Health Guide

තරුණ පරපුරට වැලඳෙන අලුත්ම රෝගය

සුරා­වට සූදු­වට ඇබ්බැහි වීම, මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වීම වැනි අලුත් ආකා­රයේ ඇබ්බැහි වීමක් වර්ත­මාන සමා­ජයේ දක්නට ලැබේ. ඒ අන්ත­ර්ජාලයට ඇබ්බැහි වීමයි. අන්ත­ර්ජාල ඇබ්බැහිය බහු­ලව දැක ගත හැකි වන්නේ නව යෞව­න­යන් අත­රය. මාන­සික රෝග වර්ගී­ක­ර­ණ­යේදී ‘අන්ත­ර්ජාල ඇබ්බැ­හි­ය’ නව රෝග­යක්. එසේ පැව­සුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් මනෝ වෛද්‍ය විශේ­ෂඥ අපේක්ෂා හේවා­ගී­ගන මහ­ත්මි­යයි.

අධ්‍යා­ප­නික කට­යුතු සහ තොර­තුරු ගවේ­ෂ­ණය සඳහා දරු­වන් ප්‍රථ­ම­යෙන්ම අන්ත­ර්ජාල භාවි­තය පටන් ගන්නා අතර ඉන්ප­සුව නොදැ­නීම දිගින් දිග­ටම නිරත වීමෙන් එයට ඇබ්බැහි වීම සිදු වේ. බොහෝ වැඩි­හි­ටි­යන් ළද­රු­වන්ට ක්‍රීඩා කිරීම පිණිස සිය ජංගම දුර­ක­ත­නය ලබා දෙන බව පැවසූ මනෝ වෛද්‍ය විශේ­ෂඥ අපේක්ෂා හේවා­ගී­ගන, දරු­වන් මෙලො­වට බිහි වන්නේ අන්ත­ර්ජා­ලය සමඟ ක්‍රීඩා කිරී­මට නොව අනෙක් ළමයි සමඟ දුව පැන සාමූ­හි­කව ක්‍රීඩා කිරී­මට බව අව­ධා­ර­ණය කළාය.

නව යොවුන් වියට එළ­ඹෙන විට මෙම දරු­වන්ට අන්ත­ර්ජා­ලය අත්‍ය­වශ්‍ය දෙයක් බවට පත් වේ. අධ්‍යා­ප­නය හා තොර­තුරු ගවේ­ෂ­ණය පසෙ­කලා විවේ­කය ගත කිරී­ම­ටත් ජීවි­තයේ ගැට­ලු­ව­ලට විස­ඳුම් සෙවී­ම­ටත් යම් යම් දේ මිල දී ගැනී­ම­ටත් ඔවුහු නැඹුරු වන්නේ අන්ත­ර්ජා­ල­ය­ටය. කෙටි­යෙන්ම කිව­හොත් පාරක් සොයා­ගැ­නී­මට, ප්‍රශ්න­ව­ලට පිළි­තුරු සොයා ගැනී­මට පවා ඔවුන් ක්ෂණි­කව අත තබන්නේ අන්තර් ජාල­ය­ටය.

වර්ත­මා­නයේ විනෝද චාරි­කා­ව­කදී වුවද ගීත ගය­මින් අවට සිරි නර­ඹ­මින් විනෝද වන්නේ මැදි­වියේ අය මිස යෞව­න­යන් නොවේ. නව යොවුන් දරුවෝ ස්මාට් දුර­ක­ත­නය ඔස්සේ අන්ත­ර්ජා­ලයේ සැරි­ස­රති. ඔවුන්ගේ සුන්දර ලෝකය තිබෙන්නේ අන්ත­ර්ජා­ලය තුළ ය. ආහාර ගැනී­මේ­දීත් නින්දට යෑමේ­දීත් අන්ත­ර්ල­ජා­ලයේ සැරි­ස­රන දරුවන් ඊට ඇබ්බැහි වන්නේ ඔවුන් නොදැ­නී­මය. එම ඇබ්බැහි වීම නිසා ම මාන­සික පීඩ­නය, හිංස­නය, නින්ද ‍නැතිකම ඇති වී මාන­සික විශා­දය දක්වාම වර්ධ­නය වන බව මෙහිදී ඈ පෙන්වා දුන්නාය. අන්ත­ර්ජා­ලය නිසාම මාන­සික පීඩ­න­යට ලක්වන ඔවුහු අන්ත­ර්ජා­ලය අහිමි වීමෙන් ද දැඩි ලෙස මාන­සික පීඩා­වට, ව්‍යාකූ­ල­ත්ව­යට පත්වෙති.

අද යොවුන් වියේ පසු­වන දරු­වන් මුහු­ණු­පො­තට වැඩි කැමැ­ත්තක් නැත. ඔවුන්ගේ වැඩි කැමැත්ත තිබෙන්නේ ඉන්ස්ට­ර්ග්‍රෑම් සහ ට්විටර් ගිණු­ම්ව­ලට බව ද අනා­ව­ර­ණය වී ඇත.

“මේ ප්‍රශ්න­යට ගොඩාක්ම හේතු වී තිබෙන්නේ අද වැඩි­හි­ටි­යන්ට අන්ත­ර්ජා­ලය පරි­හ­ර­ණය ගැන, ස්මාට් දුර­ක­තන භාවි­තය ගැන අව­බෝ­ධ­යක් නැති­කම. වැඩි­හි­ටි­යන් ඔවුන්ගේ පරි­ග­ණක, ස්මාට් දුර­ක­තන සකස් කර දෙන්න කියලා භාර දෙන්නේ දරු­වන්ට. අඩු වශ­යෙන් අම්මලා තාත්ත­ලාට තමුන්ගේ දරු­වන්ගේ මුහු­ණු­පොතේ ට්විටර් ගිණුමේ සාමා­ජි­ක­යෙකු වෙන්න පුළු­වන් නම් ඔවුන් මොන­වාද කියන්නේ කරන්නේ කියලා අව­බෝ­ධ­යක් ලබා ගන්න පුළු­වන්”. යනු­වෙන් පැව­සුවේ මනෝ වෛද්‍ය විශේ­ෂඥ අපේක්ෂා හේවා­ගී­ග­නය.

සිය දරු­වන්ගේ අධ්‍යා­ප­නයේ මූලික අඩි­තා­ලම දමන්නේ දෙම­වු­පි­යන්ය. අ, ආ, ඇ, ඈ කියා දෙන්නේ ‍මවුපි­යන්ය. දරු­වන්ට බයි­සි­කල් පදි­න්නට කියා දෙන්නේ පියා ය. මැහුම්- ගෙතුම්, ඉවුම් – පිහුම් කියා දෙන‍්නේ මවය. නොවැටී ගස් නඟින්න, වහ­ල­යට නඟින්න පුරුදු කරන්නේ පියාය. එහෙත් අමා­රුවේ නොවැටී අන්ත­ර්ජා­ලය පරි­හ­ර­ණය කිරී­මට උප­දෙස් දීමට කෙනකු නැත . අන්ත­ර්ජා­ලය නිසා යොවුන් දරු­වන් මාන­සික රෝගීන් බවට පත්වන්නේ එබැ­විනි. ආසි­යාවේ අන්ත­ර්ජාල ඇබ්බැහි වීමේ ව්‍යාප්තිය සලකා බැලී­මේ­දී‍ ­චී­නයේ 10.2%ක් වශ­යෙන් ද දකුණු කොරි­යාවේ 20.7%ක් වශ­යෙන්ද ජපා­නයේ 9.2%ක් වශ­යෙන් ද දැක්විය හැකිය.

නව යොවුන් අව­ධිය ලෙස සැල­කෙන්නේ වයස අවු­රුදු 10-19ත් අතර කාල පරා­ස­යයි. වයස අවු­රදු 6 සිට 9 දක්වා අව­ධිය ළමා කාල­යට අයත් වන අතර වයස අවු­රුදු 15-24ත් අතර කාලය තරුණ අව­ධිය හෙවත් යොවුන් අව­ධිය ලෙස සැලකේ. මේ අනුව නව යොවුන් අව­ධිය යනු ළමා කාල­යත් තරුණ (යොවුන්) කාල­යත් අතර පව­තින සංක්‍රා­න්තික අව­ධි­යක් ලෙස සැල­කිය හැකිය. මෙම නව යොවුන් අව­ධි­යේදී සිදු­වන හෝමෝන ක්‍රියා­කා­රි­ත්වය නිසා කායික සහ මාන­සික වශ­යෙන් වෙන­ස්කම් සිදු වේ. ඉක්ම­නින්ම හැම­දෙ­යක්ම ග්‍රහ­ණය කර ගැනී­මට පෙල­ඹෙන නව යෞව­නයෝ, දඩ­බ්බර, කල­බ­ල­කාරි ස්වරූ­ප­යක් උසු­ලති. දෙම­වු­පි­යන්ට වැඩි­හි­ටි­යන්ට වඩා මිතුරු ඇසු­රට ප්‍රිය කරති. විරුද්ධ ලිංගි­ක­යන් කෙරෙහි ආක­ර්ෂ­ණය ඇති වේ.

“නව යොවුන් වියට පිවි­සෙන දරු­වන් තුළ මෙවැනි ලක්ෂණ ඇති වීමට බල­පාන්නේ ඔවුන්ගේ ශරීර තුළ සිදු වන හෝමෝන ක්‍රියා­කා­රි­ත්වය. මේ වයසේ දරු­වන්ගේ මොළයේ පිටු­පස ඇති ආවේග පිළි­බඳ මධ්‍ය­ස්ථා­නය වයස අවු­රුදු 15 වන විට හොඳින් වර්ධ­නය වෙනවා. ඒත් මොළයේ ඉදි­රි­පස ඇති තීරණ ගැනීම පිළි­බඳ මධ්‍ය­ස්ථා­නය ඔවුන්ගේ වර්ධ­නය වෙමින් තිබෙන්නේ. ඒ නිසා ඔවුන් අව­දා­නම ගැන හිතන්නේ නැහැ. යොවුන් වියේ­දීත් මොළයේ පිටු­පස සිට ඉදි­රි­පස දක්වා සෛල­වල මය­ලීන් තැන්පත් වීම සිදු වෙනවා. මොළය සම්පූ­ර්ණ­යෙන්ම වර්ධ­නය වෙන්නේ වයස අවු­රුදු 25දී. ඒ නිසා නව යොවුන් දරු­වන්ට හැඟීම් පාල­නය කර­ගන්න අමා­රුයි. අපි ඔවුන්ගේ සැබෑ තත්ත්වය ජීව විද්‍යා­ත්ම­කව හඳු­නා­ගෙන ඔවුන් ගැන පැහැ­දිලි අව‍බෝ­ධ­යක් ලබා ගත යුතුයි.” යනු­වෙන් පැහැ­දිලි කළේ ප්‍රජා සෞඛ්‍ය විශේ­ෂඥ චිර­න්තිකා විතා­නය.

නව යොවුන් වියේ පසු­වන දරු­වන් මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි සඳහා යොමු වන්නේද මෙම තත්ත්වය නිසාය. මෙම දරුවෝ අත්හදා බැලීම් සඳහා පෙල­ඹෙති. ඒ නිසාම ඇතැම් විට ඔවුහු ලිංගික අත්දැ­කීම් ලබා­ගැ­නී­මට පවා ප්‍රිය කරති. යොවුන් වියේ ගැබ් ගැනීම් සහ අනා­ර­ක්ෂිත ගබ්සා­වන් මෙම දරු­වන් අතර දක්නට ලැබෙන්නේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. මෙහි ඇති තවත් භයා­නක තත්ත්ව­යක් වන්නේ නව යෞව­න­යන් එච්.අයි.වී. වැනි සමා­ජ­රෝ­ග­ව­ලට පවා ගොදුරු වීමය. යොවුන් වියේ ගැබ් ගැනීම්, අනා­ර­ක්ෂිත ගබ්සා­වන් ඇතුළු ලිංගික හා ප්‍රජ­නන සෞඛ්‍ය ගැට­ලු­ව­ලට ඔ‍බේ යොවුන් දරු­දැ­රි­යන් භාජ­නය විය හැකි බව වැඩි­හි­ටි­යන් අව­බෝධ කර ගැනීම ඉතා වැද­ගත්ය.

“අද දෙම­වු­පි­යන් හිතන්නේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය ගැන විත­රයි. ළම­යින්ට සෙල්ලම් කරන්න අව­ස්ථා­වක් දෙන්නේ නැහැ. ගෙදර අය එක්ක කතා කරන්න වෙලා­වක් නැහැ. ඉස්කෝලේ යනවා, ටියු­ෂන් යනවා තමයි. දෙම­වු­පි­යන් දරු­වන්ට දෙන මෙම පීඩ­නය නිසාම අද දරු­වන්ගේ 48% කට පමණ මාන­සික ආත­තිය. දරු­වන්ට අභි­යෝ­ග­යක් දිය යුත්තේ ඔවුන්ගේ දක්ෂතා අනුව. පන්තියේ අන්ති­මයා වෙන ළම­යාව පළ­මු­වැ­නියා කරන්න කියලා ළම­යාට ලොකු බරක් පට­වන එක වැර­දියි. ඒ දරු­වාගේ දක්ෂතා හඳු­නා­ගෙන ඒ අංශ­යෙන් යැවීම ඉතා­මත් වැද­ගත්. අද දෙම­වු­පි­යන් දරු­වන්ගේ සෞඛ්‍යය ගැන­වත් හිතන්නේ නැහැ. ක්ෂණික ආහාර, කෙටි­කෑම මොනවා හරි දිලා බඩ පුර­වලා ටියු­ෂන් යවන්න තමයි බලන්නේ. දෙම­වු­පි­යන්ගේ මේ වැර­දි­ව­ලින් මොකද වෙන්නේ.? දරු­වන්ට පාසල සහ නිවස කර­ද­ර­කාරි තැනක් වෙනවා. ඒ වගේම දිය­වැ­ඩි­යාව, ස්ථුල­තාව, රක්ත හීන­තාව, අධි­රු­ධිර පීඩ­නය වැනි රෝග­ව­ලට යොවුන් දරු­වන් ගොදුරු වෙනවා. දරු­වන් රෝගීන් වෙනවා.

නව යොවුන් දරු­වන් කෙරෙහි වැඩි­හි­ටි­යන් මීට වඩා අව­ධා­න­යක් ‍යොමු කළ යුතුය. එය යහ­පත් සමා­ජ­යක් බිහි කිරී­ම­ටත් නිරෝගී පර­පු­රක් ඇති කිරී­ම­ටත් හේතු වනු ඇත. වෛද්‍ය අපේක්ෂා හේවා­ගී­ගන අව­ධා­ර­ණය කරන්නේ පවුල තුළ මාධ්‍ය සැල­සු­මක් ඇති කිරී­මෙන් නව යොවුන් දරු­වන් ගොදුරු වන උව­දු­රු­ව­ලින් ඔවුන් ගලවා ගත හැකි බවය. එනම් කෑම කන වේලා­වේදී රූප­වා­හි­නිය සහ ජංගම දුර­ක­ත­න­යට නිවාඩු දී පවු­ලක් වශ­යෙන් සාමා­ජි­ක­යන් සියලු දෙනා එකතු වී ආහාර ගැනීම ඉතා වැද­ගත් බවය. එයින් දරු­වන් සහ දෙම­වු­පි­යන් අතර සම්බ­න්ධතා ඇති වේ. ඔවුන්ගේ ප්‍රශ්න හඳුනා ගත හැකි වේ. ඔවුන්ට දෙම­වු­පි­යන්ගේ ආද­රය සහ රැක­ව­ර­ණය හිමි වන බවට විශ්වා­ස­යක් ඇති‍ වේ. නව තාක්ෂ­ණය සමඟ ඉදි­රි­යට යන යොවුන් දරු­දැ­රි­යන් යහ­පත් ආකා­ර­යට සමා­ජ­ගත කිරීමේ වග­කීම වැඩි­හි­ටි­යන් විසින් බුද්ධි­මත්ව තේරුම් ගැනීමේ කාලය දැන් එළැඹී තිබේ.

හර්ෂා සුග­ත­දාස – සිළුමිණ