Food

නිතර පරිභෝජනය කරන කිරිවල ගුණ

ක්ෂීරපායී වන මිනිසා තම මුල් ම ආහාරය ලෙස ලබාගන්නේ මව් කිරි ය. ළදරු වියේ මව් කිරෙන් පෝෂණය වුවත් කල් ගතවත් ම මව් කිරි අත්හැරීමට සිදු වේ. මිනිසාගේ පෝෂණ අවශ්‍යතා සපුරාගැනීමට සඳහා එළකිරි, එළු කිරි හා මී කිරි වැනි ස්වභාවික කිරි වර්ග පරිභෝජනයට කරයි. ඒ නිසාවෙන් ම මිනිස් පරිභෝජනයට ගත හැකි කිරි වර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

එළ කිරි

නැවුම් එළකිරි ළමා වියේ සිට මහලු විය දක්වා සුදුසු පෝෂණීය පානයකි.
■ අකලට සිරුර දිරාපත්වීම වළක්වයි.
■ සිරුරට ජීවි බව ඇති කර දීර්ඝායුෂ ලබාදේ.
■ බුද්ධිය, ස්මෘතිය හා ඥාණ ශක්තිය දියුණු කරයි.
■ සම පැහැපත් කරයි.
■ සිරුරේ දුබල බව හා විඩාව නැති කර ශරීර බලය වඩවයි.
■ පිපාසය, මුත්‍ර දාහය හා සිරුරේ දාහය නැති කරයි.
■ සිරුර ශක්තිමත් කරයි.
■ නැවුම් එළ කිරි පානයේ දී ඇතැම් අයෙකුට සෙම බලවත්වීම සිදුවිය හැකිය.

එළ කිරිවල සෙම තත්ත්වය වළක්වාගැනීමට එළ කිරි උණු කිරීමේ දී,
▲ අමු ඉඟුරු පෙති 2-3ක් හෝ
▲ කරාබු නැටි 2-3ක් හෝ
▲ කලාඳුරු අල 1-2ක් හෝ යෙදීම සුදුසු වේ.

සමාන්‍යයෙන් අප වැඩි වශයෙන් පරිභෝජනය කරන්නේ පිටි කිරි ය. නැවුම් එළකිරි පිටි කිරි බවට පත් කිරීමේ දී එහි අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ බොහොමයන් විනාශවී යයි. එනිසා නැවුම් එළ කිරි ම පරිභෝජනය කිරීමට උත්සාහ කරන්න. මේවා පස්ගෝරස ලෙස,
■ නැවුම් එළ කිරි
■ මිදුණු කිරි
■ මෝරු
■ ගිතෙල්
■ වෙඬරු හැඳින්වේ.

නැවුම් එළ කිරි
■ දොවාගත් එළ කිරි උණු කිරීමෙන් අනතුරුව උදෑසන පානය සඳහා ඉතා සුදුසු වේ.
■ සිරුර ප්‍රාණවත් කරයි.
■ පිපාසය නසයි.
■ වැඩෙන දරුවන් හට ඉතා ගුණදායකයි.
■ සෙම් බහුල අය මඳක් දවල් වී පානය කිරීම සුදුසු ය.

මුදවපු කිරි
■ එළ කිරි උණුකර මිදුණු කිරි ස්වල්පයක් මුහුන් කර දිනක් පමණ නිශ්චලව තැබීමෙන් කිරි මිදුණු තත්ත්වයට පත් වේ. අතුරුපස සඳහා ගත හැකි ඉතා රසවත් හා පෝෂ්‍යදායක ආහාරයකි.

මෝරු
■ යොදය ඉවත් කරන ලද මිදුණු කිරිවලින් තේ හැඳි 2කට
■ කුඩා වතුර කෝප්ප 4ක් සමග ගම්මිරිස් කුඩු, ලුණු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් කැලැත්තීමෙන් මෝරු සාදාගත හැකිය.
■ යොදය ඉවත් කරන ලද නිසා මෝරුවල තෙල් ප්‍රමාණය ඉතා අඩුය.
■ බඩේ දැවිල්ල සහිත රෝගීන් සඳහා ඉතා ගුණදායක රසවත් පානයකි.
■ ශක්තිය මෙන්ම බුද්ධිය ද වර්ධනය වේ. එබැවින් ළමයින්ගේ ආහාරයට එක් කිරීම වැදගත් වේ.
■ සමට ඉතා හිතකර ය. උදර දාහය, මල බද්ධය නැති කරයි.

ගිතෙල්
■ කිරි යොදය ඉවත් කරගෙන එක්තරා මාත්‍රාවකට සිඳීමෙන් ගිතෙල් සාදාගනී.
■ ගිතෙල් බෙහෙවින් ඖෂධ නිෂ්පාදනය සඳහා ගනු ලැබේ.
■ ගිතෙල්වල තෙල් ප්‍රමාණය ඉතා ඉහළ වුව ද ගුණය අතින් අධික ය.
■ ශක්තිය මෙන්ම බුද්ධිය ද වර්ධනය වේ. එබැවින් ළමයන්ගේ ආහාරයට එක් කිරීම ඉතා වැදගත් වේ.
■ සමට ඉතා හිතකර ය. උදර දාහය, මල බද්ධය නැති කරයි.

වෙඬරු
■ එළකිරිවල තෛල පදාර්ථයට ලුණු මිශ්‍ර කර ඝන තත්ත්වයේ වූ වෙඬරු සාදාගනිමු.
■ දරුවෝ ඉතා ප්‍රිය කරති. ඉතා ම ගුණදායක ය.

එළු කිරි

■ ළදරුවාට මව් කිරි වෙනුවට දිය හැකි හොඳ ම කිරි එළු කිරි ය.
■ දිරවීම පහසු ය.
■ සෙම රෝග වළක්වයි. ඇදුම, පීනස, සෙම් රෝග ඇති අයට විශේෂයෙන් ගුණදායක ය.
■ කුසගිනි වැඩි කරයි. මල කැටි කරයි. ශරීර ශක්තිය ඇති කරයි.
■ සිරුරේ දාහය නැති කරයි.
■ ශරීරය, දුර්වල, කෙට්ටු රෝගීන්ට ඉතා ම ගුණදායක ය.

මී කිරි

■ මී කිරි බහුලව ආහාරයට ගනු ලබන්නේ මුදවපු කිරි ලෙසට ය.
■ මුදවපු කිරි ඉහළ පෝෂණ ගුණයෙන් යුත් අතුරුපසකි.
■ මේද බහුලව අඩංගු නිසා බර ආහාරයකි. එබැවින් රාත්‍රී ආහාරය සඳහා එතරම් සුදුසු නොවේ.
■ මී කිරි ශරීර ශක්තිය ඇති කරයි.
■ වැල් මී, එනසාල්, තිප්පිලි, ඉඟුරු යන ඖෂධ සමග උණුකර නිවුණු පසු බීමට යෝග්‍ය වේ.

(පොත පත ඇසුරින්)

සටහන – දිශාන්ති වෙදගේ