Beauty

Aging Skin ගැන දැනගන්න

සම වියපත්වීම පිළිබඳ බොහෝදෙනා අතර පොදුවේ ඇති මතය වන්නේ සාමාන්‍යයෙන් තරමක් වියපත් වූ පසු සම වියපත්වීම ආරම්භවන බවයි. එහෙත් ඇත්තෙන් ම අප වයස 25 ඉක්මවනවාත් සමග ම අපේ සම ද වියපත්වීම ආරම්භ වන අතර එමනිසා ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මයන් අප එතැන් සිට ම ආරම්භ කළ යුතුයි. ඇත්තෙන් ම සම වියපත්වීම පිළිබඳ නිවැරදි අදහසක් බොහෝදෙනෙකුට නොමැත. හැමදාම ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන් මෙවර කලාපය ඔස්සේ අප “සම වියපත්වීම සහ ඒ සඳහා සිදුකළ හැකි රූපලාවන්‍ය ප්‍රතිකර්මයන්” පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කළේ එබැවිනි.

මොකද්ද මේ Aging Skin කියන්නේ?

මෙහි දී සමෙහි Collagen Level සහ Elasticity Level ටිකෙන් ටික අපගේ සමෙන් ඉවත්වී යාම සිදුවන අතර සම මතුපිට Wrinkles මතුවීම සහ Dubble Chin ඇතිවීම ආදිය සිදුවන වේ. එමගින් වියපත්වීම පෙන්නුම් කරනු ලැබේ. සාමාන්‍යයෙන් අපේ සම වියපත්වීම ආරම්භවන්නේ වයස 25 පමණ සිටයි. මුල් කාලයේ දී අපට සමෙහි වියපත් බවක් පැහැදිලිව දක්නට නොලැබුණ ද මෙය ස්වාභාවිකව සිදුවන දෙයක් නිසා වයස 25න් පමණ පසු ආරම්භ වන අතර පැහැදිලිව ම පෙන්නුම් කරන්නේ වයස 30-40 වූ පසුවයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 පමණ වූ පසුව මෙ සඳහා වූ ප්‍රතිකාරයන්ට බොහෝදෙනා යොමු වුව ද මගේ උපදේශය වන්නේ සම වියපත්වීම සඳහා වූ ප්‍රතිකාරයන්ට යොමුවිය යුත්තේ එහි ආරම්භක අවධිය තුළ දී ම බවයි. එවිට එය වඩාත් සාර්ථක වේ.

මේ සඳහා සිදුකළ හැකි රූපලාවණ්‍ය ප්‍රතිකාර මොනවාද?

තාක්ෂණයේ දියුණුවත් සමග ම අද වන විට Collagen Tablets සහ විවිධ විටමින් වර්ග ප්‍රතිකර්මයන් ලෙස පහසුවෙන් ලබාගත හැකිය. එම Collagen සහිත ක්‍රීම් වර්ග මෙන් ම Tablets වර්ග භාවිත කිරීම ද මේ සඳහා සුදුසු බව සඳහන් කළ හැකියි. ඊට අමතරව සිදු කළ හැකි විවිධ Facial Treatments ද ඇත. ඕනෑ ම Facial Treatments එකක් සාමාන්‍යයෙන් සති තුනකට වරක්, එනම් මසකට වරක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වන අතර ඇතැම් විට Wrinkles බහුලව ඇති සමක් නම් එවන් සමකට මුල් කාලයේ දී සති දෙකෙන් දෙකට මෙම ප්‍රතිකාරයන් සිදුකිරීම වඩාත් උචිත වේ. එම ප්‍රතිකාරයන්ගෙන් පසුව මාසකට හෝ මාස දෙකකට වරක් ආදී වශයෙන් Facial Treatments සත්කාරයන් සිදුකරනු ලැබේ. තරුණ වයසේ දී (සාමාන්‍යයෙන් අවුරුදු 20න් පමණ පසු) වුව සාමාන්‍ය Clean Up සත්කාරයකට යොමුවීම යහපත් ය. එමගින් කුණු දුහුවිලි සමෙන් ඉවත්කර සම පිරිසිදු කිරීම සිදු වේ.

Facial Treatmentsවල දී බාහිර ආලේපනයකින් ඔබ්බට ගොස් තෙරපීම වැනි සම්බාහනයන් හරහා ප්‍රතිකාරයන් සිදුකෙරෙන අතර එය මුහුණේ ලේ ගමනාගමනය නිසි ආකාරව සිදුවීමට මෙන් ම අප සිදුකරනු ලබන ප්‍රතිකාරයන් හොඳින් සමට අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වන අතර නිවස තුළ දී සිදුකරන අමතර සත්කාරයක් ලෙස බාහිර ආලේපන වර්ගයක් භාවිත කළ හැකිය.

මීට අමතරව අප ආහාර ලබාගැනීමේ දී තෙල් බහුල ආහාර සහ පිටි ආහාර ලබාගැනීම අවම කරන්නේ නම් ඒ හරහා ද සමෙහි නිරෝගීභාවය ආරක්ෂාවීම කෙරෙහි ඍජු මෙන් ම ධනාත්මක බලපෑමක් ඇතිකළ හැකිය. එබැවින් ඔබේ ආහාරයට වැඩිපුර මැල්ලුම් ටිකක්, නැවුම් එළවළු ටිකක් එකතු කර ගැනීමට කටයුතු කරන්නේ නම් අගනේ ය. මෙහි දී සඳහන් කළ යුතු තවත් ඉතා වැදගත් ම කරුණක් වන්නේ ජලය වැඩිපුර පානය කිරීමයි. මෙම සාධකයන් වියදමක් රහිතව ම ඔබේ රුවගුණ වර්ධනය කරගැනීම සඳහා උපකාරී කරගත හැකි අතර ඒ හරහා ඉතා සාර්ථක ප්‍රතිඵල ද නිසැකව ම අත්කර ගත හැකිය.

Vindya Lugoda
[Serenity Salon (pvt) ltd.]

සටහන – පියුමිලා අරවින්දි