Health Guide

දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින ඔබට ශුක්‍රානු වල ජීව කාලය වැඩි කර ගන්න ක්‍රම

ඔබ දරුවෙකු පිළිබඳ බලාපොරොත්තුවක් සිතෙ හි දරා සිටිනවා නම් ශුක්‍රානුවක තිබෙන ජීව කාලය පිළිබඳ නිසි දැනුවත් භාවයක් ලැබීම ඉතාමත් වැදගත් වනවා. කාන්තාවකගේ ශරීරය තුලදී එක් ශුක්‍රානුවකට දින පහක් පමණ ජීවය රැකගන්නට පුළුවන් කම තිබෙනවා. ඒ වගේම, ඇතැම් පුද්ගලයින්ගේ සිතේ දැවෙන ප්‍රශ්නයක්ද වන්නේ ශුක්‍රානුවකට කාන්තා ශරීරයක පිටත කොපමණ කලක් ජීවත් විය හැකිද යන්නයි.

අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ආරක්‍ෂා වීමටයි මේ කරුණ පුද්ගලයින්ට වැදගත් වන්නේ. ඇත්ත වශයෙන්ම ශුක්‍රානුවක් කාන්තා ශරීරයකින් පිටත (බාහිර වස්තුවක් මත) කිසිම ජීවයක් පවතින්නේ නෑ. එයට හේතුව වන්නේ බාහිර පරිසරය විසින් ක්‍ෂණිකව ශුක්‍රානුවෙ හි ජීවය විනාශයට පත් කිරීමයි.

ශුක්‍රානුවෙ හි ජීවය වැඩි කලක් පැවතීමට විවිධ හේතු බලපානවා. උදාහරණයක් ලෙස ශුක්‍රානුවෙහි ගුණාත්මක බව සහ ශුක්‍රානුව පතිතව ඇති මතු පිටෙ හි උෂ්ණත්වය වැනි කරුණුයි.

ශුක්‍රානුවෙ හි ජීව කාලය වර්ධනය කර දරු සම්පතක් ලබාගැනීමට ස්වභාවික ක්‍රමවේද කිහිපයක්ම තිබෙනවා.

පුරුෂයෙක් තම ලිංගික සෞඛ්‍යය සහ තම ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන තරමටම ඔහුගේ ශුක්‍රානු වල ජීව කාලය රදා පවතිනවා. උදාහරණයක් ලෙස පෝෂණය සපිරි ආහාර වලට හුරු වීම, ඇල්කොහොල් සහ දුම් පානයෙන් වැළකීම වැනි කරුණු හඳුන්වා දෙන්නට පුළුවන්.

කාන්තාවකගේ ශරීරය තුල ශුක්‍රානුවක ජීව කාලය කොපමණද ?

“Trina Pagano”වෛද්‍යවරයා සහ ඕක්ලන්ඩ් සරසවියේ “Charles Linderman”වෛද්‍යවරයා කරුණු දක්වන ආකාරයට විවිධ හේතු මේ සඳහා බලපානවා.

පුරුෂයෙකු විසින් කාන්තාවකගේ යෝනිය තුලට ශුක්‍රානු මුදා හැරීමේ දී ශුක්‍රානු මිලියන සියයක් පමණ ඇතුළු වනවා. මේ කෙසේ වෙතත් මෙයින් ශුක්‍රානු කිහිපයක් පමණයි දිගු ආයු කාලයක් පවත්වා ගෙන කාන්තාවකගේ පැලෝපීය නාලය තුලට ගමන් කර ඩිම්බයක් සමග සංකෝචනය වන්නේ.

එක්තරා අධ්‍යයනය වාර්තාවක් “Clinical Investigation” සඟරාවේ පල කර තිබුණා. එම වාර්තාවට අනුව සඳහන් වන්නේ කාන්තාවකට ගර්භනී වන්නට ශුක්‍රානුවක ශක්තිය විවිධ ආකාර අනුව බලපාන බවයි.

එම කරුණු වලින් වැදගත්ම කරුණු කිහිපයක්.

කාන්තාවකගේ යෝනිය තුලට ගමන් කරන ශුක්‍රානුවකට ඩිම්බය ඇති නිවැරදි පැලෝපීය නාලය තෝරා ගන්නත් එම ඩිම්බය පෝෂණය කරන්නත් ශක්තිය අවශ්‍ය වීම.

පැලෝපීය නාලය තුලින් ඩිම්බයක් පැමිණෙන තුරු පැලෝපීය නාලයේ බිත්තිය මත රැදී සිටීමට ශුක්‍රානුවකට ශක්තිය අවශ්‍ය වීම.

කාන්තාවකගේ ඔසප් චක්‍රය සමයේදීත් ශුක්‍රානුවකට කාන්තාවගේ ශරීරය තුල දිවි ගෙවීමට හැකියාව තිබෙනවා. ඒ, අපි කලින් සඳහන් කල ආකාරයටම ශුක්‍රානුවකට දින පහක කාලයක් සජීවී තත්වයෙන් සිටිය හැකි නිසයි.

කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන ඇතැම් අවස්ථාවන් අනුව වෙනස් වන්නට පුළුවන්.“Rod Moser” වෛද්‍යවරයා පවසන ආකාරයට යෝනිය මගින් වහනය වන රුධිරය මගින් ගර්භනී භාවයට කිසිම භාදාවක් ඇතිවන්නේ නෑ. ඩිම්බනීහරණය (ඩිම්බ නිකුත් කිරීම) වන සමයේදී ලිංගිකව එක්වීම මගින් ගර්භනී වීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බවත් හොඳින් මතකයෙහි තබා ගන්න.

කාන්තාවකගේ ශරීරයෙන් පිටත ශුක්‍රානුවක ජීව කාලය කොපමණද ?

කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරය ශුක්‍රානුවකට ජීවය රැක ගැනීමට අවස්ථාව නොදුන්නත් ලිංගිකව එක් වීමකින් තොරව ඇතිවන ගැබ් ගැනීම් පිළිබඳව ඔබ මීට පෙර අසා තිබෙන්නට පුළුවන්.

ලිංගික සංසර්ගයකින් තොරව කාන්තාවක් ගර්භනී කිරීමට තරම් ප්‍රමාණවත් ජීවයක් කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරයේ දී ශුක්‍රානුවකට ජීවය රැක ගන්නට පුළුවන්. (මෙය සුළු වෙලාවක් පමණයි) එක්සත් රාජදානියේ ජාතික සෞඛ්‍යය සේවය වාර්තා කරන ආකාරයට මෙය සිදුවිය හැකි සිද්දියක්.

උදාහරණයක් ලෙස කාන්තාවක් පුරුෂයෙකු සමග ලිංගිකව එක් නොවී විවිධ ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීමේදී පුරුෂ ශුක්‍රානු තැවරුණු ඇඟිලි මගින් යෝනිය ස්පර්ශ කිරීමෙන් පවා එම කාන්තාව ගර්භනී වන්නට පුළුවන්.

කාන්තාවකට ගර්භනී වන්නට සෞඛ්‍යය සම්පන්න ශුක්‍රානු.

“ Mayo Clinic ” අනුව කාන්තාවකගේ ශරීරය තුල දිගු කලක් ජීවත් වන සෞඛ්‍යය සම්පන්න ශුක්‍රානුවක් මෙම ලක්‍ෂණ අනුව හඳුනා ගනු ලබනවා.

ප්‍රමාණය : කාන්තාවකට නිසි ලෙස ගර්භනී වීමට නම් ඩිම්බය පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ශුක්‍රානු සෛල වැඩි ප්‍රමාණයක් තිබීම අවශ්‍ය වනවා.

ක්‍රියාකාරීත්වය : කාන්තාවගේ පැලෝපීය නාලය ඔස්සේ දිගු දුරක් ශක්තිමත්ව දඟර දමමින් පිහිනීමේ හැකියාව ශුක්‍රානු සතු විය යුතු වනවා.

ව්‍යුහය : පැලෝපීය නාලය ඔස්සේ ගමන් කර ඩිම්බය පෝෂණය කල හැකි අණ්ඩාකාර හිසක් සහ දිගු වලිගයක් ශුක්‍රානුවක් සතු විය යුතු වනවා.

ඩිම්බනීහරණය වූ පසුව පැය 12 – 14 ත් අතර කාලයක් ඇතුලත ඩිම්බය පෝෂණය විය යුතු වනවා. එයින් අදහස් වන්නේ දරුසම්පතක් ලැබීමට නම් එම කාලය වෙද්දී පැලෝපීය නාලය තුල සවිමත් ශුක්‍රානුවක් තිබිය යුතු වීමයි.

කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇත්නම් ඩිම්බ නිකුත් වීමේ නිසියාකාරව සිදු නොවනවා.“ progesterone ” හෝමෝනය කාන්තාවකගේ ශරීරය තුල නිසි පරිදි තිබෙනවා නම් එම කාන්තාවට ලෙහෙසියෙන්ම ගර්භනී වන්නට පුළුවන්.

කාන්තාවකට ගර්භනී වන්නට නම් ශුක්‍රානු සෛල කොපමණ තිබිය යුතුද ?

ඇත්ත වශයෙන්ම මේ සඳහා එක් ශුක්‍රානු සෛලයක් පමණ තිබීම ප්‍රමාණවත් වනවා. ශුක්‍රානු සෛල වැඩිපුර තිබීම මගින් සිදු වන්නේ ගර්භනී භාවයට පත්වීමේ සම්භාවිතාව වැඩි වීමයි.

ශුක්‍රානුවක ජීව කාලය වර්ධනය කර ගන්නේ කෙසේද ?

ශුක්‍රානුවක ජීව කාලය ස්වභාවිකවම වර්ධනය කරගන්නට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ක්‍රම වේද කිහිපයක්.

සෞඛ්‍යය සම්පන්නව සිටින්න.

සමබල ආහාර වේලක් ලබාගෙන ක්‍රියාශීලී සහ සෞඛ්‍යය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම මගින් කායික සෞඛ්‍යය වර්ධනය වනවාට අමතරව පුරුෂ ශුක්‍රානු වල සෞඛ්‍යයත් වර්ධනය කරගන්නට පුළුවන්.

බ්‍රිතාන්‍ය සඟරාවක් වන “ Sports Medicine ” විසින් ක්‍රියාශීලී නොවීම සහ දුර්වල ශුක්‍රානු අතර ඇති සම්බන්ධය පිළිබඳ කරුණු දක්වා තිබෙනවා. මොවන් සොයාගෙන තිබෙන කරුණ වන්නේ දවසින් වැඩි කාලයක් එක ස්ථානයකට වී රූපවාහිනී ආදිය නරඹමින් ක්‍රියාශීලි නොවන පුද්ගලයින්ගේ ශුක්‍රානු ක්‍රියාශීලී පුද්ගලයින්ගේ ශුක්‍රානු වලට වඩා ශක්තිමත් නොවන බවයි.

“Human Reproduction” සඟරාවට අනුව ශුක්‍රානු වල වර්ධනය වැඩි කරවන ආහාර වර්ග ලෙස මත්ස්‍යයින්, කුකුල් මස්, පළතුරු, එළවළු, ධාන්‍ය සහ රනිල බෝග අහාරයට ගැනීම ඉතාමත් වැදගත් වනවා.

ඇල්කොහොල් අඩුවෙන් පානය කිරීම.

ශුක්‍රානු වල ජීව කාලය වර්ධනය කර ගන්නට සිදුකල හැකි තවත් ක්‍රියාවක් වන්නේ පිරිමි පුද්ගලයෙකු විසින් පානය කරනු ලබන ඇල්කොහොල් ප්‍රමාණය අඩු කිරීමයි. ඇල්කොහොල් පානය කරන ප්‍රමාණයට වඩා ඇල්කොහොල් පානය කරනු ලබන වාර ගණන ශුක්‍රානු දුර්වල කරනු ලබනවා.

සතියකට වාර දෙකක් හෝ තුනක් ඇල්කොහොල් පානය කරන පුද්ගලයින්ට වඩා සතියේ සෑම දිනකම ඇල්කොහොල් පානය කරන පුද්ගලයින්ගේ ශුක්‍රානු දුර්වල වන බව ඩෙන්මාර්කයේදී සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මගින් සොයාගෙන තිබෙනවා.

මානසික ආතතිය දුරලීම

මානසික ආතතිය දුරු කර ගැනීම මගිනුත් ශුක්‍රානු වල ගුණාත්මක භාවය වර්ධනය කර ගන්නට පුළුවන්. ශාරීරික ආතතිය මගින් සාමාන්‍ය ශරීරයට සෘණාත්මකව බලපාන අතර මානසික ආතතිය වැඩිවීම මගින් ශුක්‍රානු වල සෞඛ්‍යයට හානි සිදුවනවා.

“Columbia” සරසවිය විසින් සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මගින් කරුණු දක්වන ආකාරයට මානසික ආතතියක් ඇතිවීමේ දී ශරීරය විසින් නිපදවනු ලබන හෝමෝන මගින් ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන වල නිපදවීම අඩපන කර ශුක්‍රානු වල ගුණාත්මක භාවය අඩු කරනු ලබනවා.

මේ අධ්‍යයනය විසින් කරුණු දක්වන ආකාරයට වෘත්තීය වශයෙන් ඇතිවන මානසික ආතතියට වඩා ජීවිතයේ ඇතැම් සිදුවීම් නිසා ඇතිවන මානසික ආතතිය වඩාත් සෘණාත්මක ලෙස බලපානු ලබනවා.

දුම්පානයෙන් වළකින්න.

ශුක්‍රානු වල දුර්වලතාවය කෙරෙහි දුම්පානය කිරීමත් වඩාත් අහිතකර ලෙස බලපානවා.

මෙයට හේතුව වන්නේ දුම්පානය කිරීම මගින් ශුක්‍රානු සෛල මගින් ඩිම්බය පෝෂණය කිරීම දුර්වල කරවීමයි. ඩිම්බය පෝෂණය වුවත් මෙවන් තත්වයක දී ගර්භපාතය “miscarriage” වැනි තත්වයන් ඇතිවන්නට පුළුවන්.

ශුක්‍රානු වල සෞඛ්‍යය සම්පන්න බව වර්ධනය කර ගන්නට අතිරේකයන්…

ශුක්‍රානු වල සෞඛ්‍යය වර්ධනය කරන විවිධ අතිරේක ඖෂධයන් තිබෙනවා. උදාහරණයක් ලෙස ෆෝලික් අම්ලය සහ සින්ක් වැනි සංයෝගයන් අඩංගු වන අතිරේකයන් විසින් ශුක්‍රානු ප්‍රමාණය වර්දනය කරනු ලබනවා.

75% පමණ ප්‍රතිශතයක් එවන් ඖෂධ ලබාගෙන තම දරුඵල අවශ්‍යතාවය සංසිදුවා ගෙන ඇති බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙවන් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න.

ශුක්‍රානුවල වර්ධනය කරගන්නට වෙනත් ක්‍රම

ශුක්‍රානු වල ගුණාත්මක භාවය සහ ජීව කාලය වර්ධනය කර ගන්නට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන වෙනත් ක්‍රම කිහිපයක් දැන් අපි ඔබට පවසන්නම්.

කෘමිනාශක ද්‍රව්‍ය සහ විෂ සහිත සංඝටක වලින් හැකිතාක් ඉවත් වන්න.

තදින් වැඩි යට ඇඳුම් පැළදීමෙන් වළකින්න.

හුමාල ස්නානය කරන “saunas” කුටි තුල සහ “hot tubs” වල ගිලි ස්නානය කිරීමේ කාලය සීමා කරන්න.

ශුක්‍රානු විශ්ලේෂණයක් මගින් ශුක්‍රානු වල ගුණාත්මක භාවය පිළිබඳව දැනගත හැකි කරුණු

පිරිමි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් තමන්ගේ ශුක්‍රානු වල ගුණාත්මක භාවය පිළිබඳ පර්යේෂණයක් සිදුකිරීමට කැමැත්තක් දක්වනවා. එවන් පර්යේෂණයක් මගින් ගැබ් ගැනීමේදී ඇතිවන ඇතැම් ගැටළු වලට සාර්ථක විසඳුම් සෙවීමට පුළුවන්.

ශුක්‍රානු විශ්ලේෂණයක් මගින් මෙවන් කරුණු දැනගන්නට පුළුවන්.

ශුක්‍රානු වල ධාරිතාව

ශුක්‍රානු මිලි මීටරයක ඇති ශුක්‍ර සෛල ප්‍රමාණය

ශුක්‍රානු පිටකිරීමෙන් පසුව දියරමය ස්වභාවයක් ගනු ලබන උපරිම කාලය

ශුක්‍රානු වල ව්‍යූහය

ශුක්‍රානු වල ක්‍රියාකාරීත්වය

ශුක්‍රානු වල pH අගය

සුදු රුධිර සෛල ප්‍රමාණය (ශුක්‍රානුවක සුදු රුධිර සෛල තිබෙන්නට පුළුවන්)

“Fructose” මට්ටම (මෙමගින් ශුක්‍රානු සඳහා ශක්තිය සැපයෙනවා)