News

ඩෙල්ටා ටත් වඩා ප්‍රභල, මාරාන්තික කොරෝනා ප්‍රභේදයක් හමුවේ… ප්‍රවේසම් වන්න

‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජ්‍යයෙන් හඳුනාගත් මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 30ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටිනවා.

එක්සත් රාජධානියෙන්ද රෝගීන් 6 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන්දියාවේදී ද රෝගීන් වාර්තා වී තිබෙනවා.

පේරු රාජ්‍යයේ පසුගිය මැයි සහ ජුනි මාසවල වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් 82%ක් ලැම්ඩා ප්‍රභේදය වැළඳුනු අය බව වාර්තා වී තිබෙනවා..

මෙම ලැම්ඩා ප්‍රභේදය පවතින ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බවත් ඊට ද වඩා මාරාන්තික වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.