Relax

කාර්යබහුල දිවිය නිසා ඔබත් ආතතියෙන්ද? එසේ නම් වහාම ගසක් වැලඳගන්න,

වර්තමාන නවීන සමාජ වැසියා සෑම තත්ත්පරයක්ම ගත කරනු ලබන්නේ අධික වූ ආතතියක් හිත් දරාගෙන ය. මේ නිසාම වයස අවුරුදු 30 ලබන්නටත් පෙරම තරුණ තරුණියන්ගෙන් සියයට 40ක් පමණ වන පිරිසක් ආතතිය සඳහාත් විශාදය සඳහාත් ඖෂධ පාවිච්චි කරනු ලබන බව පැරිසියේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ සිසු මාධ්‍ය වෙබ් අඩෙවිය වූ peacock plume වාර්තා කර තිබේ. අධික කාර්ය බහුල භාවය හේතුවෙන් ඇතිවන ආතති සහ විශාද තත්ත්වයට හොඳම විසඳුම පරිසරය සමග වැඩි වශයෙන් ගනුදෙනු කිරීම බව මේ වනවිට මනෝ විද්‍යාඥයින් පවා පිළිගෙන තිබේ. ඔවුන් පවසන ආකාරයට මානව සිත් සුවපත් කළ හැකි සරලම ආකාරය වන්නේ tree huggin නොහොත් ගස් වැලඳගැනීමයි.
මීට වසර කීපයකට පෙර වියට්නාමයේ තිච් ඤතාන් ස්වාමින්වහන්සේ විසින් ද මෙවැනි ම ක්‍රියාකාරකමක් පිළිබඳව සිය Mindful Movements නම් කෘතියේ ද සඳහන් කර තිබේ. උන්වහන්සේ පවසන්නේ ගස් වැළඳගැනීමෙන් හිතේ ඇතිව තිබෙන සියලුම ආතතීන් සහ පීඩනයන් එක් ක්ෂණයකින් මුදාහැරිය හැකි බවයි. එපමණක් ද නොව මිනිසාගේ එක් වැලඳගැනීමකින් පමණක් ගස්වල ඇතිවන වෙනස්කම් පිළිබඳව ද උන්වහන්සේ මෙසේ සඳහන් කර තිබේ.

“ගහක් කියන්නේ හරියට මව සහ කළලය සම්බන්ධ වෙලා තියෙන පෙකණිවැල වගෙයි. කළලයක් පෝෂණය ලබන්නේ පෙකණිවැල නිසා. ජීවය පවත්වාගෙන යන්නේ පෙකණිවැල නිසා. ගසුත් එහෙමයි. මිනිසා ජීවය පවත්වාගෙන යන්නේ සහ පෝෂණය ලබන්නේ ගස් නිසා. මවක් තමන්ගේ කුසේ වැඩෙන දරුවා ආරක්ෂා කරන තරම් පරිස්සමින් මිනිස්සු ගස්වැල් ආරක්ෂා කරන්න ඕනෙ. ගසක් වැලඳගැනීමෙන් ගසකට ඇතිවන හැඟීම කොයි තරම් ද කියනවා නම් පල නොදරන ගස් පවා පල දරපු අවස්ථා තිබෙනවා. ඒ වගේම මිනිසාගේ ආතතීන් පිටකරන්නත් ගස් වැලඳගැනීම කදිම චිකිත්සාවක්.”

මතෙව් සිල්වෙස්ටන් නම් පරිසරවේදී ලේඛකයා විසින් රචනා කරනු ලැබූ Blinded by Science නම් වූ කෘතියේ ගස් වැලඳගැනීම පිළිබඳ විද්‍යාත්මකව තහවුරු වූ කරුණු රැසක් ඔහු විසින් අණාවරණය කර තිබේ. ්එ Attention Deficit Hyperactivity Disorder (ADHD)නමින් හඳුන්වන මනෝ රෝගී තත්ත්වය සඳහා සිදු කරනු ලබන චිකිත්සාවලින් මූලික චිකිත්සාව ලෙස සලකන්නේ ගස් වැලඳගැනීමේ චිකිත්සාවයි. ADHD යනු දරුවන් එක් එක් නියමිත වයස් සීමාවලදී සිදු කරනු ක්‍රියාකාරකම් ඒ ආකාරයෙන් සිදු කිරීමට නොහැකිවීමයි. උදාහරණ ලෙස වයස අවුරුදු 4ක් පමණ වන දරුවන් රෝද තුනක් සහිත බයිසිකලයක් පැදීමට දක්වන බිය, පංති කාමරය තුළ දී කොයි මොහොතේ හෝ තමන් අපහසුතාවට පත්වේ ය යන්න ඇතිවන බිය ආදිය පමණක් නොව වැඩිහිටියන් තුළ තමන් පිළිබඳ ව ඇතිවන අවතක්සේරුව ද මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණයන් ය.

මෙම තත්ත්වය සහිත දරුවන් විශේෂයෙන්ම කුඩා කාලයේ දී ගස්වැල් සමග වැඩිපුර ගැවසෙන්නට හැරීමෙන් ඔවුන් ADHD තත්ත්වයෙන් මුදවා ගත හැකි බව සිල්වෙස්ටන් පෙන්වා දී තිබේ. මේ සඳහා වඩාත් ම යෝග්‍ය වන්නේ ගස් වැලඳගැනීමේ චිකිත්සාවයි. ගස් වැලඳගැනීම යනු තමන්ට වඩා විශාල ගසක්, එනම් දෑත විහිදා බදාගත හැකි ආකාරයේ කඳක් සහිත ගසක් තෝරාගෙන දිනකට වැඩි වාර ගණනක් හිස ගසේ කඳට ස්පර්ශ වන ආකාරයට එම ගස තරයේ වැලඳගෙන දෑස පියාගෙන එක් වරකට විනාඩි 3ක් පමණ කාලයක් ගත කිරීමයි. මෙහිදී ගස සහ එය වැළඳගෙන සිටින පුද්ගලයා අතර සිදුවන මනෝමූලික ප්‍රතික්‍රියාවන් හේතුවෙන් එම පුදගලයාට මෙන්ම ගසට ද විශාල මානසික සහනයක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

එසේ ගසක් වැලඳගෙන සිටීමෙන් රුධිරයේ ඔක්සිටොසින් හෝමෝන මට්ටම ඉහළ යන බව මේ වනවිට පර්යේෂණාත්මකව සනාථ කර තිබේ. ඔක්සිටොසින් යනු මානසික වශයෙන් සන්සුන් බව, නිසල බව ඇති කරවීම සඳහා මූලික වන හෝමෝනයයි. මේ නිසා වැඩි වැඩියෙන් ගස් වැළඳගැනීම යනු වැඩි වැඩියෙන් සිත නිශ්චල කරගැනීම බව සිල්වෙස්ටර් සිය කෘතියේ සඳහන් කර තිබේ.

Awakened Empath නම් වූ කෘතිය රචනා කළ ඇලිතියා ලූනා නම් රචිකාව එහි එක් පරිච්ඡේදයක සඳහන් කර ඇත්තේ Go Forest Bathin නොහොත් ගස් පිරුණු වනාන්තරයක ඇවිද යාම සහ Talk to Trees නොහොත් ගස්වලට කතා කිරීම ද මනෝ රෝග රැසක් සඳහා චිකිත්සාවක් බවයි. ජපානයේ “Shinrin-yoku නමින් හඳුන්වන්නේ ද ගස් පිරුණු වනාන්තරයක ඇවිද යාමේ ක්‍රියාවයි. ජපානයේ ග්‍රාමීය සහ නාගරික වශයෙන් පවත්වාගෙන යනු ලබන විවිධ සමිතිවල මෙය අනිවාර්ය අංගයක් බවට පත් කර තිබේ. විවේක කාලවලදී ඇවිද යාම සඳහා නාගරිකව කුඩා ප්‍රමාණයේ වනාන්තර නිර්මාණය කරමින් පවතින බව ද එය ලෝකයට අලුත් අත්දැකීමක් වනු ඇති බව ද ලුනා පවසයි.
මේ වනවිට ජපානය, තායිලන්තය, ප්‍රංශය, වියට්නාමය, නෙදර්ලන්තය, හංගේරියාව, බෙල්ජියම වැනි රටවල පාසල් දරුවන්ගේ දිනපතා කාල සටහන්වල එරුැ යමටටසබට සඳහා කාලච්ඡේදයක් වෙන් කර තිබීම ම මෙහි වැදගත්කම පිළිබඳ ඉඟි සපයා දෙනු ලබයි.

http://peacockplume.fr/lifestyle/hugging-trees-good-your-health ඇසුරෙනි

සටහන – දුලංජලී මුතුවාඩිගේ