Beauty

තරුණ සම (Young Skin) රැකගන්නේ කෙසේද?

සම වියපත්වීම සහ ඒ සඳහා සිදුකළ හැකි රූපලාවණ්‍ය ප්‍රතිකාර්මයන් පිළිබඳ අපි පසුගිය කලාපයක දී ඔබ සමග සාකච්ඡා කළෙමු. අප මෙවර නිරෝගා කලාපය තුළින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ තරුණ සම (Young Skin) පිළිබඳවයි. සාමාන්‍යයෙන් අප තරුණ සම (Young Skin) ලෙස හදුන්වනු ලබන්නේ වයස අවුරුදු 18 සිට 25 දක්වා වූ නව යොවුන්වියේ සමයි. වයස අවුරුදු 25 සිට සම පරිණත බවට පත්වීම ආරම්භ වන බැවින් ඉන්පසු සමෙහි ගැටලුකාරී තත්ත්වයන්ට පිළියම් කිරීමට වඩා තරුණ සම හොඳින් රැකබලාගනිමින් නිරෝගිමත්ව පවත්වාගෙන යාම වැදගත් ය. යොවුන් වියට පත්වීමත් සමග ඇතිවන හෝර්මෝන වෙනස්වීම් හේතුවෙන් මෙම කාලය තුළදී කුරුළෑ ඇතිවීම ආදී ගැටලු රාශියක් උද්ගතවිය හැකි අතර ඉතා සරල පියවර කිහිපයක් පිළිපැදීම ඔස්සේ එම ගැටලුකාරී තත්තවයන් යම්තාක් මට්ටමක් දක්වා අවම කර ගත හැකිය.

සබන් වෙනුවට මුහුණේ සමට ගැළපෙන ෆේස් වොෂ් එකක් භාවිත කිරීම.

සාමාන්‍යයෙන් අප එදිනෙදා ජීවියේ දී මුහුණ පිරිසිදු කර ගැනීම සඳහා සබන් භාවිත කිරීමට පුරුදු වී සිටිය ද සබන් හරහා සම තවදුරටත් වියළි බවට පත්වීම විනා වෙනත් ප්‍රතිලාභයක් නොලැබෙන බව බොහෝදෙනා නොදන්නා කාරණාවකි. එබැවින් වයස අවුරුදු 17-18 සිට ම මුහුණේ සම පිරිසිදු කර ගැනීම සඳහා සබන් වෙනුවට ෆේස් වොෂ් එකක් භාවිත කිරීමට යොමුවන්නේ නම් එය ඉතා සුදුසු වන අතර හෝමෝන වෙනස්වීම සමග සමෙහි ඇතිවන වෙනස්කම් සඳහා එය කදිම පිළියමක් වනු ඇත. සාමාන්‍යයෙන් ෆේස් වොෂ් නිෂ්පාදනයන් සමට හිතකර ඡ්‍ය අගයක් සහිතව නිපදවා ඇත. එමෙන්ම ඔබ කුමන හෝ ෆේස් වොෂ් එකක් භාවිත කිරීමට වඩා සැමවිටම ඔබේ සමට වඩාත් ගැළපෙන ෆේස් වොෂ් නිෂ්පාදනයක් භාවිත කිරීම ද මෙහිදී වැදග් කරුණක් ලෙස පෙන්වා දිය හැකි අතර ඔබේ සමට නොගැළපෙන ෆේස් වොශ් නිෂ්පාදනයක් භාවිත කිරීම හරහා ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල ළඟාකර ගැනීමට නොහැකි වන්නා සේ ම ඉන් ඔබේ සමට ද යම් අයහපත් බලපෑමක් එල්ලවිය හැකිය. නිදසුන් ලෙස, මුහුණේ කුරුළෑ සහිත සමක් ඇති පුද්ගලයෙකු හට වෙළෙඳපොළේ Two in one (ස්ක්‍රබ් සහ ෆේස් වොෂ් දෙකම එකට තිබෙන නිෂ්පාදන) නොගැළපෙයි. එබැවින් සැමවිට ම ෆේස් වොෂ් එකක් තෝරාගැනීමේ දී ඔබේ සමට අනුව වඩාත් සුදුසු නිෂ්පාදනයක් තෝරාගැනීමට සැලකිලිමත් විය යුතු වේ.

ගැළපෙන ෆේස් පැක් එකක් භාවිත කිරීම.

නිතරම මුහුණ හොදින් සෝදා පිරිසිදුව තබාගැනීමට අමරතරව සමට හානියක් නොවන අයුරින් ෆේස් පැක් එකක් යොදාග හැකි අතර එහිදී ස්වාභාවික දෑ ඇසුරින් ඔබේ සමට සුදුසු ෆේස් පැක් එකක් යෙදිය හැකි නම් වඩා යහපත් ය. නිදර්ශන ලෙස කුරුළෑ ලප කැළැල් සහිත සමක් සඳහා “කහ සහ කොහොඹ කොළ” කොටා ෆේස් පැක් එකක් ලෙස භාවිත කළ හැකි අතර සාමාන්‍ය සමක් සඳහා “කෝමාරිකා” ෆේස් පැක් එකක් ලෙස ආලේප කළ හැකිය. ඇතැම් විට තුරුණු වියේ පසුවන ඔබට ඔබේ සම කුමන කාණ්ඩයකට අයත් වන්නේද යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් නොමැති විය හැකිය. එවැනි අවස්ාවක දී වෛද්‍යවරයෙකු හරහා හෝ රූපලාවණ්‍ය ශිල්පියෙකු හරහා උපදෙස් ලබාගත හැකිය.

බ්ලීචිං අඩංගු Fairness Cream වර්ග භාවිතයෙන් වැළකීම.

වර්මානය වන විට බොහෝදෙනා සම පැහැපත් කර ගැනීම පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර එම නිසාම ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින් යුතුව සමට අහිතකර බ්ලීචිං වැනි දෑ අන්තර්ගත ආලේපන වර්ග පවා භාවිත කිරීමට යොමු වී සිටියි. මෙම නුසුදුසු භාවිතයන් හරහා සමට විය හැකි අහිතකර බලපෑම සුළුපටු නොවන අතර එහි අහිතකර ප්‍රතිඵල ඇතැම් විට ආලේපනය ගල්වන අවස්ථාවේ දී හෝ පසුකාලීනව උද්ගත විය හැකිය. එබැවින් එවැන ආලේපන භාවියෙන් වැළකී සිටීම වඩාත් උචිත වන අර අවශ්‍යය ම නම් රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ මගපෙන්වීම ම සුදුසු සමෙහි තෙතමනය රැකදෙන ආලේපනයක් (Moistureizer Cream) භාවිත කළ හැකිය.

එදිනෙදා ජීවිතයේ දී සිදුකර ගත හැකි වෙනත් සරල ප්‍රතිකර්ම

සාමාන්‍යයෙන් යොවුන් වියේ පසුවන විට සිදුකරන එළිමහන් ක්‍රියාකාරකම් වැනි දෑ නිසා බහුල වශයෙන් හිරු එළියට නිරාවරණයවීමේ වැඩි අවකාශයක් පවතී. මෙවැනි අවස්ථාක දී සම හිරු එළියට පිළිස්සිය හැකි අතර යොවුන් වියේ දී තරුණ සම මත එම පිළිස්සුම් නිසා ඇතිවන බලපෑම පැහැදිලිව දක්නට නොලැබුණ ද සම පරිණත වීමත් සමග අනාගතයේ දී එහි බලපෑම එල්ල විය හැකියි. එබැවින් හිරු එළියට නිරාවරණයවීමට පෙර හොඳ ප්‍රමිතියක් සහිත (Sun Cream) එකක් භාවිත කරන්නේ නම් වඩාත් යෝග්‍ය ය. තව ද දෛනික පුරුද්දක් ලෙස වැඩිපුර ජලය පානය කිරීමට යොමුවිය හැකි නම් එය ද නිරෝගිමත් සමක් සඳහා නිසැකව ම උපකාරීවනු ඇත.

Vindya Lugoda
[Serenity Salon (pvt) ltd.]

සටහන – පියුමිලා අරවින්දි