Food Health

කොළ කැඳ වල ගුණ මෙන්න

කොළ කැඳ කියන්නේ අපේ ලෙඩ රෝග රැසකට ඉතාමත් ගුණ දෙන පානයක්. මේ සුදානම කොලකැඳ වර්ග කිහිපයක ගුණ ගැන ඔබට කියන්නටයි.

ගොටුකොළ කැඳ

පහසුවෙන් සොයාගත හැකි ගොටුකොළ බොහෝදෙනා අතර ජනපි‍්‍රය කැඳ වර්ගයකි. රසයෙන් හා ගුණයෙන් වැඩියි. මුළු ශාකයම ප්‍රයෝජනයට ගත හැකියි.

ධාරණ ශක්තිය ඇති කරයි. අලස බව දුරු කරයි. බොහෝවිට කුඩා ළමුන්ගේ මොළය වර්ධනය කර ගැනීමට ගොටුකොළ කැඳ සුදුසුයි. බුද්ධිය ඇති කරයි. කිරිදෙන මව්වරුන්ට ගුණදායකයි. සිරුරට සිසිලස ලබා දෙයි. ඇස් පෙනීමේ දුර්වලතාවය නැති කරයි. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි. හිසකෙස් වඩයි. හිසකෙස් දීප්තිමත් කරයි. ක්‍රියාශීලි බවින් ජීවිතය පවත්වා ගැනීමට උදව් වෙයි. බොහෝ රෝගවලට ගුණදෙයි. රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කරයි. පිළිකා රෝගවලට යෝග්‍යවෙයි. කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලට ගුණ දෙයි. විටමින් බහුලව පවතී. ක්ෂුද්‍ර පෝෂක ඇත. ලේ පිරිසිදු කරයි. ගොටුකොළ කැඳ දිනපතා පානය කළාට වරදක් නැත.

මුගුණුවැන්න

පලාවර්ග අතරින් ඉතාම ජනපි‍්‍රයයි. කොළ කැඳ ඉතාම රසවත්ය. ශරීරයේ විෂ පහ කරයි. ඇස් පෙනීම වැඩි කරයි. විටමින් ඒ බහුලව ඇත. සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයි. ක්ෂුද්‍ර පෝෂක වලින් ඉහළ පෝෂණීය ගුණයක් ඇති පොටෑසියම්, සින්ක්, කැල්සියම් ඇත. දත් වැඩේ. ප්‍රතිශක්තිය වැඩි කරයි. පටකවල ගෙවි යාම අඩු කරයි. මල පිටවීම හොඳින් සිදු කරයි. මල බද්ධයට හිතකරයි. රුධිරයේ පවතින විෂ දෝෂ නැති කරයි. කුෂ්ට රෝග දුරු කරයි. සිරුරේ දැවිල්ල නැති කරයි.

බඩගින්න ඇති කරයි. සිරුර ප්‍රබෝධමත්ව තබයි. අක්මා රෝගවලට ගුණයි. පීනසට හිතකරයි. හිසරදය දුරු කරයි. රුධිරය පිරිසිදු කරයි. සිරුර සිසිල් කරයි. හොඳින් මුත්‍රා පිටවෙයි. අකලට හිසකෙස් පැසීම නවතාලයි. ඇස් දීප්තිමත් කරයි. හිසකෙස් කළු පැහැ කරයි. මතක ශක්තිය වැඩි කරයි. ඇස්වල ප්‍රභාව වැඩි කරයි. සම පැහැපත් කරයි.

හාතවාරිය

හාතවාරිය කැඳ ගුණාත්මක බවින් වැඩි කැඳ වර්ගයකි. පහසුවෙන් සොයාගත හැකි හාතාවාරිය කොළ කැඳ රසවත් භාවයෙන් යුතුයි. සිරුරේ සිසිලස රඳවා තබයි. මුත්‍රා හොඳින් පිට වේ. වාතය නසයි. සිරුරේ බලය ඇති කරයි. සිරුර පෘෂ්ඨිමත් කරයි. අකලට හිසකෙස් පැසීම නතර කරයි. සරු බව ඇති කරයි. චර්ම රෝග නැති කරයි. හෘදයට හිතයි. කුෂ්ට රෝග දුරු කරයි. සන්ධි රෝගවලට සුදුසුයි. මව්කිරි වඩයි. බුද්ධිය වඩයි. සිරුරේ ඉදිමුම නැති කරයි. ස්නායු පද්ධතිය ආශි‍්‍රත රෝගවලට හිතකරයි. රාත්‍රියේදී ඇස් පෙනීම දුර්වල වූ අයට යෝග්‍ය වේ. ඇස් පෙනීම වැඩි කරයි. ලේ පිටවෙන අර්ශස් රෝගයට සුදුසුයි. ආමාශයේ තුවාලවලට හොඳයි. කාන්තා රෝගවලට සුදුසුයි. සිරුරේ දාහය නසයි. සිරුරේ බලය වැඩි කරයි.

වැල් පෙනෙල

ප්‍රධාන ගුණය පෘෂ්ඨිමත් බව වැඩි කිරීමයි. පෙනෙල කැඳ බීමෙන් පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි. සරු භාවය ඇති කරයි. අධික රුධිර පීඩනය නැති වෙයි. ශරීරයේ වෙව්ලන බව නැති කරයි. පක්ෂාගාත අර්ධිත රෝගවලට ගුණදෙයි. පිළිකා වළක්වන ගුණය පවතී. ශරීරයේ බලය ඇති කරයි. ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගනී. ලේ පිරිසිදු කරයි. ඉදිමුම නැති කරයි. අරුචිය නැති කරයි.

ඉරමුසු

මුළු වසර පුරාම දැකිය හැකි ශාකයකි. මෙය සුලබව පවතියි. රසවත් කැඳක් ලෙස හැඳින්විය හැකියි. ශරීරය සිසිල් කරයි. ශුක්‍ර වර්ධනය කරයි. කුෂ්ට දද නැති කරයි. සිරුරේ දහඩිය දුගඳ නැති කරයි. බඩගින්න ඇති කරයි. පිපාසය නැති කරයි. දාහයල දැවිල්ලල නැති කරයි. ලේ පිරිසිදු කරයි. වාතයට සුදුසුයි. ඉදිමුම නැති කරයි. මව්කිරි පිරිසිදු කරයි. බරවා රෝගයට සුදුසුයි. ස්ත්‍රී රෝගවලට ගුණයි. මුත්‍රා දැවිල්ල නසයි. අක්ෂි රෝගවලට සුදුසුයි. සිරුරේ ඇතිවන තුවාල සුව කරයි. මී විසට හිතකරයි. ඉරමුසු සුවඳවත් නිසා ආහාර රුචිය ඇති කරයි.