Health Guide

මව්කිරි දුන්නම ඇඟ කැත වෙනවද

අම්ම කෙනෙක් වෙනවා කියන එක තමයි විවාහ වුණු හැම කාන්තාවකගේම පැතුම. හැබැයි ඉතින් කාලයක් තිස්සේ පෙරුම් පුරලා අම්ම කෙනෙක් වුණාට පස්සේ, සමහර අම්මලා බබාට මව්කිරි දෙන්න ටිකක් බය වෙනවා. මොකද ගොඩාක් අම්මලා හිතනවා මව්කිරි දෙනකොට ඇග කැත වෙනවා, වයසට යනවා කියලා. එහෙනං ඔන්න අහගන්න. මව්කිරි දුන්නා කියලා කිසිම අම්මා කෙනෙක්ගේ ඇග කැත වෙන්නේවත්, වයසට වඩා වැඩි පෙනුමක් එන්නෙවත් නැහැ.

බර අඩු වෙනවා

ගර්භනී කාලයේදී අම්මලා පෝෂණයෙන් අනූන, අධික මේද සහ ශක්ති ජනක ආහාර ගන්නවා. අන්න ඒ නිසා ඒ කාලෙදි අම්මලා ටිකක් මහත් වෙනවා. හැබැයි ඉතිං මව්කිරි දෙන අම්මා කෙනෙකුට නම් මේ තත්වයෙන් ලෙහෙසියෙන් මිදිලා ආයිත් පරණ ගාණටම ඇග හදාගන්න පුළුවන්. මොකද ඔබේ ඇගේ තියෙන මේද සහ ශක්ති ජනක තමයි මව්කිරි වලට එකතුවෙන්නේ.

පිළිකා නැති කරනවා

අද වෙද්දී ගොඩාක් කාන්තාවන් පියයුරු පිළිකා වගේම ඩිම්භ කෝෂයේ පිළිකා වගේ දරුණු රෝගී තත්වයන්ට පහසුවෙන්ම ගොදුරු වෙනවා. හැබැයි නවතම පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා මව්කිරි දෙන අම්මලට පිළිකා සැදීමේ අවධානම සැහෙන්න අඩුවෙනවා කියලා.

සිරුර නැවතත් පෙර පරිදිම

ගර්භනී කාලයේදී අම්මාගේ ගර්භාෂය ස්වාභාවිකවම ඇදීමකට ලක්වෙනවා. ඒ වගේම තමයි දරු ප්‍රසුතියේදී ප්‍රසව රුධිර වහනයත් විශාල වශයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මව්කිරි දෙන කොට අම්මා කෙනෙකුගේ ඇග ඇතුලේ නිපදවෙන නිපදවෙන ඔක්සිටෝසින් හෝමෝනය මගින් ගර්භාෂය නැවත කලින් තිබුණ තත්වයටම හැකිලෙන්න වගේම ප්‍රසව රුධිර වහනය කිරීමත් අඩු කරනවා.

මුදල් ඉතුරුයි

මුල් කාලයේදීම පිටිකිරි, කිරි බෝතල් සහ වෙනත් උපකරණ මිලදී ගන්න ඕනේ නැති සාක්කුවට වාසියි.

කාලයත් ඉතුරුයි

බබා ඉපදිලා පළවෙනි මාස 6 දි මව්කිරි දෙන එකෙන් අම්මට ලොකූ කාලයක් ඉතුරු වෙනවා. පිටිකිරි සෑදීමට, කිරි බෝතල් සහ අනෙකුත් උපකරණ පිරිසිඳු කරන්න යන කාලය ඉතුරු වෙන නිසා ඒ වෙලාවෙත් බබා එක්ක ගත කරන්න අම්මට පුළුවන්.

දැන් තේරෙනවද? මෙච්චර දවසක් ඔබ මව්කිරි දෙන්න බය වෙලා තියෙන්නේ බොරුවට කියලා. ඇත්තටම මව්කිරි දෙන එකෙන් අම්මට වගේම බබාටත් වාසියක් මිසක් අවාසියක් නං වෙන්නේ නැහැ.