Health Guide

ගර්භණී මවකට නින්ද ගැන උපදෙස්

ගර්භණී සමයේ නිදා ගැනීම ඇතැම් අවස්තාවල අසීරුයි. ඒ වුනත් මේ කාළයේදී හොඳ නින්දක් අවශ්‍යයි. මේ කාළයේ ශරීරයේ ඇති වන වෙනස කම් සමග තමයි නිදා ගැනීමේ අපහසුතා ඇති වන්නේ. මුල් කාලයේදී නම් නිදා ගැනීම අපහසු නෑ වගේම නිතර නිදි මත ඇති වෙනවා. මේ නිසා පහසු කළලයට හානියක් සිදු නොවන ඉරියව්වකින් නිදා ගන්න.

එහෙත් ගැබ ටිකක් වැඩෙන විට කුසේ විශාලත්වයත් එක්ක නිදා ගැනීම ටිකක් අමාරුයි.

මාස 3 ත් 6 ත් අතර කාලය

මේ කළයේ දී නිදා ගත යුත්තේ වම් ඇළයට හැරිලයි. වම් ඇලයට හැරිලා නිදා ගැනීමෙන් කළලයට ගමන් කරන රුධීර ප්‍රමාණය වැඩියි. උඩු අතට හැරි නිදා ගැනීමෙන් මෙලෙස කළලයට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. දකුණු ඇලයට නිදා ගැනීමෙන් කළලය අපහසුතායට පත් වෙන්න පුළුවන්. මේ නිසා හැකි තරම් වම් ඇලයට හැරී නිදා ගන්න උත්සහ කරන්න.

අවසන් මාස කිහිපය

දැන් ගර්භණී සමයේ අවසන් කාළ සීමාව හේතුවෙන් නිදා ගැනීම අතිශය අසිරුයි. ශරීරයේ ඇති වන විවිධ අපහසුතා නිසා තමයි මේ නිදා ගැනීමේ අපහසුව ඇති වෙන්නේ. එහෙත් මේ කාළයේ නින්ද අතිශ්‍යම වැදගත්. මේ වන විට ගර්භණී මව්වරුන් සඳහාම නිපදවූ මෙට්ට වෙළඳපලේ තියෙනවා. එවැන් මෙට්ටයක් නිදා ගැනීම සඳහා යොදා ගන්න පුළූවන්. ඒ වගේම තමන්ට පහසු ඉරියව්වකින් නිදා ගන්න උත්සහ කරන්න. විශේෂයෙන්ම වම් ඇලයට නිදා ගැනීම තමයි වැදලත්. එය දරුවාට පහසුවක්. කකුල් අතරට කොට්ටයක් තියාගෙන නිදා ගත්තොත් කකුල් වල වේදනාවන්ට පහසුවක් වේවී.