Health Guide

කොන්ඩෙ හෙයා ජෙල් ගෑවම මොකද වෙන්නෙ ? නවතම පරීක්ෂණයකින් හෙළිවන තොරතුරු මෙන්න

අද කාලෙ පිරිමි ළමයින්ගෙන් සියයට 70ක් විතරම හෙයා ජෙල් එකක් හෝ හෙයා ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. නමුත් හෙයා ජෙල් හෝ හෙයා ක්‍රීම් කියන්නේ කොච්චර අහිතකර දෙයක්ද කියලා ඔවුන් දන්නේ නැහැ.

ජෙල් කියලා කියන්නෙ මේදය සහිත නිෂ්පාදනයක්. මේක පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන්නෙ පැය හතර පහක් වගේ කාලයක් තුළ සෝදලා හරින්න පුළුවන් නම් විතරයි. නමුත් අද කාලෙ අපේ කට්ටිය උදේ ගාගන්න ජෙල් තට්ටුව හෝදලා අරින්නේ රෑට. සමහරු එහෙම කරන්නෙත් නෑ. හෙයා ජෙල් කියන්නේ නවීන ලෝකයේ නිෂ්පාදනයක් කියලා හිතලා ජෙල් ගෑවට ලෝකෙ ඉස්සෙල්ලාම ජෙල් ගෑවයි කියලා සාක්ෂි තියෙන්නෙ ඊජිප්තුවෙ පිරමීඩවල. ඒ කාලෙ ජෙල් හදලා තියෙන්නෙ සත්ත්ව තෙල්වලින්. මැන්චෙස්ටර් යුනිවර්සිටි එකේ ඊජිප්තු නෂ්ටාවශේෂ පිළිබඳ විද්‍යාඥවරියක් වුණු නටාලි මැක්ක්‍රීස් කියන විදිහට නම් අද ඊජිප්තු පිරමිඩ ඇතුළෙ මමිවල ඉන්න අය ඒ කාලෙ පැය 24 ම කොණ්ඩෙ ජෙල් ගාගෙන ඉඳලා තියෙනවා. හැබැයි එයාලගෙ කොණ්ඩෙට කිසිම හානියක් වෙලා නැත්තෙ එයාලා ගාපු ජෙල් හදලා තියෙන්නේ ස්වභාවික සත්ත්ව තෙල්වලින් නිසාලු. නටාලි මේක කියන්නෙ මමි 18ක කෙස් ගස් අධ්‍යයනය කරලයි.

ඊට පස්සෙ කාලෙ, ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 400 දී විතර ස්පාඥ්ඥයෙන් හම්බ වුණු ඇට සැකිලි වගයක් අධ්‍යයනය කරපු විද්‍යාඥයන් පිරිසකට හමුවෙලා තියෙනවා හෙයා ජෙල් ගැන තවත් අලුත් දෙයක්. අර කියපු ඇට සැකිල්ල අයිති කෙනාගෙ ඉතුරු වෙලා තිබුණු කෙස් ගස් කීපය අධ්‍යයනය කරලා හොයාගෙන තියෙනවා එයා ඒ කාලෙ ගාලා තියෙන්නෙ පයින් කියන ගස් වර්ගයේ රෙසිනවලින් හදපු හෙයා ජෙල් එකක් කියලා. ඒ හෙයා ජෙල් වර්ගය මිනිස් සිරුරට හෝ කෙස්ගස්වලට හානිකර ජෙල් වර්ගයක් නෙමෙයි කියලත් ඒ අය කියනවා.

හැබැයි මේ කාලෙ වෙළෙඳපොළේ තියෙන හෙයා ජෙල් වර්ග හැම එකක්ම වාගෙ සිරුරට අහිතකර ඒවා. ඒවා අහිතකර වෙන්න හේතු තියෙනවා. එකක් තමයි මේ කාලෙ තියෙන හෙයා ජෙල් වර්ග ගෑවම කොණ්ඩෙ තෙත ගතියක් ඇති වෙනවා. සමහරු කඬේට ගිහින් ඉල්ලන්නෙම “වෙට් හෙයා ජෙල් එකක් දෙන්න” කියලනෙ. ඒ තෙත ගතිය හෙයා ජෙල් එක හිසෙන් හෝදලා හරිනකන් ම කොණ්ඩයේ රැඳිලා තියෙනවා. ඉතින් පැය 24 ම කොණ්ඩෙ තෙතට තියෙනවා කියන එකෙන් යමක් හිතාගන්න පුළුවන් වෙනවා නේද? එහෙම වුණාම වෙන්නෙ කොණ්ඩය සුදුවීමේ වේගය වැඩි වෙන එකයි. ඔයගොල්ලන්ගෙ කොණ්ඩෙ සාමාන්‍ය විදිහට සුදු පාට වෙන්නෙ අවුරුදු 40 දි නම් හැමදාම ජෙල් ගාන කෙනෙකුගේ කොණ්ඩය අවුරුදු 25 විතර වෙද්දි සුදු වෙන්න පටන්ගන්නවා කියලා ඒ ගැන පර්යේෂණ කරපු විද්‍යාඥයන් කියනවා. ඉක්මනට වයස පාට වෙන්න කැමති අය ඉන්නවා නම් ඔය විදිහට හැමදාම හෙයා ජෙල් තට්ටු තට්ටු ගාගත්තට කමක් නෑ.

අනිත් කාරණය විදිහට විද්‍යාඥයන් කියන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් හැමදාම හෙයා ජෙල් ගාන කෙනෙක් ෂවර් එකෙන් නාන්නෙ නැතිව බේසමකට ඔළුව අල්ලලා නාලා බැලුවොත් එයාගෙ කෙස් ගස් කොච්චර ගැලවෙනවද කියලා හොයාගන්න පුළුවන්ලු. ඒක වෙන්නෙත් හෙයා ජෙල් නිසා. හෙයා ජෙල් හදන්න ගන්නෙ රසායනික ප්‍රතිඵල කීපයකට ලක් කරපු ප්ලාස්ටික් වගේ දෙයක්. ඒවා තෙල් ගතියට තියෙන්න පිටතින් එකතු කරන්නෙත් රසායනික ද්‍රව්‍ය. ඒ නිසා ඒවා වැඩි වෙලාවක් ඔළුවෙ තියාගෙන ඉන්න හොඳ නෑ. අනිත් කාරණය තමයි දීර්ඝ කාලයක් පුරා හෙයා ජෙල් ගානකොට ජෙල්වල තියෙන යම් යම් මේදමය සංඝටක හිස් කබල ඇතුළට කාන්දු වෙනවා. ඒ කියන්නෙ කාලයක් යද්දි මොළය වටේ තෙල් තට්ටුවක් බැඳෙන්න පුළුවන්.

මේ විදිහේ මොනවා කිව්වත් අපේ කට්ටිය හෙයා ජෙල් ගාන එක නතර කරන්නෙ නෑ කියලා දන්නා නිසා ඒකටත් පිළියමක් දෙන්නත් කලින් කියපු විiාඥයො තීරණය කරලා තියෙනවා. ඒ තමයි පුරුද්දක් විදිහට හැමදාම හෙයා ජෙල් ගාන අය හෙයා ජෙල් ගාන්න කලින් ශරීරයට සහ කොණ්ඩයට හිතකර වෙනත් තෙල් වර්ගයක් කොණ්ඩෙට ආලේප කරලා ඉන්න කියලා ඔවුන් නිර්දේශ කරනවා. ඊට පස්සෙ ඒක උඩින් හෙයා ජෙල් ගාන්න. මෙතැනදි වෙන්න ඕනෙ හෙයා ජෙල් තට්ටුව සෘජුව ම කෙස්වල වදින්නෙ නැති වෙන්න ගාන එකයි. එහෙම කළොත් අඩුම තරමෙ තව අවුරුදු දහයක්වත් කොණ්ඩෙ හොඳින් තියාගන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා.

සටහන – දුලංජලී මුතුවාඩිගේ