Health Guide

වැරදි පුරුදු නිසා මතක ශක්තිය අඩුවෙන හැටි

නිවැරදි ජීවන රටාවකට හුරුවීම ඕනෑම කෙනෙකුට ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ලබාගන්න හේතු වෙනවා. නමුත් අපි කොච්චර උත්සාහ කළත් සමහර වෙලාවට අපේ ජීවන රටාව තුළ දී යම් යම් වැරදි දේවල් සිදු වෙනවා. අපි හිතන්නෙ නැතිව සිදු කරන බොහොමයක් දේ නිසා අපි හිතන්නෙ නැති විදියෙ හානිදායක දේ සිදු වෙන්න පුළුවන්. අපේ මතක ශක්තියට ඍජුවම බලපෑම් එල්ල කරන බොහොමයක් වැරදි පුරුදුවලට අපි යොමු වෙලා ඉන්නෙ නොදැනුවත්කම නිසයි. ඒ වගේ වැරදි පුරුදු මොනවද කියලා ඉන්දියාවේ අමිටි විශ්වවිද්‍යාලයෙන් සොයා බැලූවා. මේ පර්යේෂණයට යොදාගෙන තිබුණේ විශ්වවිද්‍යාලීය සිසුන් පමණක් වීම විශේෂත්වයක්. පර්යේෂණ කණ්ඩායමේ අවසන් පර්යේෂණ වාර්තාවන් උපුටාගත් තොරතුරු තමයි මේ.

1. උදෑසන ආහාර වේල මගහැරීම

අපේ රටේ බහුතරයක් නාගරිකයන් අතර දක්නට ලැබෙන වැරදි පුරුද්දක් තමයි උදේ ආහාර වේල ලබා නොගැනීම. ගොඩක් වෙලාවට උදේ ආහාරය මගහැරෙන්නෙ නොසැලකිලිමත්කම නිසයි. බොහොමයක් අය ඒ සඳහා කියන හේතුව තමයි වේලාවක් තිබුණෙ නැහැ කියන එක. උදේට නැගිටලා මුහුණ සෝදන්න, ඇඳුම් අඳින්න වෙලාවක් හදාගන්න පුළුවන් නම් කෑම කන්න විනාඩි 10ක් 15ක් වැය කරන්න බැරි කමක් නැහැ. නමුත් ගොඩක් අය කරන්නෙ උදේ තේ එක විතරක් බීලා චවල් වෙනකන් ඉඳලා දිවා ආහාරයම ලබාගන්නවා. නමුත් මෙය පුරුද්දක් විදිහට කිරීමෙන් මොළයේ ෙසෙල විනාශ වී යාමත් කෙටි
කාලීන සහ දිගු කාලීන මතක ශක්තිය අඩුවීමත් සිද්ධ වෙන්න පුළුවන්.

2. ප‍්‍රමාද වී නින්දට යාම

දවසකට අවම වශයෙන් පැය 8ක් වත් නිදාගන්න ඕනෙ කියලා අපි අහලා තියෙනවා. නමුත් නිදා ගන්න හොඳම වෙලාව තමයි රාත‍්‍රී 9ත් උදේ 5ත් අතර වෙලාව කියලා ඔබ නොදන්නවා ඇති. රාත‍්‍රී 9න් පස්සෙ අවදිව සිටීම ඒ තරම් හොඳ නැහැ. නමුත් අපේ රටේ බහුතරයක් රාත‍්‍රී 10-11 වෙනකන් අවදිව ඉන්නවා. නමුත් අවම වශයෙන් රාත‍්‍රී 9ට වත් නින්දට යාමෙන් මොළයේ වෙහෙසකර බව අඩු වෙනවා. ඒ වගේ ම රාත‍්‍රියේ හොඳ නින්දක් ලැබීමෙන් මොළයට හොඳ විවේකයක් ලැබෙනවා. ප‍්‍රමාද වී නින්දට යාමෙන් මොළයට ලැබිය යුතු විවේකය ලැබෙන්නෙ නැහැ. එය මතක ශක්තිය අඩු වෙන්න හේතු වෙන්න පුළුවන්.

3. අධික සීනි පරිභෝජනය

මොළයට ඍජුව ම හානි වෙන්න පුළුවන් තවත් එක් වැදගත් ආකාරයක් තමයි අධික සීනි පරිභෝජනය. ඒ කියන්නෙ සීනි කන එක ම නෙවෙයි. පැණි රස ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, පැනි බීම වර්ග පානය කිරීම, දියවැඩියාවට හේතු වන ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීම වගේ දේවල් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි වැඩිපුර හිතන්නෙ නැතිව කන කෑම වර්ග ගැන හිතන්න පටන්ගන්න සිද්ධ වෙනවා.

4. වැඩිපුර නිදාගැනීම

අඩුවෙන් නිදාගැනීම වගේ ම වැඩිපුර නිදාගැනීමත් සිරුරට ඒ තරම් හිතකර නැහැ. අසනීප තත්වයක් නැති වෙලාවට උදේට නැගිටින්නෙ නැතිව දවල් වෙනකන් නිදා ගන්න අය ඕනෙ තරම් ඉන්නවා. උදේට අවදි වෙන්න සුදුසුම වෙලාව තමයි පාන්දර 5ත් 6ත් අතර කාලය. ඒ වෙලාවෙන් පස්සෙත් දිගින් දිගට ම නිදාගැනීමෙන් මොළයේ ෙසෙලවලට ක‍්‍රියාශීලී වෙන්න තිබෙන අවස්ථාව මගහැරී යනවා. එය මතක ශක්තිය අඩු වෙන්න හේතු වෙනවා.

5. අවධානයෙන් තොරව ආහාර ගැනීම

අපේ ප‍්‍රධාන ආහාර වේල් තුනම ලබාගන්න ඕනෙ ආහාර වේල ගැන ඉතාම හොඳ අවධානයකින් යුතුවයි. සමහර අය පුරුද්දක් විදිහට රූපවාහිනිය නරඹන අතර, පරිගණකයේ වැඩ කරමින් ඉන්න අතර ආහාර ගන්නවා. ඒ විදිහට ආහාර ගැනීමෙන් මොළයේ අවදානය ලැබෙන්නෙ ආහාර ගැනීමට වඩා රූපවාහිනියටයි. ඒ කියන්නෙ ආහාර ජීර්ණය වෙන්න ඕනෙ කරන එන්සයිම නිසි ලෙස ශ‍්‍රාවයවීමක් පවා එවිට සිදු වෙන්නෙ නැහැ. මොළයේ ෙසෙල අඩපණවීමටත් මතක ශක්තිය අඩු වීමටත් එය හේතු වෙන්න පුළුවන්.

6. නිදාගන්නා විට තොප්පි, ස්කාෆ් හෝ මේස් පැලඳීම

අපේ රටේ නම් මේ පුරුද්ද ඒ තරම් ම නැහැ. නමුත් වෙනක් රටවල නම් නිදාගන්නා විටත් මේස් පලඳින අය ඉන්නවා. ඒ අධික ශීතලෙන් ආවරණය වෙන්න උවමනාවටයි. නමුත් එසේ නිදාගන්නා අතරතුර මේස් හෝ තොප්පි, ස්කාෆ් ආදිය පැලඳීම ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි. එවැනි පුරුදුවලට යොමු වෙලා ඉන්නවා නම් එය වහාම නතර කළ යුතු වෙනවා.

7. මුත‍්‍රා තද කරගෙන සිටීම

මේ කාරණයත් අපේ සමාජයේ බහුලව දකින්න පුළුවන් දෙයක්. වැසිකිලියට යන්න තියෙන කම්මැලිකමට මුත‍්‍රා තද කරගෙන ඉන්න අය ඉන්නවා. මේක ඍජුව ම බලපාන්නෙ මොළයට. දිගු කාලීනව මෙවැනි පුරුදු තියෙන අයගෙ මොළයේ ෙසෙල විනාශවීමත් මතක ශක්තිය අඩුවීමත් සිදු වෙන්න පුළුවන්.

සටහන – දුලංජලී මුතුවාඩිගේ