Health

මහා ඖෂධ ගුණ පිරි පිටවක්කා

පිටවක්ක කිව්වම අහල පුරුදු ඒත් හුගදෙනෙක් අදුරන්නේ නැති ඖෂධ පැලෑටියක්. නමුත් අපේ මිදුලේ දක්නට තිබෙන අපි වල් පැලෑටියක් යැයි සිතා විනාශ කරන නමුත් අපිට නීරෝගීව ඉන්න ස්ව්භාවධර්මය විසින් දායාදකල වටිනා ඖෂධයක්.

පිටවක්ක ශාකය නෙල්ලි කොලේට සමාන කොලයක් ඇති 40 cm, 60 cm පමණ උසට වැඩෙන ශාකයකි. මෙය වර්ග දෙකකින් සමන්විත වේ. රතුපාට දන්ඩ සහිත පිටවක්කා හා කොලපාට දන්ඩ සහිත එල පිටවක්කා යනුවෙන්. මෙහි කොලය පිටුපස පුංචි ගෙඩි වැලක් සේ දක්නට ලැබෙනවා. ඖෂධ ගුනය ඉතා ඉහල ශාකයකි. ලෙඩරෝග ගනනාවකට ප්‍රයෝජනවත් වන මෙම ශාකය ඉංග්‍රීසියෙන් Stone Breaker නමින් ද, අප ව්‍යවහාරයේ බිම් නෙල්ලි ලෙසින්ද හදුන්වනු ලබයි.

පිටවක්කා සුදුසු කුමන රෝගයන්ටද

සෙංගමාලයට (කහ උන)
දියවැඩියාව පාලනයට
දිලීර, වෛරස්, බැක්ටීරියා ආසාදන
වකුගඩුවල ගල් ඉවත්කිරීමට
ක්ශයරෝගය
පීනස
සෙම් රෝග
මලබද්දය
මුත්‍රා ආසාදනයන්
පනු රෝග වලට
ලේ පිරිසිදු කරීමට
අක්මාවටද ඉතාම ගුනයි

මෙමෙ ශාකය මුල් සමග ගලවා වේලා කුඩු කරගෙන තේ වෙනුවට පානයකල හැකි ඖෂධයකි. මෙහි රසය ඉරමුසු වගේ රසයක් ගනී.

මෙය පොල්කිරි නොදා සාදාගන්නා කොල කැද එකත් ඉතාමත් ගුනයෙන් ඉහලයි.

කවලම් පලා මැල්ලුමක් සාදනවනම් පිටවක්ක අනිවාර්ය කරගන්න.

ගමේ වැල් ගොටුකොළ මිටක්,පිටවක්කා, රතුලූනු හා ගම්මිරිස් ඇට දෙකක් දමා සාදාගන්නනා මැල්ලුම හෝ කැද පීනසයට ඉතාමත් ගුනයි.

තාමලක්‍යාදී කෂාය මෙම පිටවක්කා ශාකයෙන් පීනස් රෝගය සදහා සාදනු ලබයි.

මෙවැනි ශාක මුලින්ම හදුනා ගැනීමත් රැකගැනීමත් ඔබේත් සමාජයේත් වගකීමක්. මෙන්ම සියලුම දෙනාට නීරෝගීව සිටීමට පිටුවහලක් ද වනු ඇත.

– අන්තර්ජාලය ඇසුරෙන්