Beauty

ලස්සන කෙස් කලඹකට කැමති ඔබට ගුණ සපිරි ආහාර

කෙස් කලඹක ලස්සන වෙනුවෙන් අවශ්‍ය පෝෂණය අපි ලබා ගත යුත්තේ ආහාර මගින්. මේ කටයුත්ත එතරම් අපහසුවක් ‍ නොවෙයි. ඒත් අපි මේ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. එහෙම නම් හිස කෙස් ලස්සන කරන ආහාර ගැන දැන මේ කරුණු ඔබටත් වැදගත් විය හැකියි.

කොළ පැහැති එළවළු

හිසකෙස්වල නීරෝගි බව වෙනුවෙන් වඩාත් වැදගත් වෙන්නේ විටමින් ” ඒ ” සහ ” සි ” වැනි පෝෂණ ප්‍රභවයන්. මේවා ඉතා පහසුවෙන් කොළ පැහැති එළවලු මගින් උපයා ගන්න පුලුවන්. කරවිල, නිවිති, බ්‍රෝකෝලි වැනි එළවළු ආහාරයට ගැනීමෙන් ඉහත සඳහන් විටමින් ප්‍රභව වගේම කැල්සියම්ද උපයා ගැනීම එතරම් අපහසුවක් නොවෙයි.

කැරට්

විටමින් ” ඒ ” ගැන කිව්වොත් කැරට් ගැන නොකියාම බැහැ. හිසකෙස්වලට විතරක් නොවෙයි, සමේ පැහැපත් බවටත් කැරට් ඉතාම හිතකරයි. බොහෝ දෙනෙක් කැරට් වල ඇති අපුල ගන්ධයට මනාප නැහැ. මේ නිසා කැරට් ව්‍යංජයක් විදිහට ආහාරයට ගැනීමට මනාප නැහැ. එහෙම අයට කැරට් සලාද, යුෂ විදිහට සහ තම්බාගෙන හෝ සුප් සමග එකතු කර ගෙන ආහාරයට ගත හැකියි. සැන්ඩ්විච් වෙනුවෙනුත් සිහින්ව ගා ගත් කැරට් එක් කළ හැකියි. ක්ලබ් සැන්ඩ්විච් වෙනුවෙන් කැරට් තට්ටුවක් යොදා ගැනීමෙන් ඇති වෙන ආහාර රුචිකත්වය සමග හිසකෙස් වෙනුවෙනුත් ගුණ ලබා ගන්න අවස්තාව ලැබෙනවා.

බතල

බතල බිට කැරොටින් බහුල ආහාරයක්. බතලවල අඩංගු බිටා කැරෙටින් සහ විටමින් ” ඒ ” හිසකෙස්වල නීරෝගි බව ආරක්ෂා කරනවා. බතලවල යකඩ, කොපර්,ප්‍රෝටින් අඩංගුයි. මේ නිසා බතල ඔබේ ආහාරයට එක් කර ගැනීමෙන් ඇති වෙන වාසිය සුලුපටු නැහැ. තම්බාගෙන වගේම ව්‍යංජනයක් ලෙසින් ආහාරයට ගන්න පුලුවන්කම තිබෙනවා. ඇතැම් අය බේක් කර ගෙනත් බතල ආහාරයට ගන්නවා. කොයි විදිහට හෝ බතල වෙනුවෙන් ඇති ඇගයීම අඩු වෙන්නේ නැහැ.

බිත්තර

බිත්තර විටමින් ” ඒ ” සහ විටමින් ” බී ” අන්තර්ගත පෝෂණ ප්‍රභවයක්. බිත්තර යුෂ හිසේ ගල්වා ටික වේලාවකින් සෝදා හැරියත් එයින් ඇති වෙන දීප්තිමත්බව ඔබට පැහැදිලිව පෙනේවි. බොහෝ ෂැම්පු වර්ගවලින්ද බිත්තර ප්‍රෝටීන ගැන සදහන් වෙනවා. මේ නිසා ඉතාම හොඳ ප්‍රමිතියකින් යුක්ත ස්වභාවික බිත්තර මේ වෙනුවෙන් යොදා ගත හැකියි. හිසකෙස්වලටත් ඔක්සිජන් අවශ්‍යයි. මේ ඔක්සිජන් බිත්තර මගින් පහසුවෙන් ලැබෙනවා. බිත්තර තම්බා, බැදුමක් , ඔම්ලට්, බාගෙට තම්බා, ව්‍යංජන ලෙසින් හෝ පාන් , රොටී වලට මැදි කර ගෙන ආහාරයට ගත හැකියි.

මුහුදු බෙල්ලන්

ඉස්හොරි කරදරයක් විතරක් නොවෙයි එයින් ආසාදන ඇති වෙලා හිසකෙස් රෝගී තත්වයට පත් වෙනවා. මුහුදු බෙල්ලන් සින්ක් බහුල ආහාරයක් නිසා හිසකෙස් ශක්තිමත් කිරීමට වගේම ආසාදනයන්ගෙන් නිදහස් කිරිමේ හැකියාවෙන් යුක්තයි.

ධාන්‍ය

බබලන කෙස් කලඹක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රෝටීන්, බයොටින්, වැනි සංඝටක සෝයා බෝංචි , කඩල , කව්පි, මුංඇට වැනි ධාන්‍යවල අන්තර්ගතයි. මස් මාංශ අනුභව නොකරන උදවියට අවශ්‍ය ප්‍රෝටීන් මෙම ධාන්‍ය මගින් ලබා ගෙන කිසිම අවහිරයක් නොමැතිව හිසකෙස් නිරෝගීව තබා ගත හැකියි.

කජු

කජු විටමින්” ඊ “වලින් පරිපූර්ණ නිසා හිසකෙස් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය නොපිරිහෙලා ලබා දෙනවා. කජු වගේම ආමන්ඩ්, පීනට් වැනි කජු කුලයේ පලතුරුත් මේ සහයෝගය ලබා දෙනවා.

සැමන්

ඔමේගා 3 සහ විටමින් බී 12 වැනි පෝෂණ ප්‍රභවයන්ගෙන් සමන්විත සැමන් ආහාරයට ගැනීමෙන් මොළයේ රුධිර සංසරණය උත්තේජනය වෙන නිසා හිසකෙස් වගේම සමට ලැබෙන පෝෂණය නිසා දීප්තිමත් නීරෝගී කෙස් කලඹක අයිතිකරු වීම එතරම් අපහසුවක් නොවෙයි.

මේදය අඩු කිරි ආහාර

චීස්, යෝගට් සහ යොදය රහිත කිරි හිසකෙස් වෙනුවෙන් හිතකරයි. කිරි කැල්සියම් වගේම ප්‍රෝටීන් හිසකෙස් වර්ධනයට සහ නීරෝගිතාවයට හේතු වෙන නිසා ඔබේ ආහාරයටත් මෙම කිරි සංයෝග එක් කර ගන්න.

පළතුරු

පලතුරුවල අන්තර්ගත විටමින් ” සී ” හිසකෙස් වෙනුවෙන් ඉතා හිතකරයි. පළතුරු අතර ඉතා සුලබව තිබෙන අඹ, අන්නාසි, වගේම ස්ට්‍රෝබෙරි, කිව් සහ පීච් වැනි පළතුරු හිසකෙස් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරනවා.

අන්තර්ජාලය ඇසුරෙන්