Health Guide

ගර්ඩ් නමැති රෝගය ගැන ඔබ දන්නවාද ?

ගර්ඞ් යනු කුමක්ද?

Gastro Esophageal Reflux Disease යනු ආමාශයේ ඇති අම්ල හෝ අම්ල හා මිශ්‍ර වූ ආහාර කොටස් හෝ පිත ගලනාලය තුළට ආපසු ගැළීමයි. ගලනාලයේ ශ්ලේෂ්මල පටලය ආමාශයික අම්ලවලට ඔරොත්තු නොදෙන නිසා රෝගියාට රෝග ලක්ෂණ පහළවීම සිදු වේ. නිරෝගී පුද්ගලයෙකුගේ ගලනාලයේ පහළ කෙළවර ඇති පිණ්ඩකයේ (Lower esophageal sphincter) ක්‍රියාකාරිත්වය නිසා එම ආපසු ගැලීම වළකයි. ගලනාලය උරස් කුහරය හරහා විත් උදර කුහරයට ඇතුළු වන්නේ මහා ප්‍රාචීරයේ (Diaphragm) වම් හා දකුණු crura නම පේශි කොටස් දෙක අතරින් නිසා එහි ඇතිවන දුර්වලතා නිසා ද එම පිණ්ඩකයේ ක්‍රියාකාරිත්වය අඩපණ වේ. එම පේශි කොටස් දෙක අතරින් ආමාශයේ කොටසක් හා ගලනාලය උරස් කුහරය ඇතුළට තල්ලුවීම Hiatus Hernia (හයේටස් හර්නියා) නමින් හැඳින්වේ. මෙහිදී ව්‍යුහාත්මකව එම පිණ්ඩකය අදාළ ස්ථානයෙන් ඉහළට ගියවිට එහි ක්‍රියාකාරිත්වය අඩපණ වී ආපසු ගැලීම සිදු වේ. (Reflux).

ගර්ඞ්’ රෝගය සඳහා හේතු සාධක

1. ගර්භණීභාවය.

2. ස්ථුලභාවය.

3. දුම් පානය.

4. හයේටස් හර්නියා. Hiatus Hernia.

5. ඖෂධ වර්ග.

6. මානසික ආතතිය.

7. ආහාරවල රසායනික සංයුතිය.

8. චොක්ලට්, කැෆේන්, මධ්‍යසාර, මයිට් වර්ග ඇති

5 හයිඩ්‍රොක්ස් ටි්‍රප්ටමින්.

රෝග ලක්ෂණ

පපුවේ හා උගුරේ දැවිල්ල – නැවෙන විට, නිදාගන්නා විට හා කෑමෙන් පසු,

● උගුරට වාතය හෝ ඇඹුල් රසට ඒම. (Eructation or Regurgitation)’

● හුස්ම ගැනීමේ අපහසුව .

● රාත්‍රී නින්දේදී කැස්ස ඇතිවීම.

● ගිලීමේ අපහසුතාව.

● කටහඬ වෙනස්වීම.

● හිස රුදාව.

● වමනය.

● රක්තහීනතාවය.

රෝග විනිශ්චය.

● එන්ඩොස්කොපි පරීක්ෂණය. (Upper Endoscopy)’

● ගලනාලය කෙළවර ඇති වෙනස්කම්.

● ගලනාලය හා ආමාශය අතර ඇති සන්ධියට ඇති දුර මැනීම.

● ගලනාල කෙළවර ආම්ලිකතාවය හා PH  අගය මැනීම.

● ගලනාල කෙළවර පීඩනය මැනීම.

ඉහත පරීක්ෂණවලින් රෝගියාට හයේටස් හර්නියා Hiatus Hernia. තත්ත්වය ඇත්දැයි සාක්ෂාත් කරගත හැකිය.

ප්‍රතිකාර කරන ක්‍රම

1. ඖෂධ වර්ග – ආම්ලිකතාවය අඩු කරන.

2. ආපසු ගැලීම අඩු කරන ඖෂධ.

3. එන්ඩොස්කෝපය තුළින් කරන ප්‍රතිකාර.

4. ශල්‍යකර්ම – විවෘත හා ලැපරොස්කොපි ශල්‍යකර්ම. (Open or Laparoscopic Surgery).

 ගර්ඞ් (GERD) රෝගය වළක්වාගැනීම

1. ස්ථුලභාවය අඩුකරගැනීම.

2. දුම් පානය හා මධ්‍යසාර ගැනීමෙන් වැළකීම.

3. අධික ලෙස චොක්ලට්, තේ කහට, කෝපි, මයිට් වර්ග ගැනීමෙන් වැළකීම.

4. අධික මේද ආහාර ගැනීමෙන් වැළකීම.

5. ඇඳේ හිස පැත්ත ඉස්සෙන සේ නිදාගැනීම.

6. ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වැළකීම.

7. මානසික ආතතිය අඩුකරගැනීම.

ගර්ඞ් (GERD)  නිසා ඇතිවිය හැකි සංකූලතා

1. ආපසු ගලන අම්ල, ආහාර කොටස් නිසා ස්වරාලය, උගුර, හිස් කබල් කුහර වල ආසාධිතතාව ඇතිවීම.

2. ගලනාලයේ කෙළවර තුවාල සුවවීමේදී ගලනාලය සිහින්වීම.

3. ආමාශයේ ශ්ලේෂ්මල පටලය ගලනාලය තුළට ලියැලීම

4. ගලනාලය කෙළවර පිළිකා හටගැනීම.

ආමාශ ආන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන