Food

එළු කිරිවල ඇති සුවිශේෂී ගුණ

එළු කිරිවල, එළ කිරිවලට වඩා සියයට 25 ක්‌ විටමින් ඒ, ඩී, බී1, බී2, බී12 ද සියයට 13 ක්‌ වැඩිපුර කැල්සියම්ද සියයට 134 ක ගුණයක්‌ වැඩිපුර පොටෑසියම්ද කොපර් 4 ගුණයක්‌ වැඩිපුරද අන්තර්ගතයි. එසේම සියයට 27 ඇන්ටිඔක්‌සිඩන්ට්‌ වන සෙලිනියම්ද එළකිරිවලට වඩා අන්තර්ගතව පවති.

මෑත සොයාගැනීම් අනුව මෙහි පවතින මේද ගෝලිකාවල කුඩා බව හේතුකොටගෙන හා ඇමයිනෝ අම්ලවල සංයුතිය හේතුකොටගෙන එය ශරීරයේදී පහසුවෙන් ජීර්ණය කිරීමට පුළුවන්. එසේම මේදය ජීර්ණයේ දී කෙටිදාම හා මධ්‍යදාම මේද අම්ල සමඟ සම්බන්ධ වී එය අවහිර කරන ඇග්ලුට්‌න් නම් සංයෝගය එළුකිරිවල නොමැතිවීම නිසාද එය පහසුවෙන් ජීර්ණයට ලක්‌ වේ.

එලකිරි හා මව් කිරිවලට වඩා ඇති මධ්‍යමදාම මේද අම්ල වන පාමිටික්‌ ඇසිට්‌, ඔලෙයික්‌ ඇසිඩ්, මිස්‌රිස්‌ටික්‌ ඇසිඩ්, ලොරෙයි ඇසිඩ් හා කැප්රික්‌, කැප්රොයික්‌, කැප්රිලික්‌ යන ඇසිඩ් වර්ගයන්ගෙන් එළුකිරි පොහොසත්.

එළුකිරිවල පවතින අනෙකුත් විශේෂ ප්‍රයෝජන

අක්‌මාවේ සහ අග්න්‍යාශයේ ගැටලු සහ ජීර්ණය හා සම්බන්ධ ගැටලු පවතින පුද්ගලයනට මෙය කිසිදු පැකිළීමකින් තොරව නිර්දේශ කළ හැකියි.

ලැක්‌ටෝස්‌ ජීර්ණ අපහසුතාවය සහිත වූවන්ට.

මෙය බොහෝ පුද්ගලයන් පීඩා විඳින සායනික තත්ත්වයක්‌. මෙම තත්ත්වය සහිත පුද්ගලයන්ට කිරි පානය කළවිට පාචන තත්ත්වය හටගනී. එළුකිරිවල පවතින ලැක්‌ටෝස්‌ ප්‍රමාණය අඩු බැවින් එය මෙම තත්ත්වය සහිත පුද්ගලයනට ප්‍රතිඵලදායකයි.

කොලෙස්‌ටරෝල් අවම කිරීමට

එළුකිරිවල දේහයේ තැන්පත්ව ඇති කොලෙස්‌ටරෝල් දියකිරීමේ හා නිශේධනය කිරීමේ හැකියාව පවති. එසේම මෙය දෛනිකව පානය කිරීමෙන් නාළවල රුධිර කැටි ඇතිවීමේ සම්භාවිතාව අඩුවේ. මෙය හදවත් රෝගවලින් වැළකීමට හේතුවක්‌ ද වේ.

ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගීන් සඳහා

එළුකිරිවල ඛනිජ ද්‍රව්‍ය පරිවෘත්තියේ සහ අස්‌ථිවල ඛනිජ තැන්පත්වීම කෙරෙහි හිතකර ලෙස බලපායි . මෙම කිරිවල එළකිරි හා මව්කිරිවලට වඩා 7-10 ගුණයක්‌ වැඩිපුර ඛනිජත් එමෙන්ම වැඩිපුර කැල්සියම් හා පොස්‌පරස්‌ අඩංගුව පවතින බව සොයාගෙන තිබේ.. එසේම මෙහි අන්තර්ගත සෝඩියම් ප්‍රමාණයත් අනෙක්‌ කිරිවලට වඩා අධිකවේ.

රක්‌තහීනතාවය සඳහා

මෙහි පවතින යකඩ ප්‍රමාණය මව්කිරිවලට සමාන වුවත් එළකිරිවලට වඩා අධිකයි. HIV/ ඒඩ්ස්‌ ආසාදිත ළදරුවන්ගේ පෝෂණ ඌනතා මඟහැරීමෙහිලා මෙය යොදාගන්නත් පුළුවන්.

තවත් ගුණ

ඇදුම රෝගයට ගුණදායකය.

පිළිකා රෝගීන්ගේ රුධිර පට්ටිකා වර්ධනය කළ හැකිය.

මාරාන්තික ඩෙංගු රෝගයට ඔසුවකි.

සෙම් රෝග සුව කරයි

දරු ප්‍රසුතියෙන් පසු යකඩ අඩු කමින් වන මව්කිරි හිඟයට ගුණදායක ය.

වෛරස් උණ රෝගීන්ට රුධිරයේ පට්ටිකා අවම වීම සුව කල හැකිය.

ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයක් ඇත.