණී සමයේ රුධිරයේ ග්ලූකෝස් පරීක්ෂණ සඳහා සූදානම්වීම.

1. OGTT පරීක්ෂාව.

■ මෙම පරීක්ෂාව කරනු ලබන්නේ පූර්ව දියවැඩියාව හඳුනාගෙන නොමැති ගර්භණී කාන්තාවන් සඳහායි.
■ එය සියලු ම ගර්භණී මව්වරුන් සදහා සති 24-28 අතර නිර්දේශ කරනු ලබන අතර, තෝරාගත් මව්වරුන් සදහා ඊට පෙර ද නිර්දේශ කළ හැකිය.
■ අධික ස්ථූලබව පවුලේ දියවැඩියාව පැවතීම 3.5kgවලට වඩා වැඩි පූර්ව දරුවන් සිටීම මෙම පරීක්ෂණය සති 24-25ට පෙර කිරීමට හේතු වේ.
■ මෙම පරීක්ෂණය සදහා ඔබ යා යුත්තේ පැය 8-10 නිරාහාරව සිටියි.
මෙය සිදුකිරීමට ප්‍රථම කෑම පාලනය කිරීමට අවශ්‍ය නැත.
■ පළමුව රුධිරයේ නිරාහාර ග්ලූකෝස් මට්ටම (FBS) සදහා රුධිරය ගනු ලැබේ. (Fasting Blood Sugar).
■ ඉන්පසු ග්ලූකෝස් 75ට ජලය 300ml දියකර පානය කිරීමෙන් පැය 1 හා පැය 2කට පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම මනිනු ලැබේ.
මෙය රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත අගයන්ට වඩා වැඩි විට ඔබට දියවැඩියාව වැලඳී ඇතිබව නිගමනය වේ.

සති 24-28 පසු

FBS – 95mg/dl
1l – 180mg/dl
2l – 153mg/dl

2.HBA1C.

■ මෙය දීර්ඝකාලීනව රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමට කරනු ලබන පරීක්ෂණයකි.
■ මෙම අගයන් ගර්භණී වූ පසු නිවැරදි නොවේ.
නමුත් ගර්භණීවීමට පෙර මෙය 6% වඩා අඩු අගයක පැතීමෙන් දරුවාගේ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා අවම වේ.

3. PPBS – කෑමට පැය 2කට පසු කරනු ලබන රුධිරයේ ග්ලූකෝස් පරීක්ෂාව. (Post Prandial Blood Sugar Test.).

මෙය දියවැඩියාව වැලඳී ඇති මවකට රුධිරයේ සීනි පාලනය විමසා බැලීම සදහා කරනු ලබන පරීක්ෂණයකි.

ගර්භණී සමයේ රුධිරයේ සාමාන්‍යයෙන් පැවතිය යුතු සීනි තත්ත්වයන් පහත පරිදි වේ.
FBS – < 95mg/dl
1l PPBS – < 140mg/dl
2l PPBS – < 140mg/dl

මෙම අගයන් ඔබට නිවසේ දී ග්ලූකොමීටරයක් භාවිතයෙන් බලාගැනීම ප්‍රමාණවත් වේ.

ගර්භණී සමයේ රුධිරයේ සීනි ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් ඔබ හා ඔබේ කුස තුළ වැඩෙන දරුවා පහත සඳහන් අවදානම් තත්ත්වයන්ට මුහුණදිය හැකිය.
1. ගබ්සාවීම.
2. ආබාධ සහිත දරුවන් – හෘදයේ සිදුරු සහිත අත් පාවල විකෘති.
3. කුස තුළ දරුවන් මියයාම. (Sudden Cefal Death).
4. දරුවා විශාලවීම නිසා ප්‍රසූතිය අපහසුවීම.
5. ඉපදුණු දරුවාගේ සීනි මට්ටම වෙනස් වේ.
6. මවගේ අධි රුධිර පීඩනය. / මුත්‍රා ආසාදන.

ගර්භණී සමයේ දියවැඩියා ප්‍රතිකාර දැනගැනීම සදහා ඉදිරි කලාපවල දී එකතුවන්න.

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS,MD,MRCP, FRCP,FCCP, FACE,FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ, දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන – වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS, MD)

(Senior Registrar, දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල)