Health Guide

වැඩිහිටි සංරක්‍ෂණය ගැන දැනුවත් වෙමු

වැඩිහිටි යනු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ය. එමෙන් ම වසර කිහිපයක සිට වැඩිහිටි ජනගහනය සීඝ‍්‍ර වැඩිවීමක් දක්නට ඇත. එනම් පහත දැක්වෙන පරිදි ය.
1981 දී ජනගහනයෙන් 6.3%.
1991 දී ජනගහනයෙන් 8.1%.
2001 දී ජනගහනයෙන් 10%.
2041 දී ජනගහනයෙන් 24.8%.
1999 දී වැඩිහිටි ජනගහනය මිලියන 1.4කි. එමෙන් ම 2041 දී වැඩිහිටි ජනගහනය මිලියන 5.3ක් දක්වා වැඩි වේ. එනම් පුද්ගලයන් හතරදෙනෙකුට එක් අයෙක් වැඩිහිටි පුද්ගලයෙක් දක්වා වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය.

වැඩිහිටි පුද්ගලයෙකු
වයස අවුරුදු 60-79 අතර පුද්ගලයන් තරුණ වැඩිහිටි ලෙස ද, වයස අවුරුදු 80 හා 80ට වැඞ් පුද්ගලයන් වැඩිහිටි වැඩිහිටි ලෙස ද හැඳින්විය හැකිය.
තරුණ වැඩිහිටි පුද්ගලයන් (වයස අවුරුදු 60-79 අතර) මෙම අවධියේ ආර්ථික තත්ත්වයෙන් යහපත් වන අතර, අත්දැකිම් බහුල පරිණත ස්වාධීන අයෙකු ලෙස ජීවත් වේ.

වැඩිහිටි වැඩිහිටි පුද්ගලයන් (වයස අවුරුදු 80 හා 80ට වැඩි පුද්ගලයන්) මානසිකව හා කායිකව දුර්වල වූ තවත් කෙනකුගේ උදව්ව ඇතිව ජීවත් වේ.
මෙහි දී අප හට වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සත්කාරය, ජීවත් වන පරිසරය, සමාජ සම්බන්ධතාව සහ ආර්ථික අවශ්‍යතා, ආධ්‍යාමිත්ක අවශ්‍යතාවන් වැඩිහිටියන්ගේ අවශ්‍යතා ලෙස අර්ථ දැක්විය හැකිය.

මෙහි දී ඇසීම සහ පෙනීම අඩුවීම, ඇවිදීම අපහසුකම්, බෝ නොවන රෝග තත්ත්වයන් (අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, සන්ධි ප‍්‍රදාහ රෝග තත්ත්වයන්, පිළිකා රෝග තත්ත්වයන්) සහ මුත‍්‍රා අවහිරතා වැනි කායික රෝග තත්ත්වයන් ඇති විය හැකිය. ඒ වගේ ම ආතතිය, විශාදය වැනි මානසික රෝග තත්ත්වයන් ද ඇති විය හැකිය. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාරවලට යොමු කළ යුතුය.

ජිවත් වන පරිසරය ද අනතුරුවලින් තොරව ආරක්ෂිතව ඉඩ කඩ ඇතිව හොඳ ආලෝකයක් සහ හොඳ වාතාශ‍්‍රයක් සහිත පරිසරයක් විය යුතුය. තව ද ජල පහසුකම්, ඖෂධ ලබාගැනීමේ පහසුකම්, අවශ්‍ය දේ නිසි ලෙස ගබඩා කිරීම ලබාගැනිමට පහසුවන පරිදි, ටයිල් පොළොවක් නම් ඒ මතට රළු සෙරෙප්පු භාවිතය, අවශ්‍ය වැසිකිලි පහසුකම් ලබාදීම, ආහාර ලබාගැනීමේ පහසුව සලසා දීම සහ නින්ද සඳහා සුදුසු පරිසරය සකසා දීම. යනාදිය සැලකිල්ලට ගෙන ජීවත් වන පරිසරය සකස් කර දිය යුතුය. වයස්ගතවීමේ දී බලපාන සාධක සමාජයීය, කායික සහ මානසික වශයෙන් හැඳින්විය හැකිය.

සමාජයීය හේතු ලෙස
* විශ‍්‍රාම යාම.
* රැකියාවෙන් ඉවත්වීම.
* ජීවන රටාවේ වෙනස්වීම් සිදුවීම.
* ආර්ථික අපහසුකම්. (මුදල් අඩුවීම).
* යහළුවන්ගේන් ඈත්වීම.
* සමාජයේ පිළිගැනීම අඩුවීම.

කායික හේතු ලෙස
* කාලීන රෝග. (අධි රුධිර පිඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග).
* පෝෂණ ප‍්‍රශ්න. (දත් නොමැතිව හපන්නට ඇති අපහසුව ආදිය).
* ඇස් පෙනීමේ සහ ශ‍්‍රවණ දුර්වලතා සහ රෝහල්ගතවීම් සිදුවීම.

මානසික හේතු ලෙස
* තනිවීම.
* ආදරය අඩුවීම.
* ආත්ම විශ්වාසය අඩුවීම.
* ගෞරවය අඩුවීම.
* තනිව කියවීම.
* මනෝ ලෝකවල සැරිසරීම.
යනාදිය ලෙස අර්ථ දැක්විය හැකිය.

ඒ වගේ ම කතා කිරීමට කෙනෙක් හමුවූ විට ඔහුගේ ආහාර රටාව, කරන ලද රැුකියාව සම්බන්ධව අභිමානයෙන් කතා කිරීමට කැමති ය. එනමුදු එය අප ඇසීමට අකැමති ය. එවිට දී තමාගේ ගෞරවයනීය තත්ත්වය නැතිවීම නිසා තමාගේ ආත්ම අභිමානය නැතිවීම සම්බන්ධව තදබල ලෙස මානසිකව බලපායි.

කාන්තාවන් හට ආර්ථවහරණය සිදුවීම නිසා මානසික සහ කායිකව ප‍්‍රශ්න ඇති විය හැකිය.
සක‍්‍රිය වයස් ගතවීමට අපි අවුරුදු 35 සිට ම සුදානම් විය යුතුය. විශේෂයෙන් ම මානසිකව සුදානම් විය යුතුය. මෙහි දී හෝමෝන වෙනස්කම් සිදුවීම නිසා ලිංගික හැකියාව අඩු වේ. තරබාරුකම වැඩි වේ. ඇෙඟහි හැඩය වෙනස්වීම නිසා ම තමන් තමන් ගැන ම උනන්දුව නැති බව වැටහේ.

වැඩිහිටි සත්කාරය පිළිබඳව ප‍්‍රජාවේ වගකිම
* ශාරීරික කි‍්‍රයාකරකම් වැඩි කිරීම.
ඇවිදීම, මිදුල අතුගෑම, එදිනෙදා නිවසේ සිදුවන ක‍්‍රියාකරකම්වලට සහභාගි කරවීම.
* ප‍්‍රමාණවත් නින්ද සහ විවේකය ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසීම.
* හොද සෞඛ්‍ය පුරුදු ඇති කිරීම.

දිනපතා නෑම, ඇඟ පිරිසිදු කරගැනීම, මුඛය පවිත‍්‍ර කිරීම වැනි පුරුදු ඇති කිරීම වගේ ම මුත‍්‍රා අසංයමය ඇති පුද්ගලයන් හට තමන් තමන්ට ම පාලනය කිරීමට අවශ්‍ය ව්‍යායාම කිරීමට උනන්දු කරවීම.
* ගුණාත්මක ආහාර වේලක් ලබාදීම.
පැණි රස ප‍්‍රමාණවත් ලෙස, පලතුරු, එළවළු සහ ජලය පානය කිරීම වැඩි කිරීම. (මලබද්ධ තත්ත්වය අවම කිරීමට).
* අනතුරු වැළැක්වීම.
වැටීම්, පිලිස්සීම්, වැරදි ඹෟෂධ ගැනීම ආදිය.
* නියමිත පරිදි වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි කරවීම.
* මානසික සෞඛ්‍ය දියුණු කිරීම.

මේ සඳහා අවශ්‍ය පහසුකම් සැලැස්විය යුතුය. (විශේෂයෙන් ම විනෝද චාරිකා සහ ශීල ව්‍යාපාර කටයුතු ආධ්‍යාත්මික සුවතාවය සඳහා.).
වයස්ගතවීම අප කාහටත් සිදුවන පොදු ධර්මතාවකි. අද තරුණයා හෙට වැඩිහිටියෙකි. එම නිසා වැඩිහිටියන්ගේ අනාගත ආරක්ෂාව සඳහා කිසියම් සංවිධනාත්මක වැඩ සටහන් සැකසීම කළ යුතුය.
අද සමාජයේ වැඩිහිටි පුද්ගලයා සම්බන්ධව දක්වන අසුබවාදී අදහස් නම් (වැරදි දැක්ම)
* සිඝ‍්‍ර ආර්ථික හා තාක්ෂණික සංවර්ධනය තුළ වයස්ගත වූවන් කොන්වීමට ලක්වීම.
* වයස්ගතවීම සංවර්ධනයට බාධාවකි. ඔවුන් අසරණ ය. තීරණ ගැනීම අපහසු පුද්ගලයෙකු ලෙස සැලකීම.
* වැඩිහිටි පුද්ගලයා දුබල, ආබාධිත, යැපෙන්නන් ලෙස සැලකීම.
* වැඩිහිටි පුද්ගලයා පවුලේ කටයුතුවලට බාධා ඇති කරන ලෙස සැලකීම.

නිතර ම අප සිතිය යුත්තේ වැඩිහිටි පුද්ගලයා අත්දැකීම් බහුල පරිණත බුද්ධියක් ඇති සමාජයේ යහපැවැත්මට අවශ්‍ය පුද්ගලයෙක් ලෙස ය. එනම් වැඩිහිටි – (Elders) විග‍්‍රහ කර ඇති ආකාරය නම්
වැඩිහිටි – Elders
E – Educated person – අධ්‍යාපන ලද පුද්ගලයා.
L – Leader – නායකයා.
D – Designer – නිර්මාණකරුවා.
E – Eainest person – අව්‍යාජ පුද්ගලයා (දක්ෂතම).
R – Resource person – සම්පත් දායකයා.
S – Sensitive person – සංවේදී පුද්ගලයා.
මේ අනුව වැඩිහිටියන්ගේ අනාගත ආරක්ෂාවට ඉතාමත් සංවිධනාත්මක වැඩපිළිවෙළක් තිබිය යුතුය.
එනම්
* වැඩිහිටි සමිති පිහිටුවීම සහ දැනට පවත්වාගෙන යන වැඩිහිටි සමිතිවල සක‍්‍රියතාව වැඩි කිරීමට සැලසුම් කිරීම.
* වැඩිහිටි දීමනා නොලැබෙන අයට වැඩිහිටි දීමනා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සැලසීම.
* දැනට ලබාදෙන වැඩිහිටි දීමනාව ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සැල