Food Health Guide

කොලෙස්ටරෝල් වලට සදහටම සමුදෙන වට්ටක්කා පානය සකස් කර ගන්නේ මෙහෙමයි

අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම කියන්නේ දැන් ගොඩක් දෙනාට තියෙන රෝග තත්ත්වයන් . අහිතකර ආහාර රටා සහ ශාරීරික වශයෙන් ක්‍රියාශිලී නොවීම මේ රෝග සඳහා ප්‍රධාන වශයෙන් මුල් වනවා. අපේ දිව පුරුදු වෙලා තියෙන්නේ අධික සීනි සහිත කෑම බීම, අධික තෙල් සහිත ඒවා, ආදියට. ඒ නිසා අපි ඉක්මනින් ලෙඩුන් බවට පත් වෙනවා.

ඔබ නොදැනුවත්ව හෝ මෙවන් ආහාර අනුභව කරනවා නම් එය වහාම නවතා දමන්න. එයින් ඔබට ඇතිවන බොහෝ ලෙඩරෝග වලින් පහසුවෙන් ආරක්‍ෂා වන්න පුළුවන් වෙයි.

අධික කොලෙස්ටරෝල් මට්ටම නිසා ධමනි තුල තෙල් ස්වභාවයක් ඇති කර ධමනි සිර කර හදවත කරා සිදුවන රුධිර සංසරණය අවහිර කරනු ලබනවා. මේ හේතුව නිසා පපුවේ වේදනාව වැනි තත්ව වලින් ආරම්භ වී හදවතේ මාංශ පේශී වලට හානි සිදුවී හෘදයාබාධ වැනි භායනක තත්ව කරා ගමන් ගන්නවා.

ඔබත් අධික කොලෙස්ටරෝල් නිසා පීඩාවිදින අයෙක් නම් මේ වනවිටත් කොලෙස්ටරෝල් සඳහා ගතානුගතික සහ ගතානුගතික නොවන විවිධ ඖෂධ පිළිබඳ අසා තිබෙන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල ඔබ මේ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්නටත් ඇති. මේ කෙසේ වුවත් අද අපි ඔබට පවසන්නට සූදානම් වන්නේ අධික කොලෙස්ටරෝල් මට්ටම ඉතා කෙටි කලක් තුල සාර්ථකව අඩුකර දෙන ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක් පිළිබඳවයි.

කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම කෙරෙහි ස්වභාවික ක්‍රමයක් පිළිබඳ පර්යේෂණ කරමින් සිටි වෛද්‍යවරයෙකු විසින් මේ ස්වභාවික බෙහෙත් වට්ටෝරුව මින් පෙර සාර්ථකව අත්හදා බලා නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරුවක්.

අපි දැන් බලමු සියයට සියයක්ම ස්වභාවික වන මේ බෙහෙත් වට්ටෝරුව සකස් කරගන්නා අයුරු…

අවශ්‍ය වන ද්‍රව්‍ය :

වස විස නැති වට්ටක්කා පලුවක්

ජලය ස්වල්පයක්

ප්‍රථමයෙන් වට්ටක්කා පලුව ලෙලි ඉවත්කර කුඩා කැබලි වලට කපාගන්න. ඉන් ඔසුව කපාගත් වට්ටක්කා කැබලි සහ ජලය ඇඹරුම් යන්ත්‍රයකට එක්කර ස්මූති එකක් බවට පත්වන තුරු අඹරා ගන්න.

මේ ස්මූති පානයඋදෑසන ආහාර වේලට විනාඩි 20 කට පමණ පෙර පානය කරන්න.

මේ පානය මාසයක කාලයක් දිනපතා පානය කරන්න. ඔබට අත්වන ප්‍රතිඵල දැක ඔබම පුදුමයට පත්වේවි!

ඔබ මේ ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් රුධිර පර්යේෂණයක් සිදුකරන්න. මසකින් පසුවත් නැවතත් රුධිර පර්යේෂණයක් සිදුකරන්න. ඉන් පසුව මේ ප්‍රතිකාරයේ සාර්ථකත්වය ගැන මැන බැලීම සඳහා රුධිර පර්යේෂණ ප්‍රතිඵල දෙක සසඳා බලන්න.

වට්ටක්කා මගින් ධමනි තුල සිරවුණු තෙල් දියකර මුත්‍රා සමග පිට කරවන නිසා ලෙහෙසියෙන්ම අහිතකර වන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නට පුළුවන්.

– අන්තර්ජාලය ඇසුරෙනි