Food

අතිශය ගුණ ඇති උඳුපියලිය කොළ කැඳ

උඳුපියලිය කියන්නේ අපේ ගෙවත්ත අලංකාර කරන ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති බෙහෙත් පැළෑටියක්. මේ උඳුපියලිය වලින් වටිනා පෝෂ්‍යදායී කැඳ සකස්කළ හැකියි.
අපිට මෙම උඳුපියලිය කැඳ පානය කිරීම මඟින් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම්, කැල්සියම් හා විටමින් – B ආදී පෝෂණීය සංඝටක බොහෝමයක් ලබාගත හැකියි.
මෙම උඳුපියලිය කැඳ පානය කිරීම මඟින් ඔබේ ශරීරයට ඉතා විශාල ගුණ සම්භාරයක් ලැබේ.

• මෙය සිසිල් ගුණයෙන් යුක්ත නිසා අම්ල පිත්ත රෝගයට ඉතා හොඳයි.
• ඔබේ ශරීරයේ ඇතිවන දාහය නැති කරයි.
• උදර රෝගවලට ඉතාමත් සුදුසුයි.
• බඩේ දැවිල්ල, අජීර්ණ, බඩ බුරුලට යාම ආදියට විශේෂ ගුණ දෙන අතර මල බද්ධය නැති කරයි.
• රුධිරයේ සීනි මට්ටම අඩු කරයි.
• රක්ත ශෝධනය කරයි. ඒ නිසා සමේ රෝග නැති වේ.
• ඇඟ උණු කරවා යෑම, ඔසප් ශුලය අඩු ආදිය කරයි. බඩගින්න වඩවයි. ක්‍රිමි රෝග නැති කරයි. පිපාසය සංසිදුවාලයි.
• සම පැහැපත් කරයි, අක්ෂි රෝගවලට ගුණ දේ. මුඛ රෝග නැති කරයි.
• මෙය අගුණ වන අවස්ථා අඩුයි.