Fitness Health Health Guide

උදේට ඇහැරෙන්න අමාරුද ? මෙන්න ඒකට විසඳුම්

මට නම් උදේට න්ගිටින එක මරන්න වගේ වැඩක්..රැට ඕන තරම් ඇහැරලා ඉන්න පුළුවන්, ඒත් උදේට නැගිටින එක තමයි අමාරුම වැඩේ…මේ වගේ කතා ඔබ ඕන තරම් අහල ඇති. ඒ වගේම ඔබත් මේ අතර ඉන්න පුළුවන්. සමහර වෙලාවට විනාඩි 05 න් 05ට එලාම් තිබ්බත් ආයෙත් අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා..ඒත් ඉතිං, අපිට එහෙම ඉඳල බැහැනේ.. කොච්චර වැඩ තියෙනවද ? වෙලාවට යන්නත් ඕන. ඒ නිසා මේ කියන්නේ අමාරුවක් නැතුව උදේට නැගිටින්න ක්‍රම කීපයක්

වේලාසන නිදාගන්න
අපිට දිනකට පැය 8ක පමණ නින්දක් අවශ්‍යයි. ඉතින් ගොඩක් රෑ වෙලා නිදා ගන්න ගියොත් ඒ ගුණාත්මක නින්ද අපිට නැතිවෙනවා. ඊට කළ හැකි පිළියම තමයි වේලාසන නිදා ගැනීම. ඉන් ඔබට දිනකට අවශ්‍ය නින්ද ලැබෙනවාට අමතරව උදේට නැගිටින්නත් ඔබේ ශරීරය පෙළඹෙනවා. පාසල් යන දරුවන්ට හා රාජකාරියට යන වැඩිහිටියන්ට මේ අත්හදාබැලීම කරන්න පුළුවන්. මධ්‍යම රාත්‍රීය වෙනතුරු රූපවාහිනිය බලනවා වෙනුවට රෑ 10ය වන විටවත් නින්දට යාමට සිතන්න.

ඔබට අවශ්‍ය ඇඳුම් හා දේවල් පෙර රාත්‍රියේ සූදානම් කරන්න
පෙර රාත්‍රියේම ඔබට අවශ්‍යවෙන ඇඳුම් හා දේවල් සකසා තියන්න. පසුදාට එය ලොකු පහසුවක් වෙනවා. එමඟින් දවස ආරම්භයේ ඔබට ඒ දේවල් වලට කාලය නාස්ති කිරීමට වෙන්නේ නෑ. ඔබ උදේට ව්‍යායාම කරනවා නම්, ව්‍යායාම කිරීමට ඔබ අඳින ඇඳුම පිටින්ම කැමතිනම් ඔබට නින්දට යන්න පුළුවන්.

හැකිනම් ජනෙල් තිර හා ආවරණයන් විවෘතව තියන්න
හොඳ අඳුරු කාමරයක ඔබට පහසුවෙන්ම නිදා ගන්න පුළුවන් නේද? ඔබේ කාමර ජනෙල් වල ඇති තිර හෝ ආවරණයන් නිසා හිමිදිරිය උදාවුණත් ඔබට එය නොතේරෙන්න පුළුවන්. මන්ද, එම ජනෙල් ආවරණ නිසා ඔබට එළිය වැටෙනවා නොපෙනෙන නිසා. මෙමඟින් ඔබේ ශරීරයේ රිද්මයට බාදා වී හිරු උදා වී ඇතත් ඔබ නිදා ගන්නවා. මීට විසඳුමක් වශයෙන් ඔබ කැමැති නම් ජනෙල් ආවරණ හෝ තිර විවෘත කර නින්දට යන්න පුළුවන්. මතකයේ තබා ගන්න, විදුලි පන්දමක් දල්වා නින්දට යන්න එපා. මන්ද, කුඩා හෝ අලෝකයක් ඔබේ නින්දට බාදා ගෙනදෙන බව පරීක්ෂණ වලින් සනාථ වී ඇති නිසා.

උදේ අවධිවීම පහසුකරන “ඇප්ස්” වර්ග
මෙවැනි ඇප්ස් වර්ග සිය ගණනක් ඔබට සොයා ගන්න පුළුවන්. මේ ඇප්ස් වලින් ඔබට උදේට අවධිවීමට අමතර පහසුවක් එක්කරනවා. එවැනි හොඳ ඇප්ස් 2ක් පහත දැන්වෙනවා.
1) “Sleep Cycle”
මේ ඇප් එක මඟින් රාත්‍රිය පුරාවට ඔබේ නින්දේ රටාව විශ්ලේෂණය කරනවා. ඔබ ගැඹුරු ලෙස නිදා නොගන්නා මොහොත එය හඳුනාගෙන ඔබව අවධිකරනවා. තවද, පැය භාහයක් පමණයි එය ඔබට ස්නූස් බොත්තම එබීමට ඉඩ සලසන්නේ. පැය භාගයෙන් පසුව ඔබට අනිවාර්‍යයෙන්ම අවධිවීමට සිදුවෙනවා.

2) “UHP Alarm Clock”
මේක විශේෂ ඇප් එකක්. මෙමඟින් ඔබව නිවසේ එක් විශේෂ තැකනට බලහත්කාරයෙන් සේ ගෙනියනවා. ඒ කියන්නේ ඔබේ නිවසේ ප්‍රධාන දොර නැතිනම් නාන කමරය වැනි තැන් වලට. ඔබ නිසි වේලාවට අවධි නොවී අදාළ නියමිත ස්ථානයට ගියේ නැතිනම්, ඒ බව ඔබේ මුහුණු පොතේ හෝ ට්වීටර් ගිණුමේ පලවෙනවා. එතකොට හැමෝම දන්නව ඔබ තාම නැගිටිලා නෑ කියලා.

 “ස්නූස්” බොත්තම මහහරින්න
මෙය ඔබ අභියෝගයක් ලෙස භාරගන්න. ඔබට අවධීවීමට අවශ්‍ය නිසි වේලාවටම එලාම් එක තියන්න. හැකිනම් ස්නූස් බොත්තම අක්‍රීයම කර දමන්න. ඉතින් ඔබේ එලාම් එක නිසි වේලාවට වැදුනු පසුව ඔබට අනිවාර්යෙන්ම නැගිටින්න සිදුවෙනවා.

උදේ අවදි වූ විගස ඔබේ ජංගම දුරකතනය අතට ගන්න එපා
බොහෝ දෙනෙක් පුරුද්දක් වශයෙන් නැගිට්ට ගමන් ජංගම දුරකතනය අතට ගෙන මුහුණු පොත, ට්වීටර් ගිණුම, හා ඉන්ස්ට්‍රග්‍රැම් වැනි දේ වල එල්ලී ඉන්නවා. මේ පුරුද්ද ඔබටත් ඇති නම් “Freedom” කියල ඇප් එකක් තියෙනවා. එම ඇප් එක ඔබ පරීක්ෂා කර බලන්න.

 අවදි වූ විගස සපුරාලීමට ඉලක්කයක් ඇතිකරගන්න
උදේ අවධි වූ විගස ඉටුකිරීමට යම් කාර්යක් පුරුද්දක් ලෙස ඇතිකරගන්න. ව්‍යායාම කිරීම, පොතක කොටසක් කියවීම, උදේ ආහාර සෑදීම උදාරහරණ ලෙස දක්වන්න පුළුවන්.