Beauty

Simple Make-up එකකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්න

වර්තමානය වන විට කාන්තා – පුරුෂ භේදයක් නොමැතිව make-up භාවිත කරනු ලබයි. මේකප් එකක් පුද්ගලයෙකුගේ සමෙහි වර්ණය එක සමාන කර ගැනීමට මෙන්ම, මුහුණේ අඩුපාඩු වසාගැනීමට උපකාරී වේ. එමෙන්ම එය පුද්ගල ආකර්ෂණීය බව වැඩි දියුණු කිරීමට ද ඉවහල් වනු ඇත. මේකප් එකක් වැඩිපුර ආලේප කිරීම මඟින් මේකප් එක ලස්සන වන බව බොහෝදෙනෙකු අතර පවතින වැරදි ආකල්පයකි. එහෙත් ලොව පිළිගත් මතය වන්නේ මේකප් අවමයෙන් භාවිත කිරීම වඩාත් සුන්දර බවයි. එබැවින් මෙවර අප ඔබව දැනුවත් කරන්නේ, අවමයෙන් නැතහොත් simple make-up එකක් කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

මේකප් එකක් කර ගැනීමට ප්‍රථමයෙන් අප පළමු පියවර ලෙස අපේ සම ආරක්ෂා කර ගැනීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. එහිදී පළමුව මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර ගෙන, පසුව Soothing cream එකක් නැතහොත් සමේ තෙතමනය රැකදෙන ක්‍රීම් ආලේපනයක්, (Moisturizer Cream) කෝමාරිකා ජෙල් එකක් වැනි දෙයක් සමෙහි ආරක්ෂාව වෙනුවෙන් ගැල්විය හැකිය. දෙවනුව අපගේ මේකප් එක හොඳින් මුහුණේ ආලේපවීම සඳහා අපට Primer එකක් භාවිත කළ හැකිය. Primer එකක් භාවිත කළ පසු make-upවල දී ඇස් යට අවපැහැගැන්වීම් වසාගැනීම සඳහා consular එකක් භාවිත කළ හැකිය. Consular යනු සමේ අඳුරු පැහැයක් වසන්නට උපකාරි වන නිෂ්පාදනයකි. අපේ රටේ සමට වඩාත් ගැළපෙන්නේ consular නිෂ්පාදනයේ තැඹිලි වර්ණයයි. එම නිසා ළා වර්ණ භාවිත කිරීමෙන් වැළකී තැඹිලි වර්ණය භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඊළඟ පියවර ලෙස මුහුණේ සමේ වර්ණය අපට ෆවුන්ඩේෂන් (foundation) එකක් භාවිත කර එක වර්ණයකට ගත හැකිය. ෆවුන්ඩේෂන් එක ද අපට liquid foundation, cream හෝ පවුඩර් යන තුන් ආකාරයට ම භාවිත කළ හැකිය. ඉන් තමාට පහසු ම ආකාරයෙන් foundation වර්ගයක් තෝරාගත හැකිය. එලෙස foundation එකක් තෝරාගැනීමේ දී අපේ සමට 100්‍රක් ගැළපෙන වර්ණය තෝරාගැනීම සාර්ථක ය. Foundation එක මුහුණ පුරාවට ම අපට ආලේප කර ගත හැකි අතර, ආලේප කිරීම සඳහා foundation brush එකක් භාවිත කිරීම කළ හැකිය. ඒ සඳහා soft brush එකක් භාවිත කිරීම මඟින් ආලේපණය මුහුණ පුරා එක ලෙස හොඳින් ආලේප කර ගත හැකිය.

මේකප් එකේ වැදගත් ම සාධකයක් ලෙස eye-liner එක හැඳින්විය හැකිය. කාන්තාවකට විශේෂයෙන් ම දෑස් අලංකාරවත් ලෙස make-up කිරීම වඩා වැදගත් වේ. ඒ සඳහා Eye-liner එක pencil එකක් හෝ liquid එකක් ලෙස ආලේප කළ හැකිය. එමෙන්ම ඇස් පිහාටු අලංකාරවත් කිරීම සඳහා mascara එකක් භාවිත කළ හැකිය. දෙතොල් අලංකාර කිරීම සඳහා තොල් ආලේපනයක් භාවිත කළ යුතු අතර ඒ සඳහා lip gloss එකක් හෝ lip stich එකක් යොදා ගත හැකිය.

මෙම ඉහත සඳහන් කරන ලද මූලික රූපලාවන්‍ය ද්‍රව්‍ය අවමයෙන් භාවිත කර ඔබට එක සමාන වර්ණයකින් යුක්ත සමක් සහ ආකර්ෂණීය පෙනුමක් තිබෙන කාන්තාවක් ලෙස ඉතා පහසුවෙන් හැඩ විය හැකිය.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා නැචුරල් සැලුන්)

සටහන – පියුමිලා අරවින්දි